මැලේ අච්චාරැ

මැලේ අච්චාරැ

මැලේ අච්චාරැ

පැණි රසයි සැරයි දෙකම එකම විට දෙන රසම අච්චාරැවක් තිබුනොත් නම් බත් මරන්න පුලුවන්නේ..


මැලේ ජාතිකයන්ගෙන් ලංකාවට හදුන්වා දීපු මැලේ අච්චාරැ.
අච්චාරැ කිව්වම අනේ ඒක හදන්න ගොඩක් අමුද්‍රව්‍ය ඕනේ නේ ලොකු ක්‍රියාවලියන් ඇති කියලා හිතුවනම් අද බලන්න ඒක හරි ලේසියි.


මම හැදුවෙ පලවෙනි වතාවට.මම ගොඩක් කෑම පලවෙනි වතාවටම හදන ඒව තමයි අරන් එන්නේ


එළවලු ටික කපලා හදාගත්ත සෝස් එකට එකතු කරන්න විතරයි තියෙන්නේ.

එළවලු ටික පොතු ඇර සෝදා ටිෂු එකකින් පිස තෙත මාත්තු කරගන්න.

ටිකක් දිගට මහතට කපාගත් කැරට් ගෙඩි 3ක් 
මාලු මිරිස් කරල් 3ක් ඇට අයින් කර කපාගන්න
ලොකු රට ලූණු ගෙඩියක් ලොකු කැබලි කපාගන්න.
රතු ලූණු කැමති තරමක්
අමු මිරිස් කරල් 4 ක් විතර දෙකට පලාගෙන

සෝස් එක හදාගන්නේ මෙහෙම

රට ඉදි තමයි මැලේ අච්චාරැවක ප්රධානම දේ.
රට ඉදි මම ටිකයි ගත්තේ.ගෙඩි 10 ක් විතර (40g වගෙ)
ඒ ටික උණු වතුර එකක දමා නැට්ට ගලවා ගන්න.කැමතිනම් පොතු ගලවා ගන්න.නැතත් කමක් නැහැ ග්රයින්ඩර් කරද්දී පොඩි වෙනවා.ඇට ඉවත් කරන්න.
දැන් මේ ටික ග්රයින්ඩර් එකෙ පොඩි කප් එකට දාන්න.
ඒකටම කපාගත් සුදු ලූණු ගෙඩි 2,3ක්,ඉගුරැ අගල් කාලක විතර කෑල්ලක්,කුරැදු පුංචි කෑල්ලක්,
මිරිස් කුඩු පුරවා තේ හැන්දක්,ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්,
අබ තේ හැදි බාගයක් ,සීනි මේස හැන්දක් දාන්න.
තේ බොන කෝප්පෙකින් කාලක් විතර විනාකිරි ගන්න.
එයින් ටිකක් ග්රයින්ඩර් එකට දමා මේක පේස්ට් එකක් සේ අබරා ගන්න.
මේ ටික මැටි ඇතිලියක දමා හැදි ගාමින් මදගින්නේ පිස ගන්න.
නැවත සීනි මේස හැන්දක් ලුණු කුඩු තේ හැන්දක් විතර එක් කරන්න.රස අනුව දමා ගන්න.
ඉතිරි විනාකිරි ටිකත් දමා රත් කර.කපාගත් එළවලු දමා කලවම් කර ලිපෙන් බාන්න.
සමහරැ ලිපේ තියන්නෙ නැතුවත් හදනවා.සෝස් එක හදලා එලවලු ටික කලවම් කරලා ගන්නවා.

හදපු ගමන් එලවලු ටික තද ගතියක් තිබුනත් පැය 5,6 ක් යනවිට විනාකිරි වලට හොදින් පැසී රසට එනවා.එතකොට කන්න පුලුවන්.
පහුවදාට වගේ නම් කැරට් එහෙම අමු සහ මෙලෙක අතර රසකට හැපෙනවා.ම්….නියමයි එතකොට.
මේ හදාගත්ත සෝස් එක විනාකිරි රටඉදි එකතු වෙලා වතුර වගෙ වැඩි වෙනවා දවසක් දෙකක් ගියාම.ඒ නිසා විනාකිරි පොඩ්ඩක් ගත්තත් ඇති.
හදලා බලන්න.හරි පහසුයි.

චමීරා පතිනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *