රාගයෙන් ඔබ්බට ගිය ප්‍රේමවෘත්තාන්තය

රාගයෙන් ඔබ්බට ගිය ප්‍රේමවෘත්තාන්තය

E.L. ජේම්ස් කතුවරිය විසින් රචිත ෆිෆ්ටි ෂේඩ්ස් කතා මාලා ත්‍රිත්වය අලලා තිරරචනය කළ මෙම චිත්‍රපට මාලාව හුදෙක් ලිංගිකත්වය පදනම් වූවක්ම නොවේ. බැලූ බැල්මට ලිංගිකත්වය සහ රාගය මත පදනම් වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නම් කරන මෙම චිත්‍රපට මාලාව තුළ ඇත්තේ අතිශය වූ සංවේදනීය කතා පුවතකි.

        ඇනස්ටාෂියා ස්ටීල් නමැත් තරැණියට හමුවන තරුණ ව්‍යාපාරිකයකු වූ ක්‍රිස්ටියන් ග්‍රේ නැමැත්තාගේ අසාමාන්‍ය ලිංගික ආශාවන් ඔස්සේ දිවෙන මෙම කතා මාලාව නැරඹීමේ දී ඔහු එවන් මානසිකත්වයකට හිමිකම් කීමට හේතුව කුඩාකල ඔහු මුහුණ පෑ සිදුවීමක් බව පසක් වනු ඇත. ළමා අපයෝජනය පිළිබදව සහ එසේ අපයොජනයට පත්වන දරුවන්ගේ මානසික මට්ට ම ද මෙම චිත්‍රපට මාලාව ඔස්සේ ඔබට නැරඹ්ය හැක. එමෙන් ම පිවිතුරු ආදරයකට ඕනෑම නරක පුදුගලයකු වුව යහපත් ආදරවන්තයකු කළ හැකි බවත් යහපත් පුදුගලයකු කළ හැකි බවත් ඇනස්ටාෂියා ස්ටීල් අපට පෙන්වා දෙයි.

        මෙහි දෙවන කොටස වන ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ඩාකර් හි කන්තාවන් වැඩි ප්‍රමාණයක් සමග ලිංගිකව හැසිරෙන ක්‍රිස්ටියන් නම් ධනවත් වයාපාරික තරුණයා ආදරය නැමැති පිවිතුරු බැදීම හදුනා ගන්නා හැටිත් ඔහු තම ආදරය වෙනුවෙන් කැපවන සැටි සහ විවාහය දක්වා දිවෙන හැටි අපට දැකගත හැක. ලිංගිකත්වයට මුල් තැන දෙන සමාජයක හැගීම් වලට ගරු කරන හැටි දැකගැනීමට පුලුවන.

        ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ෆ්‍රීඩ් හි ඇනස්ටාෂියා ග්‍රේ නම් කාන්තාව තම ධනවත් ස්වාම් පුරුෂයා වෙත ඇගෑලුම්කම් පාමින් එන කාන්තාවන් , තම ස්වාම්පුරුෂයාගෙන් ඉවත් කර බිරිද කියන බලය කෙසේ සුරකින්නේදැයි මනාව දැකගත හැක. යම් කාන්තාවක් තම සැමියා පසුපස පැමිණෙන විට තම සැමියා සමග රණ්ඩු වී ඔහුව තමන්ගෙන් ඈත් කරගන්නා කාන්තාවන්ට එසේ නොකර එම කාන්තාවන් ඉවත් කරන්නේ කෙසේදැයි ඇනස්ටාෂියාගෙන් උගත හැක.

කෙසේවුවත් මෙම චිත්‍රපට ත්‍රිත්වය ලිංගිකත්වය අභිබවා ගිය ආදරණීය සහ සංවේදී කතාවක් රැගත් චිතුපට පෙලක් ලෙසට ගත හැක. සෑම් ටයිලර් ජොන්සන්  (Sam TaylorJjohnson ) සහ ජේම්ස් ෆොලෙ (James Foley) විසින් අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපට මාලාවෙහි ඩකෝටා ජොන්සන් (Dakota Johnson) සහ ජෑමී ඩොර්නන් (Jamie Dornan) රංගනයෙන් දායක වෙයි. මෙහි පළමු චිතුපටය වූ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ තිරගත වූයේ 2015 පෙබරවාරි මස 13 දිනය. දෙවන චිතපටය වන ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ඩ්‍රේක් තිරගත වූයේ වසර දෙකකට පසු 2017 පෙබරවාරි 10 දිනය. තෙවන චිත්‍රපටය වූ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ෆීඩ් පසුගිය වසරේ පෙබරවාරි 09 දින තිරගත විය.

   හංසි රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *