කුරුටු අකුරු

කුරුටු අකුරු

පෙම්වත

පුංචි පුංචි නෝක්කාඩු වල

නුඹ මතක් කර දෙන්නේම

නුඹ ටිකක් හෝ මට ආදරේ බව

ඔබ ඔප්පු කරන අංශු මාත්‍රයන්

මම තව ටිකක් ආදරෙන්

නුඹට ලං වෙන බවට සහතිකයක්

පෙම්වත

නුඹ මට අහසක්

නොවලහා කියමි

අත පොවනු බැරි දුරකිනි

ඒ නමුත් නුඹ

ම⁣’හිතට ලඟ බැව් දනිමි

නුඹ ඉතා පැහැපත්

නිලෙන් වර්ණ ගැනිවි ඇත

පෙම්වත

නුඹ සමඟ අමනාප වනු බැරි

ආදරේ හිත පුරා ඇත

නොයා නුඹ හිත ලඟ හිඳිමි

නුඹට මා මඟ හැරෙනා තුරුම

පෙම්වත

නුඹේ නෝක්කාඩු වල

මම ආදරය ඇහිද ගෙන

ආදරය පුරවමි

හදවත පිරෙන්නම

ඒ ආදරේද නිසැකවම නුඹටයි

ආදරණීය මල්

මාලතී එන් දිසානායක

නිමිත්ත -: “මොනවද කියන්න තියෙනවා කිව්වෙ

නඩත්තුව ආවෙ නෑ පහුනු පස්

හය මහම

ඔයාටත් කරදරනෙ අහන්නේ මං කොහොම

පොඩි ඇඳුම් මහනවා වැඩ ඇරී

ආවහම

තාම රෑ නානවද  සුදු වුනේ කෙස්

ඔහොම

සිල්වාගෙන් මිස් කෝල් පවුල රෑ

වැඩ දාට

ඔයාවත් හිටියා නම් බයක්

වෙන්නද කාට

ඇස් යටත් කලු වෙලා පෙනේ නිදි

නැති පාට

දන්නවනෙ බේබි නැපි හෝදන්නෙ

නෑ රෑට

ඔය වගේ බෝ කතා ඇතත්  

දෙතොලට නාව

අත දිලෙන ඔය මුදුව සිහි කරයි

මට ඈව

මා ලඟත් මල් තිබේ පිපුනු

නුඹටම දාව

මේ විසි හතයි නැකත  නාවන්න

ලොකු දූව

මේඛලා උදාරි

නුඹට කියන්නට

බැරි දෙය

වචනයකට පෙරළා

මෙතනින් තබන්නම්

මා කිසිදිනක

ප්‍රේමය හඳුනාගත්තේම නැහැමයි…

නමුදු එහි

උච්චතම රසය

වේදනාව…

මා එය

හොඳින් හඳුනමි

සුමුදු නානායක්කාර

මේ ඉර හඳ යට….

අරුනොදේ ලහිරු රැස් අණසකය පැතුරුවයි

එකිරණින් විකසිතව, පෙම් බැන්දේ සියපත යි

සියපත ට නෑ අයිති, හිරු මඩල කිසිදිනෙක

හිරු කිරණේ උණු හුමින් පිබිදෙන්නේ මුළු ලොවම  

තරු පොකුරු පිරිවරා සඳ මඩල සිනාසෙයි

සඳේ අයිතිය ගන්න, තරුත් නීති අර අඳියි

නුඹගැභට නෑ අයිති, සඳ එලිය ලොවටමයි

සිසිලසින් සැනසෙන්නේ විඩාබර අප සිතයි

ඉදින් මේ අහස යට, එක ඉරයි, එක හදයි

වීද ලතැවුල් කුමට, අයිති වනු නෑ… කිසිත්

බැඳෙනු මිස මිතුදමින්, සොහොයුරන් ලෙසින් හිඳ…

මිනිසුනේ නොම ගැටෙන්,බෙදා ගනු බෑ…කිසිත්

-සුහා-

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *