ආටා පිටි සහ පාන් පිටි

ආටා පිටි සහ පාන් පිටි

ආටා පිටි සහ පාන් පිටි වල වෙනස මොක්ද්ද කියල කීප දෙනෙක්ට ගැටළුවක් තිබුනා …

හිතුනා ඒක ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල …..

ආටා පිටි සහ පාන පිටි කියන දෙකම එකම ඇටවර්ගයකින් ලබා ගන්න පිටි වර්ග දෙකක්.

එනම් තිරිඟු ඇටයෙන් ලබා ගන්නා පිටි.

එකම ඇටයෙන් ලබාගන්නේ නම්,

නම් දෙකකින්, වර්ණ දෙකකින්, රස දෙකකින් ලැබෙන්නෙ කොහොමද කියලා ප්‍රශ්ණයක් මතු වෙනව නේද ….

එක සිදුවන්නෙ මේ ආකාරයටයි..

තිරිඟු ඇටය කොටස් තුනකට

*කුරුට්ට

* අංකුර කොටස

* මැද කොටස

වශයෙන් වෙන් කල හැකි වනවා

ආටා ලෙස හඳුන් වන්නෙ තිරිඟු ඇටය සම්පූර්ණ යෙන් කොටා පිටි කල අවස්ථාවයි.

මෙම පිටි තනි සුදු පාටක් නෑ .

අව පැහැයෙන් යුක්තයි…

එමනිසා ආටා පිටි වල

තන්තු

විටමින් ඊ

විටමින් බී

ප්‍රතිඔක්සිකාරක

කාබෝහයිඩ්‍රේට්

ප්‍රෝටීන් සහ සෞඛ්‍යයට හිතකර දෑ පවතිනවා

පාන් පිටි යනු තිරිඟු ඇටයේ කුරුට්ට සහ අංකුර කොටස ඉවත් කර මැද කොටස පමණක් පිටි කළ අවස්ථා වයි.

පාන් පිටි වල අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් පමණයි.

කාබෝහයිඩ්‍රේට් වල අවසාන ප්‍රතිඵලය ග්ලූකෝස් බව අපි දන්නවනෙ ….

එම නිසා පිටි වරිග දෙකෙන්ම සිරුරට ග්ලූකෝස් එකතු වෙනවා

ප්‍රෝටීන් අඩංගු නිසා මේ පිටි වර්ග දෙකේම ග්ලූටන් අඩංගු වෙනවා ……

එහෙත් මේ කරුණු සැලකිල්ලට ගත් විට අත්‍යාවශ්‍ය ම අවස්ථා වකදී පමණක් පාන් පිටි බාවිත කර

අනෙක් අවස්ථවන් වලද ආටා පිටි යොදා ගැනීම තරමක් දුරට සුදුසු යයි හිතන්න පුළුවන් .

මන්ද ආටා පිටි වල ඇති තන්තු සහ අනෙකුත් විටමින් නිසා වෙනි…

එහෙත් අද වෙළඳ පොළේ ඇති ආටා පිටි වල ඇත්තේ හරිම ආටා පිටි ද පාන් පිටි වැඩි මිශ්‍ර වූ ඒවද යන්න සැක සහිත බැවින් මා තිරිඟු ඇට සෝදා වේලා ගෙන ඇඹරුම් හලකින් කොටා ගන්නෙමි

තිරිඟු ඇටයේ ව්‍යුහය මා රූසටහනක් මගින් පහත අමුණනවා සහ මම නිවසට ගෙනා තිරිඟු ඇට වල චායාරූපය කීපයක් ද එකතු කළෙමි

දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *