කෝකටත් පෙර සූදානම

කෝකටත් පෙර සූදානම


මේ දින වල රටේ පවතින තත්වය නිසා හැමෝම ඉන්නේ බයෙන් කැළඹිලා, කලබල වෙලා. නගරයක් නගරයක් පාසා සැක කටයුතු පාර්සල් ගැන, වාහන ගැන පැමිණිලි.  මේ වගේ අවස්ථා වලදී එම පාර්සලය හෝ වාහනය අනතුරුදායක බව හැගුනොත් ආරක්ෂක අංශ වලට සිදු වෙනවා ආරක්ෂිත පිපිරීමකට සූදානම් වෙන්න. මෙහිදී මුලින්ම කරන්නෙ ඒ අසල ගැවසෙන , ජීවත් වෙන් පුද්ගලයින් ඉවත් කරන එක.

මේ වගේ වෙලාවක අපි ලෑස්ති වෙන්න ඕන කොහොමද?

මෙවැනි කලබල සහිත නොවෙන වෙලාවක වුණත් පෙර සූදානම් වීම වැදගත්, මතකද සාලාව කදවුරේ පිපිරීම? හදිසි දැනුම් දීමකදී අප ඉවත් වෙන්න සූදානම් වන්නේ කෙසේද? කලබලේට හිස් අතින්ම එළියට බහිනවද? නැත්නම් අත්‍යවශ්‍ය දේ සොයමින් කොරොස් කටේ අත දමා ගත නොහැකිව කාලය නාස්ති කරනවද? අපට අත්‍යාවශ්‍ය වන ප්‍රවේශම් කරගත යුතු දේ ගැන අවබෝධයක් ලබා ගත්තොත් හොදයි නේද?

මුලින්ම සැහැල්ලු පහසුවෙන් රැගෙන යා හැකි ඉතා විශාල නොවන බෑග් එකක් තෝරාගන්න. දැන් මේ බෑග් එකට පහත සදහන් දෑ දමා සූදානම් කරගන්න.

  1. අත්‍යාවශ්‍ය ලියකියවිලි – මේ වන විටත් තම පවුලේ ලියකියවිලි සදහා ස්ථානයක් file එකක් ඔබ ළග ඇති. මෙහි අන්තර්ගත විය යුතු නැවත සාදා ගැනීමේදී අපහසුතා වලට ලක්විය හැකි හා කාලය ගත වන අත්‍යාවශ්‍ය සුරක්ෂිත විය යුතු දේ පමණයි.
    1. පවුලේ සියළු දෙනාගේ උප්පැන්න සහතික
    2. විවාහ සහතික
    3. අධ්‍යාපන සහතික
    4. ගමන් බලපත්‍ර
    5. ජාතික හැදුනුම් පත ( මේ දින වලදි ඔබ ප්‍රවාහනයේදී ළග තබා ගත යුතුමයි)
    6. බැංකු පොත්/ලියකියවිලි
    7. ඔප්පුව හා පදිංවිය සහතික කල හැකි ලියකියවිලි කිහිපයක් ( පාසල් යැවිය යුතු වයසේ දරුවන් සීටීනම් මේ ලියකියවිලි සුරක්ෂිත වීම වැදගත්)
    8. අනෙකුත් විශේෂ බිල්පත් හා ලියකියවිලි (මතක තියාගන්න අත්‍යාවශ්‍ය දේ පමණයි, ගෙදර තියෙන හැම එකක්ම මේ file එකට දමන්න එපා)
    9. ළදරුවන් සීටීනම් ඔවුන්ගේ සෳඛ්‍ය සටහන් පොත්.

මේ සියල්ල හැකිනම් scan කරගන්න, නැතිනම් ඔබගේ ජංගම දුරකතනයෙන් පැහැදිලි පින්තූර ලබාගන්න – මේ සදහා office lence වැනි apps යොදාගත හැකියි එම ලබාගත් පින්තූර සියල්ල cloud storage එකක – google drive/dropbox/ icloud/ onedrive ගබඩා කරන්න. (ඔබගේ  හා පවුලේ තවත් කෙනෙකුගේ e ලිපිනයට යැවීමත් කල හැකියි) මෙහිදී ගබඩා කරන ස්ථානය ඔබටත් පවුලේ තවත් කෙනෙකුටත් බැලිය හැකි (access කල හැකි/ shared )  ලෙස සකස් වීම වැදගත්.

ෆයිල් එක ඔබ කලින් සූදානම් කරගත් බෑග් එකට දමාගන්න.

  1. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි සුළු මුදලක් සහිත ලියුම් කවර 3ක් පමණ. මෙය බෑග් එකේත්, ජංගම දුරකතන කවරයේත් ඔබගේ මුදල් පසුම්බියේත් තබාගන්න. ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය ඔබ නිතරම රැගෙන යන දේ නිසා මෙය වැදගත් වේවි.
  2. ඔබ එදිනෙදා භාවිතා කරන බෙහෙත් වෙනම කුඩා ziplock බෑගයන්ට දමා එක් එක් පුද්ගලයාගේ නම් සදහන් කරගන්න. මෙහිදී බෙහෙත් වර්ගද හදුනාගත හැකි ලෙස නම් කිරීමද විශේෂ අවස්ථා සදහා යොදාගත යුතුයිනම් ඒ ගැන සදහන් කිරීමද වැදගත් – එවිට ඔබ ගැන නොදන්නා ඔබගේ පවුලේ නොවන කෙනෙකුට වුවද හදිසි අවස්ථාවකදී ඔබට උදව් කිරීමට හැකි වේවි. මෙයත් පෙර සූදානම් කරගත් බෑගයේ පහසුවෙන් හා ඉක්මනින් ගත හැකි තැනක – එළියේ ඇති පොකට් එකක – තබාගන්න
  3. හදිසියකදී කතා කල හැකි දුරකතන අංක සදහන් කරන ලද කුඩා notebook එකක්/ කොළයක් පහසුවෙන් හොයාගත හැකි තැනක – බෑග් එකේ කුඩා පොකට් එකක – තබාගන්න. ජංගම දුරකතනය ක්‍රියා විරහිත වූ අවස්ථාවකදී මෙවැනි දෙයක් ළග තබා ගැනීම ප්‍රයෝජනවත් වේවී.
  4. ප්‍රථමාධාර සදහා අවශ්‍ය වෙන පැනඩෝල් – කුඩා දරුවන් සිටීනම් සිරප් එක – බාම් වර්ග වැනි දෑ කිහිපයක් පෙර ලෙසම කුඩා ziplock බෑගයක දමා බෑගයට දමාගන්න.
  5. මීට අමතරව බඩගිනි අවස්ථාවකදී ගත හැකි වියළි ආහාර වර්ගයක්, කුඩා දරුවන් සිටීනම් විශේෂයෙන් ඔවුන් සදහා අවශ්‍ය අහාර වර්ග 2ක් හෝ 3ක්
  6. පවුලේ අයගේ ඇදුම් කට්ටලය බැගින්- යට ඇදුම්- සනීපාරක්ෂක තුවා වැනි දෑ කුඩා දරුවන් සිටීනම් ඔවුන් සදහා කලිසම් කිහිපයක් – තොප්පි බ්ලැන්කට්- පැම්පර්ස් – කුඩා තුවායක් වැනි දෑ අවශ්‍ය වේවී
  7. වතුර බෝතලයක්
  8. ඉටිපන්දම් ගිනිපෙට්ටි විදුලි පන්දම් වැනි හදිසියකදී අවශ්‍ය වන දෑ

මේ සියල්ල සූදානම් කරගත් පසු මේ බෑගය පහසුවෙන් ගත හැකි හොදින් පේන තැනක තියාගන්න. කලබලේට සොයාගන්න බැරි තැනක තබන්න එපා.  හදිසි අවස්ථාවකදී ඔබ සිටින ස්ථානයෙන් ඉවත් වෙන්න කීවොත් මේ බෑග් එකත් අරගෙනම ගෙදරින් පිට වෙන්න දැන් ඔබට පුළුවන්.

බොහෝ විට මෙසේ පිටවන්නට සිදු වන්නෙ ඉතා සුළු වේලාවකට වෙන්නට පුළුවන්. මේ නිසා අනවශ්‍ය ලෙස බොහෝ දේ රැගෙන යන්න අවශ්‍ය නෑ.  ගින්නකින් විනාශ නොවන ලෙස ලිය කියවිලි ආරක්ෂා කරගැනීමත් එම සුළු වේලාවේදී අපට අවශ්‍ය වන දෑ ළග තබාගැනීමත් තමයි මෙහි අරමුණ

අසින්සලා රත්නායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *