බෝම්බ වලින් ආරක්ෂා වෙමු

බෝම්බ වලින් ආරක්ෂා වෙමු


බෝම්බ අටවන ආකාර සහ සැකකරුවන් හඳුනාගැනීම සහ එසේ හඳුනාගතහොත් කලයුතු දේ
බෝම්බ අටවන ආකාර
-පාර්සල්/ බෑග් -බඩ බැදි /ඇදුම් -විද්‍යුත් උපාංග ලෙස-වාහන / කාර්(තවත් බෝහෝ ක්‍රම ඇත)

සැක සහිත පුද්ගලයින්/ බෝම්බකරුවන්  හඳුනා ගැනීම
– අධික දහඩිය දමමින් -අධික ලෙස බියෙන් සැලෙමින් -යමක් මතුරමින් -ආරක්ෂක නිලධාරීන් මඟහරිමින් -අසාමාන්‍ය  ඉරියව්වලින් -අපහසුවෙන් විශාල බෑග් රැගෙන -විශාල ඇඳුම් ඇඳගෙන සිටින- නිතර ඔරලෝසුව දෙස බලමින් සිටින අතර-වෙනත් සැක සිතෙන අසාමාන්‍ය හැසිරීම් ඇති .
[අද වනවිට බෝම්බකරුවන් මනා සේ පුහුණුව ලබා ඇති නිසා, මේ කිසිදු හැසිරීමක් නොමැතිව උවද පැමිණිය හැක ]
එවැනි සැකකටයුතු පුද්ගලයෙක් හඳුනාගතහොත් වහාම එතැනින් ඉවත් වන්නආරක්ෂක අංශ දැනුවත් කරන්න.ඔබ ඔහුව පරීක්ෂා කිරීමට  හෝ ඔහුගෙන් විමසා බැලීමට උත්සාහ කරන්න එපා..
සැක සහිත ස්ථාන / පුද්ගලයින් පිළිබඳ දැනගත් විගස  කළ යුතු දේ__
* පළමුව කළ යුතු දෙය නම් හැකි තරමේ ඉක්මනින් එතනින්  ඉවත් වී යාමයි මක්නිසාදයත්,#බෝම්බයක හානිය සිදු වන්නේ එම පිපිරුම සහ ඔබ අතර ඇති දුර අනුවයි.
ඒ නිසා ඔබ ඉතා කිට්ටුවෙන් සිටියොත් සිදුවන හානිය ඉතා අධිකය.එබැවින් පුළුවන් තරම් ඉක්මනින් එතනින් ඉවත්වීමට හැකිනම් යෝග්‍ය වෙයි.*එසේ නොහැකි නම් ඔබ පුළුවන් තරම් ඉක්මනට බිම දිගාවී කකුල් පිපිරුම සිදුවන පැත්තට හා හිස ප්‍රතිවිරුද්ධ පසට තබා අත් වලින් හිස වසා ගැනීමෙන්  වන හානිය අවම කර ගැනීමට උත්සාහ කළ යුතුය .
*පුළුවන් තරම් පොළොවෙන්  පහළ මට්ටමකට යාමට හැකි නම් ඉතා අගනේය.(කානුවක්, වලක්,  පඩි පෙළක පහළට)
*මීට අමතරව ඔබට අවශ්‍යනම් බඩගාගෙන එතනින් ඉවත් විය හැකිය .
* එසේම ඔබ යමකට මුවා වන්නේනම් සිදුවන හානිය අවම කර ගත හැකිය.මෙහිදී ගහක්, ගලක් ,වාහනයක් බිත්තියක්, තාප්පයක් වැනි දෙයක් උපකාරී කර ගත හැකිය.* ගොඩනැගිලලක් තුල සිටිනවා නම් වහාම ගොඩනැගිල්ලෙන් ඉවත් විය යුතුයි.( න්‍යෂ්ටික පිපිරීමකදී නම් ඔබ හැකිතරම් ආවරණය වන ගොඩනැගිල්ලක මද්‍ද්‍යට හෝ භූගත කාමරයකට යා යුතුය .එලිමහනක ඉන්න එපා.)
මක්නිසාදයත් බෝම්බයෙන් ගොඩනැගිල්ල තුළ සිදු වන හානිය එලිමහනක  වන හානියට වඩා බොහෝ  වැඩිය.
හොදම ක්‍රමය එලිමහනක ගොඩනැගිල්ලකට මුවාවී සිටීමයි .
* වහල, වීදුරු , කාණු වැනි  කඩා වැටීමෙන් හානි සිදුවිය හැකි ස්ථාන වලින්ද ඔබ ඉවත් වී සිටීම ඉතාම යෝග්‍ය වෙයි.
*ඉවත් වන විට බොහෝවිට ගොඩනැගිල්ලේ පඩිපෙළ භාවිතා කිරීම ඉතා වැදගත් වනඅතර ලිෆ්ට්  බාවිතා කිරීම නුවනට හුරු නොවේ.
*කිසිවිටක චිත්‍රපට වල අකාරයට දිවගොස් බෝම්බය පුපුරන විට බිමට පැනීමට බලාපොරොත්තු වන්න එපා.එමගින් විශාල හානියක් සිදුවේ .
බොහෝ විට මේ කිසිවක් කිරීමට හෝ සිතාගැනීමටවත් ඔබට වේලාවක් නොලැබේවි.
යලිත් කිසිවෙකුට මෙවැනි අභාග්‍යසම්පන්න සිදුවීමකට මුහුණ දීමට නොලැබේවායි එකසිතින් ප්‍රාර්ථනා කරමි.
මෙවැනි සිදුවීම් වලකාලීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමකි.


තොරතුරු -වෛද්‍ය රොෂාන් පියරත්න මහතාගේ ලිපියක් ඇසුරින්,රොනිති සර්ධාතිලක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *