බෝම්බයක් පිපිරීමකින් හානි වීම වලක්වා ගන්නා ආකාරය

බෝම්බයක් පිපිරීමකින් හානි වීම වලක්වා ගන්නා ආකාරය

බෝම්බයක් පිපිරීමකින් හානි වීම වලක්වා ගන්නා ආකාරය
– වටපිටාව හා පුද්ගලයින් පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වන්න .

– ගෙදර , කාර්‍යාලයේ විපරමක් කර අනවශ්‍ය දේවල් ඉවත්කරන්න.

– ඔබේ කුණු මලු තහනම් ස්ථාන වල දමන්න එපා.

-සැක සහිත වාහන පුද්ගලයින් පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම්දෙන්න. 

-කිසි විටෙක ඒවා පරික්ෂා කිරීමට නොයන්න. 

-අනතුරක් හෝ අනතුරු ඇඟවීමක් ඇති විට හැකි තරම් එම ස්ථානයෙන් ඉවත් වෙන්න.අනික් අයට ඉවත් විමට උපදෙස් දෙන්න.
– අනවශ්‍ය ගමන්බිමන්අවම කරන්න.
– අවශ්‍ය කරන කල් තබා ගත හැකි ආහාර   සංචිතයක් ගෙදර  තබාගන්න.
-දින කිහිපයකට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙදර රැස්කර තබාගන්න. වියළි ආහාර , අනිකුත් සනීපාරක්ෂක දේවල්, බෙහෙත් …….
– දීර්ඝ ගමන් බිමන් ,විනෝද චාරිකා, නෑදෑ ගමන් කල් දමන්න.
–වාහන භාවිතා කිරීමේදී,හැකි විට නිවැරදි ස්ථානවල වාහන ගාල් කිරීමට කටයුතු කරන්න.- වාහන නැවතීමේදී  අන් අයට බාධාවක් නොවන ආකාරයට එය සිදුකරන්න.

– වාහනයේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කරන්න( දුරකථන අංකය වැනි)
– වාහනයේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය (බෑග්, රෙදි ,ආයුධ, ලිපි ද්‍රව්‍ය ,සෙල්ලම් බඩු, බෝනික්කන් ,පරන ලට්ට ලොට්ට වැනි) ඉවත් කරන්න .

-වාහනයේ ඉන්ධන ප්‍රමාණය ගැනත්  සැලකිලිමත් වන්න.

– කෙටි දුර සඳහා හැකි හැමවිටම පයින් යන්න . වාහන භාවිතය අවම කිරීම ද සුදුසු වේ .

– අනවශ්‍ය තැන් වල නැවතීමෙන් ඔබේ වාහනයට බෝම්බ සවිකිරිමට ඉඩ ඇති බවද සිතන්න.

-පොදු ප්‍රවාහනය  භාවිතා කරන විට වඩා සැලකිල්ලක් දැක්විය යුතු අතර සෙනග අඩු අවස්ථාවල ගමන් කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ.
–රෝහලට පැමිණීමේදී,අත්‍යවශ්‍ය කාරණයට පමණක් පැමිනෙන්න

– රෝගීන් බැලීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.  දිනකට එක්වරක් හෝ දෙවරක් එක් අයෙකු පැමිණීම ප්‍රමාණවත් වේ.

– පවුල් පිටින් රෝගීන් බැලීමට එම අනවශ්‍ය අවධානමකි.
-අනවශ්‍ය බෑග් මලු ගෙදර තබා පැමිණෙන්න. අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන එන්න.

-බොරුවට අනවශ්‍ය ලෙස බියවීම හා කලබලකාරී ලෙස හැසිරෙන්න එපා

– ක්ලිනික් වල වෙනදා මෙන් සුලු ප්‍රශ්න විසදීමට නොහැකිය 
– අවශ්‍ය විට ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය ආරක්ෂක අංශවලට  පෙන්වන්න.
-රෝහලෙන් හෝ කාර්යාල වලින් ලබා දී ඇති හැඳුනුම්පත්, ලියකියවිලි හා වාහන බල පත්‍ර ළඟ තබාගන්න.
– ආරක්ෂක නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කරන්න.
– බුර්කා ඇදගෙන එන්න එපා
— පොදු ස්ථානවල දී ලබාදෙන උපදෙස් පිලිපදින්න.පොදු ස්ථානවල සහ අනිත් ස්ථානවල ඒ අවස්ථාවේදී ලබා දෙන උපදෙස්අනුව කටයුතු කරන්න .
– ආරක්ෂක අංශවලට සහාය වන්න,
– බෝම්බ නිශ්ක්‍රීය කිරීම , පුපුරා යන හැටි , සැකකරුවන් අල්ලන ආකාරය සහ පරීක්ෂා කරන ආකාරය සජීවීව දැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්  නොමැති අතර එසේ දැක බලා ගැනීමෙන් ඔබට ලැබෙන වාසියක්ද නැත .
-ඔබගේ අවශ්‍යතාවය ඉටුවූ විගසම නිවෙස් වලට යන්න.


වෛද්‍ය රොෂාන් පියරත්න මහතාගේ ලිපියක් ඇසුරින් ,රොනිති සර්ධාතිලක .

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *