හදිසි නීතිය යනු කුමක්ද ?

හදිසි නීතිය යනු කුමක්ද ?

ශ්‍රී ලංකාව තුල හදිසි නීතිය පැනවිය හැකි බලය හිමිව පවතින්නෙ විධායක ජනාධිපතිවරයාටය.. හදීසි නීතිය යනු රටක යම් හදිසි තත්වයක් ඇතිවූ විට බල පවත්නා නීතිය අභිබවමින් නියෝග දීමේ අවසරය ජනාධිපතිවරයාට සතු කර දෙන අවස්තාවකි..

මූලික වශයෙන් මෙහි අරමුණ රටේ ආරක්ශාව හා  සාමය නිසියාකාරව පවත්වා ගැනීමට හමුදා අංශ යෙදවීමයි.. හදිසි නීතිය බල නොපැවැත්වෙන වෙලාවන් වලට සිවිල් ජනතාව පරික්ශා කිරීම , ප්‍රශ්න කිරීම සහ අතඩංගුවට ගැනීමේ හැකියාව ඇත්තේ පොලීසියට පමණි..පොලීසිය පමනක් සතු එම බල තල හමුදා අංශ වෙතද පැවරීම මෙම හදිසී නීතිය තුල ක්‍රියාත්මක වේ… එමෙන්ම රටේ නොසන්සුනකාරී තත්වයකදි රටේ පාලනය අඛණ්ඩව බල පවත්වා ගැනීමට විධායක බලය තනිව භුක්ති විදිය හැකි බලතලයක් ලෙසද හදුන්වා දිය හැක…

හදීසි නීතිය යටතේ අහෝසි වන මානව අයිතිවාසිකම්

—————-

* සර්ව සාදාරනත්වයේ අයිතිවාසිකම – (Right to Equality )

* අන්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් වැලකීමට ඇති අයිතිය ( Freedom from arbitrary arrest )

* අපරාද නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන පරිදි අත්අඩංගුවට ගැනීම, රදවා තබා ගැනීම සහ දඩුවම් කිරීමේ ක්‍රියාදාමය අදාල නොවේ -( Freedom from illegal detention )

* අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස , රැස්වීම් පැවැත්වීම , රැකියාවේ යාම් ඊම් යනාදි නිදහස් අහෝසි වේ…

කෙටියෙන් පැවසුවහොත් හදිසි නීතිය යටතේ මූලික අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ අයිතිය මහජනතාවට අහිමි වී යයි..

හදීසි නීතිය පවතින අවස්තාවකදී නීති රෙගුලාසි වලට යටත් නොවී ක්‍රියා කරන පුද්ගලයකු නඩු විභාගයකින් තොරව වරදකරු වන අතර මාස තුනකට නොඅඩු සහ අවුරුදු 20කට නොවැඩි කාලයකට බන්ධනාගාර ගත කල හැකි අතර දඩයකටද යටත් කල හැක..

වෙඩි තැබීමෙ බලය හමුදාවට ?

———–

රටක හදීසි නීතිය පැනවූ අවස්තාවක අණ නොතකා ක්‍රියාකරන පුද්ගලයෙකුට වෙඩි තැබීමට හමුදාවට බලය හිමිවේ..ජේෂ්ඨ නීතිඥ වේදීන් පෙන්වා දෙන ආකාරයට පොලීසිය සහ ආරක්ශා අංශ මගින් යම් අකටයුත්තක් සිදුවුවහොත් එය සැගවී යන්නට පවා මෙම තත්වය යටතේ සිදුවිය හැකිය..

හදීසි නීතිය නිසා හමුදාවට පැවරෙන බල තල

———-

* වරෙන්තු නොමැතිව පුද්ගලයින් අතඩංගුවට ගැනීමට

* නිෂ්චල සහ චංචල දේපල රජයේ පාලනයට ගැනීමට

* සෝදිසි වරෙන්තුවක් නොමැතිව ඕනෑම අවස්තාවක ඕනෑම ස්ථානයක් සෝදිසි කිරීමට

ජනතාව විදිහට අපගේ වගකීම නම් මෙම තත්වය යටතේ ආරක්ශක අංශ වලට අවනතවී කටයුතු කිරීමයි. එසේ සිදු නොවුනහොත් දැඩි නීතිමය පියවර වලට පවා යටත් වීමට සිදු වේ.. හදීසි නීතිය යනු කුමක්දැයි මනා අවබෝධයක් ලබා ගෙන රට වෙනුවෙන් තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කිරීමෙන් අනිසි ප්‍රතිඵල වලට මුහුන දීමට සිදුවන හැකියාව අවම වේ…

සනාලි ප්‍රනාන්දු

         ( මූලාශ්‍ර : අන්තර්ජාලයෙනි)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *