වට්ටෝරු පොත

වට්ටෝරු පොත

නූඩ්ල්ස් එකක් රසම විදිහකට හදමුද?

සී ෆූඩ් නූඩ්ල්ස්

අබ රම්පෙ කරපිංචා දාල හදන සම්ප්රදායික නූඩ්ල්ස් එකම නිතර හදලා එකම රස බලලා වැඩක් නැහැනේ.

ඒ නිසා සුපර් මාර්කට් එකට ගියාම වෙනත් විවිධ හර්බ්ස් වර්ග,කරි පවුඩර් වර්ග, සෝස් වර්ග ,තෙල් වර්ග අරගන්න.

එකකොට ඒව මිශ්‍ර කරලා අපිට ගොඩක් රසවත් කෑම හදාගන්න පුලුවනී.

කපාගත් දැල්ලෝ (ඉස්සො,කකුලුවොත් කැමතිනම් දා ගන්න)

කොටු කපාගත් සැමන් බෝල්ලෝ

මේවට පැප්රිකා පවුඩර් ටිකක්,චයිනීස් කරි පවුඩර් ටිකක්

ලුණු කුඩු ටිකක් එක්කර සීසන් වීමට ටික වේලාවක් තබන්න.

🔥තාච්චියක් ලිප තබා තෙල් මේස හැන්දක් (එළවලු තෙල් නම් හොදයි)එක්කර චොප්කරගත් සුදු ලූණු ගෙඩියක් එක් කරන්න.

🔥බේ ලීෆ් එකක් එක් කරන්න

🔥සීසන් කරගත් සී ෆූඩ් ටික දමා බැදගන්න.

🔥කපාගත් නිවිති,ගෝවා එක්කර කලවම් කරන්න.

🔥සෝයා සෝස් මේස හැන්දක් එක් කරන්න.

🔥ලුණු ,ගම්මිරිස් කුඩු රස අනුව දමා නූඩ්ල්ස් එක් කර කලවම් කර උඩින් කපාගත් රතු ලූණූ හා කොත්තමල්ලි කොළ ඉසින්න.

🥣මේසයට යවද්දී මයෝනීස් සෝස්,තක්කාලි සෝස් එක්කර ක්‍රීම් ගතියක් එන්න කලවම් කරන්න.

XXXXXXXXXXX

අම්ම රෑ කෙසෙල් මුව උයලා.පොතු ටික ගලවල තියෙද්දී පොඩි අයිඩියා එකක් ඇවිත් එකක් අරන් තියාගත්තා.

උදේට කඩල තම්බලා මේ කෙසෙල් මුව බෝට්ටුවේ දානව කියලා.

ඉතිං කඩල තෙම්පරාදුවක් හදන්නයි යන්නේ.කඩල වල ගුණ දැනගත්තොත් නම් නොකා ඉන්න එකක් නැහැ.

කඩල තම්බලා තෙම්පරාදු කලාම කෑම රැචිය වැඩි වෙනවා.

නිතර කැස්ස ඇතිවෙනවනම් ගොඩක් හොද දෙයක් කඩල.

අස්ථි වල ශක්තිමත් බවටත් කඩල හොද පිටිවහලක්.

ම්..තව යුවතියන් කැමතිම දෙයක් තියෙනවා…

සමේ පැහැය වර්ධනය කිරීමට කඩල ගොඩක් උදව් වෙනවා.

හිස කෙස් වර්ධනයටත් එහෙමයි

ඒක ඇහුවම නම් කන්නම හිතුන නේද? ඒකනෙ එක එක පේෂල් පැක් වර්ග හදන්නත් කඩල පිටි ගන්නේ.

ඉතිං දැන් තෙම්පරාදුව හදමුද…..

රැයක් පෙගෙන්න තැබූ කඩල තම්බා ගන්න.

වතුර පෙරාගන්න.

මාලු ඇති පමණ ගෙන කොටු කපාගන්න.

එයට ගම්මිරිස් කුඩු ටිකක්,ලුණු කුඩු,මිරිස් කුඩු ටිකක්,තුනපහ ටිකක් දමා කලවම් කරන්න.

Pan එකට තෙල් මේස හැන්දක් දමා අබ ඇට ටිකක් දමන්න.

මාලු ටික දමා තෙම්පරාදු කරන්න.

කරපිංචා ටිකක් එක් කරන්න.

කොටු කපාගත් කැරට් එකතු කරන්න.

කපාගත් රට ලූණු එක් කරන්න.

රවුම් කෑලි කපාගත් වියලි මිරිස් ටිකක් එක් කරන්න.

සැර අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකක්ද එක් කරන්න.

සියල්ල විනාඩි කිහිපයක් තම්පරාදු කරගන්න.

තක්කාලි සෝස් ටිකක් සහ සීනි ස්වල්පයක් එක් කරන්න.

ඉන්පසු කඩල සහ පොල් කැබලි එක් කර කලවම් කර ලිපෙන් බාන්න.

රස අනුව ලුණු එක් කරන්න.

දැන් හරී..

බයිට් එකක් එහෙම හදන්න ඕනි උනොත් මතක තියාගන්න මේ රෙසිපි එක….

චමීරා පතිනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *