හිතන්න යමක්

හිතන්න යමක්

මිනිස්සුන්ට ධර්මය මතක් වෙන රට මතක් වෙන කාලයක් ඇවිත් !!!

සුනාමි ආව ගියා වගේ මාසෙන් දෙකෙන් අමතක කරලා නොමැරෙන මිනිස්සු වගේ හිතක් පපුවක් නැතිව ජීවත් වෙන එකෙන් අයින් වෙන්න !!!

මේ ව්‍යසනයෙන් පස්සෙ වත් බිමට ටොපී කොලයක් වැටෙද්දී දෙයියනේ මේ මගේ රටනේද හිතල ඔබට පුලුවන් නම් වැඩ කරන්න.

පාරෙ තියෙන ගහක් කොලක් පවා තමන්ගේ වත්තේ හදන මල් ගස් කියල හිතන්න පුලුවන් මේ මහ පොලවට කෙල බින්දුවක් ගහන්න කලින් තමන්ගේ ගෙදර සාලෙ මතක් කරගන්න පුලුවන් සාලෙ කෙල ගහලා අපිරිසිදු කරන්නේ නෑ වගේම මේ ලංකා අම්මාටත් ඒවගේ ආදරෙන් සලකන්න හිතට ගන්න පුලුවන් පරම්පරාවක මුල් පුරුක් අපිම බව අපේ පොඩිවුන්ට කියා දෙන්න හිතට ගන්න.

කොහේ වාදනය උනත් කකා හිටියත් ජාතික ගීය ඇහෙද්දී නැගිටලා ගෞරව කරන්න පුරුදු වෙන්න.

උදේට වැඩට යද්දී මගේ රත්තරන් අම්මා රත්තරන් තාත්තා පරිස්සම් වෙන්න කියලා වැදලා යන්න.මෙතෙක් පුරුද්දක් කරගෙන උන්නු හැදියාව නොහැකියාව රටට නැති ලැදියාව දැන්වත් හදා ගන්න කාලෙ ඇවිත්.

දන්න ඉංග්‍රීසි ටික කට උල් කරකරා තමුන්ගේ ජාතික භාශාව නොදන්නවා වාගේ අඟවන මෝස්තරයෙන් ස්ටයිල් එකෙන් මිදිල හැදියාවක පෙර ගමන් කරුවන් වෙන්න.

වැඩිහිටි අපෙන් පස්සේ මේ රටේ අනාගතයට ආඩම්බරයක් වෙන විදියට ඔබට හැසිරෙන්න සිද්ද වෙනවාමයි.

වෙන රටකට ගියත් තමන්ගේ රටේ තත්වය නම රකින්න. උපන් පොළවට බරක් නොවී ඉදිරියට යන්න.අදීනත්වයට ගිය මනුස්ස ආකල්ප බෝම්බයකින්වත් වෙනස් වෙනවා නම් ඒක අපේ අනාගත පරපුරේ වාසනාව බව මතක තියාගන්න.

අනගාරික ධර්මපාලතුමා එස් මහින්ද හිමි ඕල්කට්තුමා වගේ  විද්වත්තු අපිට කියපු දේ අද ඇස් පනාපිට ඔප්පු වෙනවා.

ලංකාවේ නක්ශාස්ත්‍ර කාරයෙන්ට කලියෙන් එතුමන්ලා කිව් ඒ උපදෙස් අනාගතය අද ඇත්තක් වෙලා නේද කියන දේ සිහිකරගන්න.

කිසියම්ම දවසක මරණය එන බව දැනගන්න.

නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න එපා.

ඔබත් මේ අකුරු ගලපන මමත් අල්ලපු ගෙදර අසල්වැසියනුත් ඔබ තම්බියායි අමතන මුසල්මානුවත් කතෝලික ආගම අදහන කතෝලිකයනුත් ෆාදරුත් අපේ ස්වාමීන්වහන්සේලාත් සියල්ලෝම මියයනවාමයි !!!

ආගමය කියාගෙන පන්සල පල්ලිය කෝවිලේ පදිංචි වූවාට පලක් නෑ. දෙව්මැදුරේ පන්සලේ පල්ලියේ රැදෙන සෙනෙහස දයාව කරුණාව මෛත්‍රිය හදවතේ නැතිනම් !!

ඔබට පුලුවනි නම් අවංකවම ඇතුලාන්තයේ තිරිසනෙක් නෑයි කියලා හර්දශාක්ෂියට අත තියලා දිව්‍රන්න….!!!

ඔබ සැමගේම ඇස් කවදාක ඇරෙයිද නොදන්නවා උනත් මේ අකුරු අමුණන හිතින් අඩ අඩා ඉල්ලන්න එක දෙයක් තියෙනවා.ඒ ඔබේ දරුවන්ට හරි පාර පෙන්නන්න.

මව්පියන් දෙස වැඩිහිටියන් දෙස බලලා හැදෙන අනාගතේ ඔබේ ගෙදරින් ඔබේ කිරිසප්පයින්ගෙන් පටන් ගන්න බව මතකේ තබා ගන්න. ජීවත් වෙන්න නම් ඔබේ ජීවිතයට මෙන්ම සැමගේම ජීවිත වලට සතාසිවුපාවාට ගහට කොළයට ආදරය කරන්න….

පෙරලා ඔබ වෙත එන සැනසීම නිමක් නැති වේවි !!!

අමායා මැණික්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *