ඔබ ඔබට ආදරේද???

ඔබ ඔබට ආදරේද???

මම ප්‍රශ්ණයක් අහන්නම්..

ඔබ ඔබට ආදරේද???

ඔබ දෙන උත්තරේ ඔව් නම් ඔබ හරිම සුන්දර මනුස්සයෙක් ….

අපිට විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා…අපි යන්නේ හරි දිග ගමනක්නේ….ඒ අතරතුරේදි අපි කී දෙනෙක් එක්ක බැඳෙනවද…යාළු මිත්‍රකම් ඇති කර ගන්නවද..ඒවා බොහොම සාමාන්‍යයි.

ඔබ සමහර විට කාටම හරි කියලා ඇති “මටත් වඩා මම ඔයාට ආදරෙයි”කියලා….එහෙම ඔබ ඔබටත් වඩා ආදරය කල කෙනා වෙනස් වුණ දවසකුත් ඇති…එතකොටත් ඔබ කියන්න ඇති “මම මටත් වඩා එයාට ආදරේ කලා” කියලා..

ඔබට හිස් බවක් දැණුනා නේද…?ඔබව ඔබට මඟ ඇරිලා…ටිකක් ආපහු හැරිලා බලද්දි කවුරුත් නෑ නේද..එතකොට ඔබව හොයා ගන්නේ කොහොමද…

මුලින්ම ඔබ ඔබට ආදරේ වෙන්න..ඒ ආත්මාර්ථකාමීකම උදෙසා නෙමේ….ඔබ නිසාම..ඔබේ පැවැත්මට…ඔබ ඔබ ගැන නොහිතා අන් අය ගැන කොතෙක් හිතුවත් වැඩක් නෑ..ඔබ ලඟ ඔබ නැත්නම්..

ඔබ ඔබේ හිත පරිස්සම් කර ගන්න ඕන..රිදෙන තැන එතන….සියළු වේදනාවල් දරා ගන්න පුළුවන් තැනකට ඔබේ හිත ගෙන්න…අසංවේදි වෙනවා නෙමේ….අපි වැස්සට කුඩ ඉහලනවා…නොතෙමෙන තැනකට දුවනවා…ඒ අපි ආරක්ෂා වෙන්න..

අන්න එහෙම ඔබ ඔබේ හිත හදා ගන්න..

උදව් කරන්න ඕන කෙනෙක්ට…බෑ කියන්න එපා..හැබැයි ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා..මොකද ඔබට අවශ්‍ය වෙලාවට අහවල් කෙනාට ඔබ වෙනුවෙන් පෙනි ඉන්න බැරි වුණොත් ඔබේ හිත රිදේවි…උදව්වක අන්තීම තෘප්තිය “මම මට පුළුවන් තරමට කලා” කියන හැඟිම..ඉන් එහාට කතා එපා…

හැබැයි…මතක තියා ගන්න කල හොඳ පස්සෙන් එළවන දවසකුත් එනවා….හොඳට මතක තියා ගන්න..මිනිස්සුන්ට වැඩිපුර මතක හිටින්නේ ඔබ නොකල දේ…ඒ නිසා ඒ හැමදේටම මූණ දෙන්න හිත පහදා ගන්න…ඔබ ඔබට ආදරේ නම් ඔබ හිත හදා ගනිවි..

මතක තියා ගන්න මේකත්…ඔබට පුළුවන් හිතන්න “මම තමා හොඳම” කියලා හිතන්න…ඔව් මොකද මම වරදක් නොකරන නිසා..

ඔබ ඔබ ගැන ආඩම්බර වෙන්න…උද්දච්චකමට නෙමේ…ඔබ හොඳම කෙනා නිසා…ඔබ ඔබට ආදරේ නිසා…

ඔබට පුළුවන් ලස්සනට ඉන්න….ලස්සනට අඳින්න පලඳින්න…ඔබ කැමති ගමනක් යන්න…චිත්‍රපටියක් බලන්න…සිංදුවක් අහන්න..ලියන්න කියවන්න….ඕන දෙයක් කල හැකි…කෙනෙක් ඔබ අඳින පලඳින විඳිහ දිහා අමුතුවට බලාවි…හිතන්න එපා…ඔබ බලන්න කන්නාඩිය ඉස්සරහට ගිහින්…අහා…”මම ලස්සනයි ඒ ඇඳුමට”..ඔබෙම හිත කියාවි…..ඉතිං තව මොනවද..

ඔබ තනියෙන් ගමනක් යද්දි කෙනෙක් අහයි..ඇයි මහත්තයා කෝ..තනියෙන්ද යන්නේ….ඔබට යන්න ඕන තනියෙන් නම් ඔබේ සැමියා එකඟ නම් ඔබට ඔබව විශ්වාස නම් තව කෙනෙක්ගේ වචන ලඟ සැලෙන්න එපා….

ඔබ විඳින ජීවිතය දිහා බලලා තව කෙනෙක් විඳවාවි…ඔබ ඔබට ආදරේ නම් ඒ දේවල් හිතට ගන්න එපා….නිශ්ශබ්ද වෙන්න…ඒක තමා උත්තරේ .. “මම තමා හොඳම”

ආදරණීය මල්

මාලති එන් දිසානායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *