සැමියාගේ දියුණුවට අත හිත දෙන්න ලිපි පෙළේ දෙවැන්න

 Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.

සවන් දීමේ කලාව

සවන්දීමේ කලාව හොඳින් දන්නා ගැහැණිය ඇගේ සැමියාට සහනයක් වනවා පමණක් නොව ඈ ජීවත්වන සමාජයටද වටිනා වස්තුවකි. ඉඳහිට බුද්ධිමත් ප්‍රශ්නයක් නගමින් සවන් දෙන කාන්තාව පිරිමින් අතර පමණක් නොව තම යෙහෙලියන් අතරද ජනප්‍රිය ය.

හොඳ සවන් දෙන්නියක වීමට ඔබටද පුළුවන. උත්සාහ කරන්න.

·        දෙසවන් පමණක් නොව දෙනෙත්, මුහුණ, හා මුළු සිරුරින්ම හැඟීම් පල කරමින්   සවන් දෙන්න.

ඔහුගේ කතාව අවධානයෙන් අසා සිටින්න.

අසන දෙය තමාගේ සැලකිල්ලට බඳුන් වන බව ඔබගේ සැම ඉරියව්වකින්ම පෙන්වන්න.

නො ඉවසිල්ලෙන් වටපිට බලමින් හෝ ඇඟිලිවලින් පුටුවට තට්ටු කරමින් සිටින අයෙකුට යමක් විස්තර කිරීම නිෂ්ඵල දෙයක් බව කිවයුතු නොවේ.

එලෙසම, සවන් දෙන්නා ගේ හූමිටි තැබීමක් නැතිව දිගින් දිගට කතා කළ හැක්කේ ඉතා ටික දෙනෙකුට පමණක් බව ද සිහියේ තබා ගන්න.

·        ඔහුට අවශ්‍ය තැනදී නියම ප්‍රශ්නය නැගීමට ඉගෙන ගන්න.

කෙනෙකු කතා කිරීමට උනන්දු කරවීමට හැකි වන පරිදි ඔබේ ප්‍රශ්නය නගන්න. නිවැරදි ප්‍රශ්නයක් නැගීමෙන් අමුත්තෙකුගේ සබකෝලය නැති කර කතාවට අල්ලා ගැනීමට ඔබට හැකි වනු ඇත.

අනවශ්‍ය උපදෙස් ලබා දෙන බවක් නොහැඟෙන පරිදි ප්‍රශ්නයක් මගින් ඔබේ අදහස ඉදිරිපත් කරන්න.

“විකුණුම් වැඩි කරගන්න වෙළඳ දැන්වීමක් දැම්මොත් ඒක අනවශ්‍ය වියදමක් වෙයි ද?”  වැන්නක් උදාහරණ ලෙස ගන්න. ප්‍රශ්නයක් ඇසීම යනු උපදෙස් දීමක් නොවේ. ඔහු සෙමින් ඒ ගැන අවධානය යොමු කරනු ඇත.

කතා කරන්නා ගේ උනන්දුව හීන වී යතැයි හැඟෙන විට ඔහුගේ කතාව තමාගේ විශේෂ උනන්දුවට ලක් වූ බව පෙන්වීමට ප්‍රශ්නයක් නගන්න.

·        අනවශ්‍ය බාධා කිරීම් නොකරන්න.

ඔහු තම රැකියාව නිසා ලැබූ තෘප්තිය ගැන ඔබ හා බෙදා හදා ගැනීමට තැත් කරද්දී,

“අනේ නවත්තන්න ඔයාගෙ පුරසාරම්. මට ඔයාගේ කන්තෝරුවෙ කතා අහල ඇතිවෙලා ..” යයි ඔහුගේ කතාව සරදමට ලක්කරන්නට එපා.

“ආපෝ! මම දන්නවනේ ඔයාගෙ හැටි. ඔයා මෙහෙම කරන්න ඇති…” යනුවෙන් ඔහුගේ කතාව වැදගැම්මකට නැති දෙයක් ලෙස බැහැර කරන්නට එපා.

“ඒක නෙවෙයි, මටත් ආරංචි වුනා මෙහෙම කතාවක්…” යනුවෙන් එහි කොණක් අල්ලාගෙන කතාව ඔබේ අතට ගන්නට එපා.

ඔහුගේ ජයග්‍රහණ ගැන ඔබ අවංකව සතුටුවන බව ඔහුට දැනෙන්නට හරින්න.

·        ඔබ ගැන තැබූ විශ්වාසය පළුදු කරන්න එපා.

සමහර පිරිමින් තම ව්‍යාපාරික ප්‍රශ්න හා බලාපොරොත්තු ගැන බිරින්දන් සමග කතා කිරීමට මැලි වන්නේ ඇගේ කට ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා යි. සමහරුන්ට තම කණට ඇසූ දෑ තවත් අයෙකුට කියන තුරු ඉවසීමක් නැත.

“පියල් උත්සාහ කරන්නේ මිස්ට රන්දෙනිය පෙන්ෂන් ගියාම එතැනට යන්න,” යයි ඔහුගේ බිරිය තම යෙහෙළියකට හෙළි කිරීම නිසා ඒ තොරතුර කටින් කට ගොස් ඔහුගේ තරගකරු වන නිහාල්ගේ බිරිඳගේ කණට වැටුණි. අන්තිමට ඒ අවස්‌ථාව ලබා ගත්තේ  නිහාල් ය. පියල්ට එම තනතුර නොලැබුණේ ඇයිද යන්න ඔහු තවමත් නොදනී.

එක් විධායක නිලධාරියෙකු පැවසුවේ ඔහු තම සේවකයින්ට කාර්යාල ප්‍රශ්න නිවසේදී කතා කිරීම තහනම් කර තිබෙන බව යි. “මම කැමති නෑ, මගේ කොම්පැනියේ ප්‍රශ්න සුපර් මාකට් එකේදියි පාටි වලදියි පතුරු ගහනවට. ඕපදූප කතා කරන ගෑනු එක්ක හරි අමාරුයි,” ඔහු කීවේ ය.

තවත් සමහර කාන්තාවෝ තම සැමියා පවසන තොරතුරු ඔහුටම එරෙහිව පාවිච්චි කරන්නට මැලි නොවෙති. “ඇයි, ඔයාමනේ දවසක් කිව්වේ ඔයා ඕනවට වඩා බඩු තොග අරගෙන ඒවා විකුණගන්න බැරි වෙලා පාඩු වුණා කියල. මම ටිකක් වැඩිපුර වියදම් කළොත් තමයි අමාරු?”මෙසේ කීප වරක් සිදු වූ පසු ඔහු තමා අතින් සිදුවන ප්‍රමාද දෝෂයන් ගැන ඇය සමග තවදුරටත් කතාකිරීම නවත්වන්නට ඉඩ තිබේ.

·        ඔහු කියන දේ සම්පූර්ණයෙන් වටහා ගත නොහැකි වුවත් ඔහුගේ කතාවට දිරි දෙන්න.

හොඳ සවන් දෙන්නියක වීම යනුවෙන් අදහස් කරන්නේ ඔබ ඔවුන්ගේ රැකියාව ගැන සියලු දේ දැන සිටිය යුතු බව හෝ උපදෙස් දිය හැකි මට්ටමක සිටිය යුතු බව හෝ නොවේ.

උදාහරණයක් ලෙස ගත හොත් රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකුට තම සවන් දෙන්නිය එහි සියලු උපාංග ගැන දැන සිටීම වැදගත් දෙයක් නොවේ. වැදගත් වන්නේ බුද්ධිමත් සවන් දීමයි.

“අනේ මට තේරෙන්නෙ නෑ ඕවා,” කියා ඔහු නවත්වන්න එපා.

ඔබට වැටහෙන දේවල් යම් පමණකට එහි තිබෙන්නට පුළුවන. එතැනින් අරඹන්න. ඔහු කතා කරන්නේ කුමක් ගැනද යන්න ඔබට කෙමෙන් වැටහෙන්නට පටන්ගනු ඇත.

ඔහුගේ රාජකාරිය ඔහුට ඉතා වැදගත් බව තේරුම් ගන්න. ඒ ගැන කතාකිරීම ඔහුට තෘප්තියකි. ඔහු කියන දෙයට සංවේදීව සවන් දෙන බිරිඳ ඔහු විසින් ඉතා අගයනු  නො අනුමානය.

ඔහුට සවන් දෙන, ඔහුව අගය කරන යමෙකු ඇති බව දැනගැනීම ඔහුගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට ඉවහල් වේ.

ඔබ ඔහුට සවන් දීමට මැලි කමක් දක්වන බව ඔහු තේරුම් ගතහොත් ඔහුගේ සහනය අන් තැනකින් ලබා ගැනීමට ඔහු පෙළඹෙනු ඇත. අප සමාජයේ බොහෝ විට දක්නට ලැබෙන කාර්යාල පෙම් සබඳතා ඇති වන්නට මූලික හේතුවත් මෙය විය හැකිය.

මානෙල් විජිතා ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *