කුරුටු අකුරු

කුරුටු අකුරු

නිමිත්ත – පසුවුනා … තවත් කාන්තා දිනයක්

රඟ සොභාවේ රැඟු සොඳුරු ලිය

අතු අගක පිපි මල් නෙලූ ලිය

වැල් පාලමෙන් එගොඩ වූ ලිය

කාන්තා දින සැමරුවේ නුඹ

සමුදුරක සත් ” නැගුණු රල පෙළ

දිළිඳුකම ළඟ විසිර යන කල

සිතිජ ඉම වැලපුනා සිත් මල

කාන්තා දින සැමරුවේ නුඹ

ගමේ ඉපනැලි සුවඳ පසුකර

ගෙන්දගම් පොලවේ පහස ලැබ

දිවි දිනන්නට වෙහෙස වන ලිය

“අපර්ණා නුඹ සන්නාලි ලිය

නුඹේ අයිතිය, නුඹේ ගැහැණුකම

පාගන්න දිරි දරන ලෝකෙක

දෙපා පැටලිලි ලිහා තනිවම

පෙරට යාමයි ලැබූ මිනිස්කම

නිලක්ෂි බණ්ඩාර

““““““““““““““““““““““““““““““““““““

පුතුට කියන වග නම් …..

අදත් ඉතින් රෑ වුනා නේ

වෙනදාටත් වැඩියෙ ඔන්න

පුතා මගේ නොහඩා ඉන්න

අම්මි එනවා හනික මෙන්න

කන්තෝරුවේ වැඩ බොහොමයි

බැහැ නෙව මග ඇරලා එන්න

තාත්තී ටත් වැඩ එමටයි

හැමදාමත් ඔට්ටු වෙන්න

ඉස්කෝලේ ගිහින් ඇවිත්

දුව පැන දඟ කරනවා ඇති

සැරින් සැරේ මාව හොයන්

‘අම්මි කොහෙද?’ අහනවා ඇති

අත්තම්මගේ කතන්දරේ

අහගෙන නැළවෙනවා ඇති

සීයා එක්ක කාර් අරන්

නුඹ සෙල්ලම් කරනවා ඇති

අම්මි එන්නේ රෑ වෙලානේ

පුංචි හිතට දැනෙනවා ඇති

ශනිදා වක් එනකම් නුඹ

මග බලාන ඉන්නවා ඇති

පුතේ ඉතින් නුඹ වෙනුවන්

වෙහෙසෙන සැටි කාසි සොයන්

දැක නුඹ සිත වෙර අරගන්

විය යුතුමය ‘හොද මිනිහෙක්’

–සුහා–

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *