ගස්, අපි සහ අපේ දරුවන්

ගස්, අපි සහ අපේ දරුවන්


මේ දවස්වල ලංකාවේ බොහෝ දෙනෙක් කතාකරන්නෙ ගස් හිටවන එක ගැන. සමහරු ගිහින් එක එක තැන්වල ගස් හිටවනව ඔවුන් ගැන සතුටු වෙන අතර මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

අපි පොඩිකාලෙ ඔය වගේ ප්‍රශ්න තිබුණේ නෑ. ඒ කාලෙත් ගෙවල් හදන්න වගේ තව නොයෙක් හේතු නිසා ගස් කැපුවා. ඒත් නියගයක් ඇති වුනේවත් වෙන කිසි කරදරයක් වුනේවත් නෑ.

එහෙනම් දැන් ඇයි ඒවගේ ප්‍රශ්න ? ඒකාලෙ ඔවුන් ගස් වැල වලට , පරිසරයට ආදරේ කරා.

මිනිසා ගහකොල බලාගන්නකොට, ගහ කොල මිනිසා බලා ගන්නව.

ඉතින් අපි අප්පේ පොඩ්ඩන්ට කියල දෙමු ගහ කොළට ආදරය කරන ගමන්ම එයාලගෙන් උදව් ගන්න කියල.

අපි එයාලට පෙන්නමු කොහොමද පුංචි ඇටයකින් පැලයක් ,ලොකු ගහක්  හැදෙන්නෙ කියල.

එයාලත් එක්කම මුං ඇට ටිකක් වතුරට දාල දවසක් තියල වතුර ටික අයින් කරල මුල් හැදෙන විදිය එයාලට පෙන්නන්න. ඊටපස්සෙ එයාලත් එක්ක පුන්චි පාත්තියක් හදල එයාලත් එක්කම මුං ඇටටික පැල කරන්න.

එයාටම දෙන්න වතුර දාන්න හැම දාම. දවසින් දවස මුං පැල හැදෙන හැටි එයාම අත්දකීවි.

වතුර  සහ ඉර එළිය පැළයක් වැඩීමට ඕනෑවන බව එයාලට කියලා දෙන්න

ගස්කොලන් නැතුව අපිට කිසිදෙයක් කරන්න බෑ කියල එයාලට දැනෙන ඕනෙ.

දවසින් දවස එයාලගෙ මුං පැල හැදෙන විදිය බලල එයා ගොඩක් සතුටු වෙයි.

අනාගතේදි ගහ කොලට පරිසරයට ආදරය කරන දරුවෙක් බිහිකරන්න මේ පුංචි ක්‍රියාව ඔයාලට ගොඩක් උපකාරී වේවි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ මාසසෙ ඉදල අපි අලුත් දෙයක් අරගෙන එනව. ඒ තමයි අපේ පොඩ්ඩන්ට රසම රසකෑමක්.

රුලන් බිත්තර බේක්

මේක පොඩ්ඩන්ගේ මොන්ටිසෝරි කෑම පෙට්ටියට , උදේ  කෑමක් විදියට පවුලටම ගැලපෙනව.

අවශ්‍ය දේවල්

බිත්තර 2

රුලන් මේස හැදි 4ක්

නිවිති කොල දෙකක් හීනියට කපල

තක්කාලි චුට්ටක් කපල

ලූනු චුට්ටක් කපල

බේකින් පව්ඩර් තේ හැදි බාගයක්

ගම්මිරිස් කුඩු ටිකක්

බිත්තර වලට ලුනු ගම්මිරිස් දාල හොදට බීටකරන්න. ඊටපස්සෙ රුලන් බේකින් පවුඩර් දාල

ආයෙත් බීට් කරන්න . දැන් අනිත් ජාතිටික දාල හොදට කවලන්කරල කප් කේක් මෝල්ඩ් එකකට දාල බේක්කරල හරි ස්ටීම් කරල හරි රස බලන්න පුලුවන්.

හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *