සම්මතයෙන් එහා 2 කොටස

සම්මතයෙන් එහා	 2 කොටස

දෙයියනේ ….!!! මට මගේ ඇස් අදහගන්න බැරි වුනා…   

මේ අර මියුසික් කම්පනි එකේ ඩිරෙක්ටර් නේද…හ්ම්ම්ම්ම්  ඔව් එයා තමයි…..අපේ රුචිරා පිස්සු වැටිලා ඉන්නේ..අදනේ මං මෙයාව ඇත්තට දැක්කෙ…ෆොටෝ එකෙ ඉන්නවට වඩා කොච්චර ලස්සනද…

” අක්කෙ අක්කේ…මේ අර රුචිරා මැරෙන්න හදන්නේ මෙයාට නේද…අනේ අම්මේ දැන් නම් රුචිරා විතරක් නෙමි මටත් පිස්සු හැදෙන්න වගේ…

මේ දෑස මගේ පිංවන්තයි තේරුනේ දැන් තමයි  “

” චූටි , තැනකට ආවම වැදගත් විදිහට ඉන්නවද?.. වක්කඩේ ඇරියා වගේ කියවන්නේ නැතුව…”

” ආ…මෙයා බලපල්ලකො…මොකද ඔයාට ඩෝං යන්නේ..හරියට මං මෙයාගෙ කොල්ලා ගැන කිවුවා වගේ…පිස්සුද කොහෙද …”

වෙලාවකට මේ චූටි එක්කත් එපා වෙනවා…පුදුම කටක් තියෙන්නෙ මොන නැකතෙද මංදා ඉපදුනේ…..ශුවර් එකටම මාරු වෙලා ඉස්පිරිතාලෙදි….

” හලෝ නංගි කොහොමද ? ගොඩාක් වෙලාද ඇවිත්..කොහෙද අර යකාගෙ කතා අහන් ඉන්නකොට ඔයාලා අවා කියලවත් දැක්කෙ නෑ…”

හ්ම්ම් අර යකා කිවුවේ රුචිරා කැමති අයියට වෙන්නැති…මිනිසුන්ට කතා කරන හැටි..පිංතූරයකින්වත් යකෙක් දැකලා නැතුව ඇති…මට දැනුනෙ තරහක්

” අපෝ ඔගොල්ලොනම් නොදැක්ක තරමට තමයි හොඳ …”

චූටි ඉතින් මාම වගේ නෙමි..හිතට එන ඕනම දෙයක් කියලා දානවා…

” මොකක්ද චූටි එහෙම කතා කරනවද මිනිස්සුන්ට…

අනේ අයියේ , ඔයා ඔවා ගනන් ගන්න එපා…දන්නවනේ මෙයාගෙ හැටි…”

” ඔය ඉතින් හිතේ තියෙන දෙවල් තමයි එලියට එන්නෙ..”

චූටි තව මොනාහරි කියන්න කලින් මං එයාගෙ අත මිරිකුවා….අමිල අයියත් මූණ නරක් කරගෙන යන්න ගියා…

” අම්බෝ ඇති යන්තන් බීම එකක් එනවා…මං හිතුවා එත් තව ටිකකින් වතුර එකක් වත් ඉල්ලගන්න…කොච්චර වෙලාද ඇවිත්…

” චූ..ටී. ඇති…..”

වක්කඩේ ඇරියාවගේ මේ කටත්..

” හරි.. හරි… කාටවත් ඇහුනෙ නෑනේ..”..

අනේ මංදා කාටහරි ඇදයක් කියන්න බලාගත්ත ගමන්මයි ඉන්නේ…

” හන්තානෙට පායන සද ලස්සනයි ද කියන්න……..”

හානේ මගෙ ආසම සින්දුව…දවසක් හරි මට ඒක අහගෙන ඉන්න පුලුවන්…හ්ම්ම්ම් එයත් එකට ආස ඇති…

ඒ මූනේ තියෙන අහිංසක කම…..ඇස් දෙක මුතු දෙකක් වගේ දිලිසෙනවා..හරියට රත්තරන් රෙද්දක් පොරවගෙන වගේ හම බැබලෙන්නෙ…දෙතොල් රෝසම රෝස පාටයි…හිනාවෙනකොට පුදුම ලස්සනක් තියෙන්නේ…හරියට නිකන් මිහිපිට ඉන්න රාජකුමාරයෙක් වගේ…දෙයියො ඇයි දන්නේ නෑ එක මනුස්සයෙක්ට මේ තරම් ලස්සනක් දුන්නේ…

” අපෝ සිංදුව කනවා.තාලෙ අවුට්..”

මෙයාට ඉතින් කවද්ද කාගෙවත් හොදක් පෙනුනේ…

” පොඩ්ඩි …එහෙනම් කන්න දෙන්නත් එක්ක..මං අම්මට ඉක්මන්ට එක්කගෙන එනවා කියලා පොරොන්දු වුනා…”

” හා ..හොදයි මාමේ…”

අපිත් ඉක්මට කාලා ගෙදර ආවා…ඇදට වැටුනට මොකද නින්දක් නම් පේනතෙක් මානෙක නෑ…මතක් වෙන්නෙම ඒ මූන… මටත් නොදැනිම මගේ හිත එයා අරගෙන…

” මොකද මනෝ ගහලා ..නිදාගන්න ඔනා කියලා නේද ආවෙ.. “

” හරි ඔයාට වැඩක් නෑනේ මගේ නින්දෙන්..”

” මේ…උබලා දෙන්නම කරුණාකරලා කට වහගෙන නිදාගන්නවද ?..

ඒ අපේ අක්කා…කාට බය නැතත් චූටි ලොකු අක්කට බයයි…ඒ නිසා කට පියාගෙන නිදා ගත්තා…

උදේ එලාම් එක වදිනකොට තමයි ඇහැරුනේ..පිස්සුද මංදා මේ චූටි ට…නිදාගන්න තියෙන දවසටවත් නිදාගන්න දෙන්නෙ නෑ එලාම් එක ඕෆ් කරලා මම අපහු මං නිදා ගත්තා…

උදේ 10ත් පහු වෙලා නැගිටිනකොට…

හා..නේ  මිස් කෝල්ස් 10 ක් සමන්ත සර් ගෙන්…ඇයි දන්නේ නෑ..ඊයේ පාටි එකේ මොකක් හරි කරදරයක් වත්ද..??? කෝල් කරලා බලමු..

” ගුඩ් මෝනින් සර්”

” මොකද බන් ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තේ..”

” සොරි සර්… අද නිවාඩු දවසනේ…ටිකක් නිදාගත්තා..සර් ගත්තේ ..හදිසියක් ද?

“මොකක් …???”

සර් කියපු දෙයට මගෙ හිත හිරිවැටිලා ගියා…මම එහෙම දෙයක් හීනෙකින්වත් හිතුවේ නෑ…

තවත් කොටසකට

සනාලි ප්‍රනාන්දු

සනාලි ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *