පාට පාට සාරි රැගෙන එන වෛදුර්යා

පාට පාට සාරි රැගෙන එන වෛදුර්යා

අත්‍ යන්ත්‍ර රෙදි පිලි එහෙමත් නැත්නම් හෑන්ඩ්ලූම් මේ දිනවල බොහෝමයක් දෙනා නැවත යොමුවී තිබෙන විලාසිතාවක්. මීට වසර හයකට පෙර මටත් ආගන්තුක කර්මාන්තයක්. විවාහයෙන් පස්සේ රැකියාවට අමතරව විනෝදාංශයක් වශයෙන් අත්‍ යන්ත්‍ර සාරි 10යකින් ආරම්භ වුණු මගේ වෛදුර්යා හෑන්ඩ්ලූම් ව්‍යාපාරයේ සාර්ථක ගමන පිළිබඳ මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.වෛදුර්යා යන නම තියන්න හේතුවුනේ එය දුර්ලබ එහෙත් අගනා මැණිකක් යන අර්ථය ඇතිවයි. සුළු මුදලක් මූලික ප්‍රාග්ධනය වශයෙන් යොදවා අත් යන්ත්‍ර ‍රෙදිපිළි කර්මාන්තයේ යෙදීමට දැනුම සපිරි නමුත් මූල්‍යමය බාදක හේතුවෙන් කර්මාන්තය හැරයමින් සිටි පවුල් කිහිපයක් සමගින් ඔවුනට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සපයමින් අපි බොහොම සුලුවෙන් මෙය ආරම්භ කලා.

අද වන විට වෛදුර්යා හෑන්ඩ්ලූම්ස්, ප්‍රදර්ශනාගාරය හා සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අලෙවිකරණය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ සාර්ථක ගමනක යෙදෙනවා. අත්‍ යන්ත්‍ර කර්මාන්තයේ නියැලෙන වෛදුර්යා සමගින් අත්වැල් බැදගත් බොහෝ ගැමියන් අද මාගේ මේ ව්‍යාපාරය නිසා දියුණුවට පත් වීම මා ලැබූ ජයග්‍රහණයක් ලෙසින් මා දකිනවා. මෙලෙස අප ආයතනය සමග දැනට පවුල් 15ක් පමණ සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගේ සහජ නිර්මාණශීලීත්වය සහ අපේ නවමු අදහස් වෛදුර්යා හි සාර්ථකත්වයේ අඩිතාලමයි. තවද අප නිර්මාණය කල සාරියක් හෝ වෙනත් ඇගලුමක් නැවත ප්‍රතිනිර්මාණය නොකිරීමත් අපගේ විශේෂත්වයක්.

නමුත් වර්තමානයේ අත්‍ යන්ත්‍ර සාරි වෙනුවට යන්ත්‍රානුසාරයෙන් නිර්මාණය කොට ඒවා අත්‍ යන්ත්‍ර සාරි බවට පාරිභෝගිකයන් මුලා කිරීම සුලබ කරුණක් වී තිබෙනවා. නමුත් වෛදුර්යා අපි අත්‍ යන්ත්‍ර සාරි හා රෙදිපිළිවල

නිවැරදි ප්‍රමිතිය එලෙසම පවත්වා ගනිමින් අත්‍ යන්ත්‍ර කර්මාන්තයේ නවමු මානයන් සොයා යමින් අතීතයේ පැවති රටා වියමන් වල නිර්මාණශීලීත්වය වර්තමානයට ගැලපෙන අයුරින් අපගෙ නිර්මාණය සදහා යොදා ගැනීමට සෑමවිටම උත්සහ දරනවා. ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ මා ලද මූලික හා පශ්චාත් උපාදි දැනුම ප්‍රායෝගිකව යොදාගෙන සාර්ථක ගමනක් තවමත් යමින් සිටින මම ඒ පිළිබඳ සැබවින්ම තෘප්තිමත්. මගේ සෙවණැල්ල මෙන් මේ සදහා දිරිය ශක්තිය සපයන මගේ මව සහ අලෙවිකරණ සහ සන්නාම කලමනාකරණ දැනුම ව්‍යාපාරයේ උන්නතිය උදෙසා යොදවන මගේ දයාබර සැමියා මේ ගමනේ අත්වැලයි.

රෙදි පිළි මිලදී ගැනීමට හෝ ඒ පිළිබඳ වැඩිදුර දැනගැනීමට www.facebook.com/Vaiduryahandlooms පිවිස හෝ වෛදුර්යා  හෑන්ඩ්ලූම්ස් 240/7B කිරිදිවිට පාර , ගනේමුල්ල (0770052208) අපගෙ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණීමට හැකියි.

පවිත්‍රා ධර්මරත්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *