සම්මතයෙන් එහා – තුන් වන කොටස

සම්මතයෙන් එහා – තුන් වන කොටස

සර් කියපු දෙයට මගේ හිත හිරිවැටිලා ගියා…

දෙයියනේ මං මොකක්ද කියන්නේ…දෙන්දෝ නොදෙන්දෝ  කියලා සිතුනා… හිත තුල මොකක්දෝ කියාගන්න බැරි සතුටක් දැනුනා…

” ඇයි සර් මොකටද එයා මගෙ නොම්බරේ  ඉල්ලුවේ…”

දෙගිඩියාවෙන් මම ඇහුවා…

ඔයාගෙ ඩ්‍රාමා එකෙ විස්තර ගන්න කියලා කිව්වෙ…මිනිහත් හරි කැමතියි කලාවට…

හ්ම්ම්ම්ම්ම් එකත් එහෙමද..ඒත් මගේ හිත නම් කියන්නෙ වෙනදෙයක්..මම මොහොතක් කල්පනා කරා…

“මම එක පාරටම දෙන්නෙ නැතුව ඒකයි ඔයාගෙන් ඇහුවේ…අකමැති නම් මම නොදී ඉන්නම්…

මගේ නිහැඩියාව නිසා සර් හිතන්න ඇති මම නොම්බරය දෙන්න අකමැති කියලා

“කමක් නෑ සර්… දෙන්න..”

අවසානයේ මම නොම්බරය දෙන්න තීරනය කරා… ඒ හිනාවට මම ලෝබ වෙලා හිටියේ..මගේ හිත තුලත් මොකක්දෝ ආසාවක් එයා ගැන තියෙනවා කියලා ඊයේ රෑ ඉදන් මම තේරුම් ගත්තා…

නිවාඩු දවස නිසා දවල්ට කාලා පොඩ්ඩක් නිදා ගත්තේ සතියේ අනිත් දවා වලට මේ විවේකය නොලැබෙන නිසා…

” අයියා කෝ අම්මේ…”

” ටවුමට ගියා මයෙ හිතේ.”

නිදාගෙන නැගිටිනකොට අයියා පේන්න හිටපු නැති නිසා මම ඇහුවා…

“අම්මේ …තේකක් බොමු කෝ….”

“ඉන්න…මම හදලා දෙන්නම්…”

” පොඩි ඔයාට call එකක්..”

දුරකතනය තිබුනේ මැද සාලයේ….

“කවුද අක්කේ…”

“දන්නෙනැති නොම්බරයක්..”..

එකපාරටම හිත ගැහෙන්න ගත්තා..කවුරු වෙන්න පුලුවන්ද….කෝකටත් ෆෝන් එක අරන් වත්ත පැත්තට යනවා..නොම්බරය දුන් නිසා කොයි මොහොතේ හෝ ඒ ඇමතුම බලාපොරොත්තු වෙන් මම සිටියේ….

” හෙලෝ….”

” හෙලෝ ශෙහානි..?”

” ඔව් ශෙහානි තමයි…කවුද මේ..”

කට හඩින් අදුර ගන්න පුලුවන් වුනත් මම ඒ බවක් පෙන්නුවෙ නෑ…

” නංගි මං… රෙහාන්.”

අනේ දෙයියනේ රෙහාන් අයියා…දැන සිටියත මාව සීතල වෙලා ගියා…අදුරන්නෙ නෑ වගේ කතා කරන්න ඕනේ…

” සොරි….මට අදුරගන්න බෑ..කවුද රෙහාන් කිවුවේ..”

පවු වැඩේ..හිත ඇතුලෙන් මටම හිනා….කමක් නෑ ..එකපාරටම සුහදව කතා කරන්න හොද නෑ..

“නංගි මං ඔයාගෙ නම්බර් එක ඉල්ලගත්තේ ඩ්‍රාමා එකෙ වැඩේට…”

” ආ ..ඔව් ..ඔව් අයියේ කියන්න…මොකක්ද වෙන්න ඔනේ..”

” අපේ ඉස්කෝලේ ඕ.බී එකෙන් ස්ටේජ් ඩ්‍රාමා එකක් පෙන්නන්න ඕගර්නයිස් කරනවා..මං හිතුවා එකට ඔයාගේ ඩ්‍රාමා එකේ විස්තර ටිකක් ගන්න..ඔයා ෆ්‍රී නම් ටිකක් කතා කරන්න පුළුවන්ද.? …”

” මම ෆ්‍රී අයියේ ..

කතා කරන්න පුලුවනි…”

බැරිවුනත් ෆ්‍රී කියලා තමයි කියන්නේ…

” නංගි අපි ස්කූල් එකේ ප්‍රොජෙක්ට් වගයක් කරනවා…එකට සල්ලි හොයන්න තමයි ඩ්‍රාමා එක පෙන්නන්න හැදුවේ…ඉතින් මට ඒකෙ විස්තර දැනගන්න ඕනෙ…

” ස්කූල් එකට ගොඩාක් ආදරෙයි වගේ..”

” අනිවා…අද මෙතන ඉන්න එක හේතුවක් ඉගෙනගත්ත ස්කූල් එක.අපේ දෙවෙනි අම්මා කිව්වොත් හරි..”

“ඔයාගේ ඒ කතාවනම් ඇත්ත අයියේ…ගොඩාක් අයට අද ඒක අමතක වෙලා තියෙන්නෙ…හරි අපි වැඩේ කරමු..”

” මට ස්ක්‍රිප්ට් එක බලන්න ඔනේ…ඔයා හෙට හවස ෆ්‍රී ද ?

” 4.30 පස්සෙ පුළුවන් …”

” හරි එහෙනම් අපි සිනමන් කොෆී ශොප් එකේ 5.00 මීටින් එක දාගමු..”

” හරි අයියේ මං අපේ ඩිරෙක්ටර් එක්ක එන්නම්…”

“හ්ම්ම්ම් නෑ නංගි හෙට ඔයා ඩිරෙක්ටර් නැතුව එන්න..”

මෙයා මොකාටද මේ එන්න හදන්නේ…

” මොකද නංගි මට තාම වැඩේ කන්ෆර්ම් කරන්න බෑ..මුලින්ම මං ස්ක්‍රිප්ට් එක බලලා ඉන්න ඕනේ ..පස්සෙ තමයි බෝඩ් එකට දාන්න වෙන්නෙ.ඒක ඕකේ වුනාම අපි ඩිරෙක්ටර් එක්ක මීටින් එකක් දාගමු….

මගේ නිහැඩියාව තේරුම් ගත්ත නිසාදෝ එයා ඒකට හේතුවකුත් ඉදිරිපත් කරා…

“හ්ම්ම්ම් එහෙමද…”

ඇයි තනියම එන්න බයද..?”

“අනේ එහෙම එකක් නෑ ..මං හෙට පහට එන්නම්..

” ඕකේ නංගි..මං එහෙනම් තියන්නම්…ගෝඩ් බ්ලෙස් යූ “

” ඔයාටත් බුදුසරණයි අයියේ…”

ගෙදර ඇතුලටම එනකොට චූටි කන්න වගේ බලන් ඉන්නවා…

” ආ…ඇති යන්තම් මෙයාටත් මල් කඩන්න කෙනෙක් හම්බවෙලා වගේ….

අද දෙවියන් පොඩ්ඩිගෙ මූන බලලා කාලෙකට පස්සේ..”

” මේ විකාර කියන්නෙ නැතුව අහනවකො..”

මං චුටිට අකුරක් නෑර විස්තරේ කිවුවා…

” නෑ …. සීරියස්ලි …පිස්සු හැදෙයි වගේ…”

“චුටියෝ..මට තනියම යන්න මොකක්ද වගේ..ඔයා එනවද ?

” පුහ්…..මෙයාගේ බටර් පාර..හරි හරි…එන්නම්….මටත් කීයක් හරි හම්බවෙයි නේ ඩ්‍රාමා එකෙ වැඩේ හරි ගියොත්..

මේකිත් අනේ මංදා …වාසියක්මයි බලන්නේ..

“මං දන්නවනෙ මගෙ නංගි දුකට සැපට සනී කියලා …”

“අනේ මේ .. සනී කතා නෑ…ඒ ඉස්සර…දැන් කාලෙ නිකන් ගනුදෙනු නෑ…”

“හරි හරි… දෙන්නම්… ඔයාට නොදී ඉදලා තියෙනවද…”

“මටත් ආසයි හලෝ රෙහාන් අයියව බලන්න…”

“බැලුවට කමක් නෑ ..වැදගත් විදිහට හැසිරෙන්න ඕනෙ…”

“අනේ මේ…එහෙනම් ඔයාම යන්න…මම එන්නෙ නෑ…”

“එහෙම කරන්න එපා ඉතින්…ඔයා මගෙ සුදු නංගිනේ..”

“ඔයත් මාර කපටියි පොඩි අක්කෙ…”

“ඔව්..ඔව්..මම විතරයි කපටි…කව්ද දන්නෙ නෑ වාසියට වැඩ කරන්නෙ..”

“හරි හරි…අපෝ එන්නම්…”

රෙහාන් අයියා ගැන හිතෙ මැවෙන්න පටන් ගත්තා…ඇදන් යන ඇදුම පවා තීරනය කරගන්න බැරි තරමට හිත නොසන්සුන්…දුටු ගමන් ආකර්ශනය වෙන හිනාවක් තියෙන ඒ මූන මගේ හිත බැදගෙන අවසානයි…

“පොඩ්ඩි අර රෙදි ටික නවා ගන්න…මෙතනට වෙලා මනෝ පාර දාගෙන ඉන්නෙ නැතුව…”

එතකොට තමයි මතක් වුනේ මම කොච්චර වෙලා රෙහාන් අයියා ගැන හිත හිත කාලය ගත කරාද කියලා….

හෙට ඒ හමුවීම වෙනකන් මට ඉවසීමක් නෑ…

ලබන මාසෙට

සනාලි ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *