පුංචි පැටවු එක්ක ගෙදරදී කරන්න පුලුවන් ක්‍රියාකාරකම්

පුංචි පැටවු එක්ක ගෙදරදී කරන්න පුලුවන් ක්‍රියාකාරකම්

ඔන්න අදත් පුංචි පැටැවු එක්ක එක්කහු වෙලා කරන්න වැඩ ටිකක්

පුංචි පැටවුන් පෙරපාසල් ගියගමන් අකුරු ලියන්න ඕනෙ කියල ගොඩක් අය හිතනව නමුත් ඊටකලින් එයාලගෙ ඇගිලි පැන්සල අල්ලන්න සූදානම් වෙන්න ඕනෙ. අන්න ඒක තමයි අපි ගෙදරදි කරන්න ඕනෙ.

කොහොමද අපි පැන්සල අල්ලන්න අපේ පැටියව සූදානම් කරන්නෙ.

මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් කරන්න පුලුවදේවල්

* පොල්කුඩු ටිකකට වතුරදාල මිරිකන්න දෙන්න.

*රොටී හදන වෙලාවට පුංචි පැටියවත් එකතු කරගන්න

*එයා ලගෙ පුංචි ඇදුම් හෝදගන්න දෙන්න.

*ප්ලේඩෝ හදල දෙන්න

මේ තියෙන්නෙ මගේ ප්ලේ ඩෝ එක හදන විදිය.

පාන්පිටි කෝප්ප දෙකයි

ලුනු කෝප්ප එකයි

කැමති ආහාර වර්ණකයක්

වතුර අවශ්‍ය ප්‍රමාණයට ( පොඩ්ඩ පොඩ්ඩ දාල අතේ ඇලෙන්නැති ගානට හදාගන්න )

කැමති නම් තෙල් තේ හැන්දක් දාන්න (මම නම් දාන්නෑ.)

පාවිච්චි කරල ඉවර උනාම ශීතකරනයට දාල තියාගන්න පුලුවන්

* බලිකුරුටු අදින්න දෙන්න

*කොල ඉරන්න , කපන්න දෙන්න

මේ දේවල් කරල බලන්න . ලොකු වෙනසක් දකින්න පුලුවන් වෙයි

ඊලගට තියෙන ප්‍රශ්නෙ තමයි. කියවන්න , අකුරු මතක තියාගන්නෙ කොහොමද කියන එක.

ඒකට මොකද කරන්නෙ??

* පුලුවන් තරම් පොත් කියවන්න.

* එයාලට පොත් දෙන්න පින්තූර බලල කතා හදන්න.

ඉතින් අපි මේ මාසෙ මේ දේවල් කරල බලමු .

ඊලග මාසෙ තවත් දේවල් එක්ක

හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *