දැය දිනූ ඇය

දැය දිනූ ඇය

1.    ඔබ ගැන කෙටි හැදින්වීමක් කලොත්

මම  සුනෙලා ජයවර්ධන. වයස අවුරුදු 55ක් වනවා. පදිංචිය කොළඹ. මම විවාහකයි සහ දරු දෙදෙනෙකුගේ මවක්

2.      ඔබ තවත් අයෙකුට  ඔබව හදුන්වා දෙන්නේ සහ බාහිර කෙනෙක් ඔබ හදුනා ගන්නේ

පාරිසරික ග්ෘහ නිර්මාණ ශිල්පිණියක් වශයෙන්

3.      ඔබගේ කුඩා අවධිය සහ දෙමාපියන් ගැන මතක් කලොත්

මගේ පියාගෙන් ලැබුණු ආභාශයත් සමගම මම පොඩි කාලේ ඉදලාම පරිසරය කෙරෙහි විශේෂ නැඹුරුතාව‍යක් දැක්වුවා. ඉතා කුඩා කාලයේ සිට අද වෙනකන්ම මම කැමතිම දේ තමයි නිදහසේ කාලය ගත කරන්න. තරුණ කාලයේදි මම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ස්වේච්චාවෙන් වැඩ කළා සහ ඒ තුළින් මට තව දුරටත් සොබාදහම හා ළගාවෙන්න පාර කැපුණා. කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මම ග්ෘහ නිර්මාණ ශිල්පය පිළ්ඊබදව වැඩිදුර හැදෑරුවේ ඇමරිකාවේ නිව්යෝක් වලදි.

4.      ඔබ ග්ෘහ නිර්මාණ ශිල්පයට එක් වන්නේ කොයි  අවධියේද, කෙසේද? ඒ අංශයට එක් වීමට හේතුව

මම උසස් පෙලින් පසුව සාගර ජීව විද්‍යාව යන අංශයෙන් තමයි විශ්ව විද්‍යාලයට තේරී පත් වුණේ. නමුත් ඒ වන විට සාගර ජීව විද්‍යාව යන විෂයයට ලංකාවේ තැනක් තිබුණේ නැහැ සහ රැකියා සුලභ වුනේ නැහැ. ඉන්පසුව මගේ පියා විසින් මට යෝජනා කරපු පරිදි සහ ඒ වන විට මට ලැබී තිබුණු අත්දැකීම් වලට  අනුව මම  ග්ෘහ නිර්මාණ ශිල්පය තෝරා ගනු ලැබුවා.

5.    කාන්තාවක් වශයෙන් මෙම අංශයෙන් ඉදිරියට පැමිණීමේදී ඔබට ගැටලු ඇති වූ අවස්ථා තිබුණාද? ඒවායින් ඔබ මිදුණේ කෙසේද?

ඔව් ඇත්ත්ටම ගැටලු ආපු අවස්ථා තිබුණා. මගේ කර්මාන්තය අනුව මෙහි ඉහළ තල වල හිටිය බොහෝ දෙනා පිරිමි. ඔවුන් හා වැඩ කිරීමේදී මා කාන්තාවක් බැවින් ඔවුන් මා විටෙක ගණන් නොගන්න අවස්ථා ආදිය තිබුණා. විශේෂයෙන් වැඩිමහල් පිරිමින්. මමත් මගේ තත්වය තියාගෙන පාඩුවේ වැඩ කලේ ඔවුන්වත් ගණන් ගන්නෙ නැතුව.

6.    පුරුෂ පක්ශය, විශේෂයෙන් ඔබ ළගම සිටි අයගෙන් ඔබගේ වැඩ කටයුතු සදහා ලැබුණු සහයෝගය, ප්‍රතිචාර කුමක්ද?

මගේ තාත්තා මට ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සෑම දෙනාටම ව්ෘතියක් තිබිය යුතු බවත් එම ව්ෘතියෙන් දක්ෂ වී මගේ රට වෙනුවෙන් යමක් කල යුතු බවත් කුඩා කල සිටම සිතට කාවද්දා තිබුණා. ඉන් පසුව මගේ ස්වාමි පුරුෂයා නිරන්තරයෙන් මාව දිරිමත් කරමින් මගේ කටයුතු වලට නිරන්තරයෙන් සහය දෙනවා. මගේ ව්ෘතියෙදී මගේ ලගම මිතුරන් සිටිනවා. ඔවුන් ගැහැනි පිරිමි බේධයකින් තොරව මට සෑම අයුරින්ම සහය ලබා දෙනවා.

7.    වර්තමානයේ ඔබ දකිනා ලෙස කාන්තාවන්ට ස්වෝත්සාහයෙන් යමක් ආරම්භයට, කිසියම් ආයතනයක ප්‍රධාන තනතුරකට පත් වීමට අවශ්‍ය පසුබිම ඔබ ග්ෘහ නිර්මාණ ශිල්පය ආරම්භ කරන අවධියට සාපේක්ෂව ඉහළ තත්වය පවතීද??

අනිවාර්‍යයයෙන්. අද සෑම රැකියා අංශයකින්ම කාන්තාවන්ට ඉදිරියට යාමට අවශ්‍ය මග පෑදී තිබෙනවා.

8.ඔබ අතින් ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන් කාන්තාවන්ට යම් කිසි සේවයක් සිදු වී ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

            ඇත්තටම මට එහෙම හිතිලා තියෙනවා. හේතුව මේ වන විටත් කිහිප දෙනෙක් මම කාන්තාවන්‍ටීදිරියට යා හැකි දොරටු විවර කර ඇති බව සහ පරිසරයට කරන ලද සේවයන් ගැන කතා වෙනවා.

9. දිරිය කාන්තාවක් ලෙස  ලොව ජය ගත් ඔබ, ඔබ වටා සිටින අනෙක් කාන්තාවන්ට දෙන පණිවිඩය කුමක්ද?

තමන්ගේ හැකියාවන් පිළිබදව තමන් තනියෙන් තීරණය කර ඒ විශ්වාසය ඇතුව ඉදිරියට ගමන් කරන්න. ඕනෑම වැඩකදී වැදගත් වනුයේ විශවාසය සහ හැකියාව මිසක් ගැහැණු පිරිම බව නොවෙයි.

10. ඔබගේ ජීවිතයේ දැක්ම කුමක්ද?        

තමන්ට කැමති දෙයක් ඉෂ්ඨ කරගන්න බය නැතිව වුවමනාවෙන් ඉදිරියට ගියොත් හුගාක් දුරට එය ලබාගත හැකියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *