හිසකෙස් සහ පෝෂණය

හිසකෙස් සහ පෝෂණය

මට හිතුණා අද අකලට කෙස් වැටීම ගැන මගෙ අත්දැකීම් බෙදාගන්න. කෙස් අපට කලට සහ අකලට නැති වෙනවා. කලට කෙස් වැටීම කියලා මම අදහස් කලේ වයස අවුරුදු 25-30න් පස්සෙ හිසකෙස් යාම ගැනයි. එතකොට ගොඩාක් හේතු ඒකට බලපානවානෙ වයසත් එක්ක එන හෝමෝන අසමතුලිතතා , පෝෂණ ඌණතා හා රෝගාබාධ.

අකලට කෙස් ගැලවීයාම අපි හිතමු අවුරුදු 16-30 කියලා. මගෙ අත්දැකීම නම් මේකට හේතු වෙන්නෙ නරක සෞඛ්‍ය පුරුදුමයි. ගොඩ දෙනා කියාගෙන එන්නෙ “අනේ බලන්නකො කොණ්ඩෙ යනවා හොඳටම මොනා කලත් නවතින්නෙ නෑ” කියලා. එයාලා මොනා කලත් කියලා අදහස් කරන්නෙ බොහෝ විට තෙල් ගෑම සහ විටමින් වර්ග පාවිච්චියි. සමහරු වෛද්‍යවරුන්ගෙන් බේත් අරගෙනත් ඒ බේත් බොනකල් හොඳයි . නැවැත්තුව හැටිය ආයෙත් පරණ විදිහමයි.

ඉතින් එහෙම එන අයගෙන් මම අහන ප්‍රශ්නයක් තමයි කොන්ඩ ගස් මුලින්ම ගැලවෙනවද නැත්නම් මගින් කැඩිලා යනවද කියන එක. මොකද ඔය දෙකට හේතු වෙනස් වගේම ප්‍රතිකාරත් වෙනස්.

ගොඩක් බහුලව තියෙන්නෙ මුලින් ගැලවී යාමනෙ. ඒ උත්තරේ ලැබෙන අයගෙන් මම ඊළඟට අහන්නෙ කෑම හරියට කනවද කියලයි.හැමෝම කෑම කනවා කියනවා තමා…ඒත් ඔන්න කන බොන විදිහ. උදේ නැගිටලා පිටි සීනි යහමින් දාපු තේ එකක්. උදේ කෑම ගෙදර වැඩ ඔක්කොම කරලා 10-11ට විතර. ආයෙ දවල්ට 3-4 විතර. රෑට කන්නෙ නෑ කියනවා. ඉතින් කොහොමද ඇග අපිට හොඳ ප්‍රතිඵලයක් දෙන්නෙ. ඇඟට අපි හොඳ විදිහට වෙලාවට කන්න බොන්න දීලා පිරිසිදු කරලා තිබ්බොත් තමා හොඳ output එකක් අපට දෙන්නෙ. දෙන විදිහට තමා ලැබෙන්නෙ.

ඉතින් මම එයාලට උපදෙස් දෙනවා පුලුවන් නම් උදේ 6 වෙද්දි කිරිපිටි සීනි නැතුව, fresh milk වීදුරුවක් බොන්න සීනි නැතුව. 8 වෙද්දි උදේ කෑම කන්න. වඩා හොඳයි ඇට වර්ගයක් තම්බල කන එක.10 වෙද්දි පලතුරක් හෝ උදේ තම්බපු ඇට වර්ගෙම. 1 වෙද්දි දවල් කෑම. ඒත් බත් හැඳි 2ට එළවළු මාලු වැඩියෙන්. ආයෙ 3ට විතර යෝගට් එකක් . හවස 6 ට විතර රටකජු, කජු, වගේ ඇට වර්ගයක්. රෑ 8 වෙද්දි රෑ කෑම ගන්න කියලා. මෙහෙම කරලා දිනපතා හිස් කබල ෂැම්පූ දාලා සෝදලා මාසයක් යද්දි කොණ්ඩෙ මුලින් ගැලවිලා යන එක නතර වෙනවා. එහෙමත් නතර නොවුනොත් නම් හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මුන ගැහෙන්න වෙනවා. කෙස් ගස් මගින් කැඩිලා යන එක ගැන මම වෙන දවසක කියන්නම්.

සුරේඛා පෙරේරා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *