තුන පහ

තුන පහ

ගෙදරදීම පහසුවෙන් තුන පහ ටිකක් කොටා ගෙන කෑම පිස ගැනීමෙන් ආහාර වලට ආවේණික රසයන් තීව්ර කර ගත හැකිය.

විදෙස් වල සිටින ලංකාවේ කඩෙන් කොටපු පහෙ ගන්න අයට මේක උවමනා වේවි.

මම කියලා දෙන්නම් තුනපහ වර්ග හතරක් සාදන ආකාරය

Tbsp=tablespoon

Tsp = teaspoon

  1. තුන පහ (එදිනෙදා උයන එලවලු සඳහා යොදා ගන්නා )

👉කොත්තමල්ලි 1 cup

👉සූදුරු 1 ½  tbsp

👉අබ 1 tbsp

👉 උළුහාල් ½ tsp

👉කඩල පරිප්පු 1, tbsp

මේ දේවල් වෙන වෙනම යන්තම් කබලෙ බදින්න

අබ බදින කොට පියනකින් වසන්න

ග්‍රයින්ඩරයක් ආධාරයෙන් කුඩු කරගන්න.

.

2.බැදපු තුනපහ (කළු කුඩු කියන්නෙ මස් ,වට්ටක්ක, කළුපොල් මාළුව ,පොලොස් ඇඹුල් ,කැකිරි වගේ ඒවට දානවා)

👉 කොත්තමල්ලි 1 cup

👉සූදුරු 1 ½ tbsp

👉 මාදුරු ½ tbsp

👉අබ 2 tbsp

👉මිරිස් කරල් 8

👉ගම්මිරිස් 1 tsp

👉කරිදිමුංගු 6 pcs

👉කරාබුනැටි 4 psc

👉කඩල පරිප්පු 1 tbsp

👉කුරුඳු පොතු කැබැල්ලක්

මේව වෙන වෙනම් කබලෙ බදින්න

කලින් බැදගත්තාට වඩා වර්ණය මදක් අඳුරු වෙනකන් බදින්න.

කුඩුකර ගන්න.

3 සාම්බාර් පවුඩර්

(ඉන්දියානු කෑම කද්දි ගොඩාක් වෙලාවට සාම්බාරු කියලා අහල ඇති අන්න ඒක හදන්න වෙනම පහේ එකක් හදනව. ඒක දාලා හොදි හැදුවම රසයි, ගුණයි )

මේකෙ තියන විශේශත්වය තමයි මේකට පෙරුන්කායම් ටිකක් එකතු කරනවා.

👉කොත්තමල්ලි ½ cup

👉මිරිස් කරල් 18

👉උලුහාල් 1 tbsp

👉සූදුරු ½ tbsp

👉ගම් මිරිස් 1 tsp

👉කඩල පරිප්පු 2 tbsp

👉කරපිංච ඉත්තක් දෙකක්

👉අබ 1 tbsp

👉පෙරුම්කායම් ½ tsp

👉කහ ½ tsp

මේ දේවල් වෙන වෙනම යාන්තම් බැද ගන්න.

පෙරුන්කායම් සහ කහ කුඩු බදින්නෙ නෑ.

ග්‍රයින්ඩ් කරද්දී පෙරුන්කායම් හා කහ එකතු කරන්න.

4.ගරම් මසාලා

( බිරියානි හදන කොට කඩෙන් බිරියානි මික්ස් ගේන්න ඕනෙ නෑ ඒක හදල තියා ගත්තාම.)

👉 කොත්තමල්ලි 1cup

👉සූදුරු 2 tbsp

👉කුරුඳු 2 tbsp

👉star anise 3 pcs

👉කරදමුංගු කිහිපයක්

👉කළු කරදමුංගු

👉කරාබු නැටි 3

👉බේ ලීව් 1 ½

👉සාදික්ක 2pcs

👉වසා වාසි 1tbsp

කොත්තමල්ලි ටික ටිකක් තද දුඹුරු පාට වෙන්න බදින්න. කළු පාට වෙනකම් බදින්න එපා ..

ඉන්පසු කුඩු කරගන්න.

මේ ආකාරයට ගුණාත්මය රැකෙන පරිදි සහ පිරිසිඳුව ගෙදරදීම රසට තුනපහ සාදාගන්න පුලුවන්.

දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *