කුඩා දරුවන්ට බොන බෙහෙත් ලබා දීමේදි

කුඩා දරුවන්ට බොන බෙහෙත් ලබා දීමේදි

.

දරුවන්ට බෙහෙත් දීම සම්බන්ධයෙන් සැකලිය යුතු කරුණු මඟහැරිය නොහැක.මොකද ,පොඩි අත්වැරදීමකින් ලොකූ හානියක් වෙන්න පුලුවන්.

දරුවාගේ වයස , බර ආදිය සැලකිල්ලට ගෙන ඖෂධ මාත්‍රා (dose) නිර්දේශ කරනු ලබයි.

වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත නිර්දේශ කරන ස්වරූපයෙන්ම ( dosage form) ලබාදිය යුතුයි.

බෙහෙත් වේල් මඟනොහැරීම සහ නිර්දේශ කරන සම්පූර්ණ කාල සීමාවම ලබාදීම අනිවාර්‍යෙන්ම කල යුතුය.

( එසේ නොකිරීමෙන් ගැටළු ඇති වන්නේ නැවත ආසාධනයකට ලක්වූ පසුයි.) විශේෂයෙන්ම ප්‍රතිජෛවක ඖෂධ ( Antibiotics )

ඔබට සිරප් වර්ග කිහිපයක් එක වේලකට ලබාදෙන්නට ඇති විට ඒවා එකට කලවම් කර දෙන්න එපා..

කිසියම් අසාත්මිකතාවයක් [Allergy ] ඇතිවුවහොත් කුමන බෙහෙත නිසා එය සිදු වූයේද යන්න සොයාගැනීමට පවා අපහසු වේ .

බෙහෙත්, කුඩු( powders ) වශයෙන් ලබාදෙන විට නිර්දේශ කරන ද්‍රාවකයම යොදාගන්න.

සෑමවිටම මාත්‍රා ගණනය කිරීමට සුදුසු මිනුම් කෝප්ප ( measuring cups) , සිරිංජර හෝ ඩ්‍රොපර්ස් භාවිතා කල යුතුය.

ක්‍රමාංකනය නොකල හැඳි ‍යොදාගැනීම නුසුදුසුය.

ඒවා මඟින් වැරදි මාත්‍රා ගණනය වීමට ඉඩ ඇත..

රජයේ රෝහලකින් පෞද්ගලික ඩිස්පැන්සරියකින් හෝ බෙහෙත් ගැනීමට යන විට හොඳින් සෝදා පිරිසිදු කරගත් මූඩිය හොඳින් වැසෙන බෝතල් කිහිපයක් රැගෙන යාම ඉතාම හොඳය.

දරුවන් කිහිප දෙනෙකු සඳහා නම් වැඩිපුර බෝතල් ගෙන යා යුතුය.

එකම ඖෂධය වුවත් ,එකම ගෙදර දරුවන් කීපදෙනෙකු වෙනුවෙන් එක බෝතලයකට දමා දෙන්නේ නැහැ..

( එසේ එකම බෝතලයට බෙහෙත ඉල්ලනා මව්වරු මට හමුවී තිබේ.)

සිරප් ලබාගැනීම සඳහා සෙදුම් දියර හිස් බෝතල , සුවඳ විලවුන් හෝ ක්‍රීම්බෝතල ( බාහිර ආලේපන)

ආදී දේවල් අඩංගු වූ බෝතල් රැගෙන යන්න එපා.

මිලි ලීටර් 500 බෝතල් කල ජලය බහාලූ බෝතල් වැනි ලොකු ඒවාද ගෙන යන්න එපා..

නිවසේ දරුවන් කිහිපදෙනෙක්ට එකවර බෙහෙත් ගැනීමේදී මතක ඇතිව ඖෂධවේදියා , ලේබල් හෝ බෙහෙත් කවර වල ඒ බව පැහැදිලිව සටහන් කර ඇතිදැයි පරීක්ෂාකර බලන්න.

නිවසෙන් ගෙන යන බෝතල් වල හැකි නම් වෙනස් වර්ණ වලින් සළකුණක් දමාගෙන යන්න හෝ වෙනස් බෝතල් භාවිතා කරන්න.

.තමාගේ දරුවාට වුවත් කලින් රෝගයම නැවත වැළඳුණත් පෙර ගෙනා බෙහෙත් වල ඉතිරිය හෝ කලින් ලියා යත් ප්‍රලේඛන පත්‍රයේ [prescription ] ඇති බෙහෙත් ෆාමසි වලින් මිලදීගෙන ලබාදෙන්න එපා..

නැවතත් වෛද්‍යවරයෙක් මුණගැසීම අනිවාර්යයෙන්ම කල යුතුය.

එක දරුවෙක් සඳහා ලබා ගත් බෙහෙත් නිවසේ ඉතිරි වී..පසුව තවත් දරුවෙකුට එම රෝගයම වැලඳී තිබුනත් වෛද්‍ය නිර්දේශයකින් තොරව කලින් ගෙනා බෙහෙත් ලබාදීම සුදුසු නොවේ.

එකම නිවසේ වුනත් නිවුන් දරුවන්ට වුණත් බෙහෙත් වලට අසාත්මිකතා (allergies) ඇතිවෙන්නට පුලුවන්.

බෙහෙත් ගබඩා කිරීම සම්බන්ධයෙන් මීට පෙර ලිපියේ සාකච්ඡා කල නිසා ඒ ගැන වැඩි විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ .

විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින නිවෙස් වල බෙහෙත් ගබඩා කිරීම ඉතාම සැලකිල්ලෙන් කලයුතු වෙනවා…

සම්පූර්ණ කාලයම ලබාදී තවදුරටත් ,සිරප් හෝ පෙති ඉතිරි නමුත් ඒවා (sealed pack )සුළං නොවදින ඇසුරුම් වල නොමැති නම් නැවත භාවිතයට සිතා ළඟ තබා ගැනීම සුදුසු නොවේ…

ඉදිරි ලිපියකින් නැවත හමුවෙමු.

රොනිති සර්ධාතිලක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *