අඟහරු ලෝකයේ කුමාරිකාවක්

අඟහරු ලෝකයේ කුමාරිකාවක්

එඩ්ගාර් රයිස් බරෝස් ඉපදුනේ 1875 සැප්තම්බර් 1 වෙනිදා චිකාගෝ නගරයේදීය. ඔහු නිරතවුණ සෑම රකියාවකින්ම ඔහු අසාර්ථක වුන අතර 1895 දී මිචිගන් මිලිටරි ඇකඩමියෙන් තම උසස් අධ්‍යාපනය නිම කර උපාධිය ලබා ගත්තේය.පසුකාලීනව ලිවීමෙහි ඔහු නිරතවන්නට පටන් ගත් අතර ඔහු පැවසුවේ ප්‍රබන්ධ ලිවිමෙහිලා ඔහු එකදු නීතියක් රීතියක් ඉගෙන නොගත් අතර ඔහුට ලිවිම තුලින් මානසික තෘප්තියක් ලැබෙන බවයි.එලෙසම ඔහු පරිකල්පනයත් සමගින් කුඩාම ආකාරයකින් වුවද සතුටු වෙන බවයි.1911 වන විට ඔහු මංමුලාවූ තත්වයට පත්ව සිටියත් ඔහු යා යුත්තේ කුමන දිශාවටද යන්න ඔහු දැනගෙන සිටියේය.ඔහු එකල Pulp Magazines කියවීමට හුරුව සිටි අතර මෙවැනි සඟරා වලට ලියා අනික් යට මුදල් ඉපයීමට හැකිනම් තමන්ට එසේ කිරීමට නොහැකි මන්දැයි ලෙස තමන්ගෙන්ම අසා ගත ඔහු තම ලිවිම කෙමෙන් ආරම්භ කිරීමට පටන් ගත්තේය.

ඔහුගේ පළමු කෘතිය වුයේ සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයකු වූ පර්සිටල් ලොවෙල් අඟහරු ග්‍රහයා මත මනසින් සහ තාක්ෂණයෙන් දියුණු ජීවින් එහෙ විශ්මය දනක ශ්‍රිෂ්ටාචරා පවතී යන කල්පිතය පදනම් කර ගනිමින් 1911 දී රචිත Under The Moon of Mars කෘතියයි.1912 දී All Story Magazine යන කෘතියේ මෙය කොටස් වශයෙන් පළවූ අතර එය බෙහෙවින්ම සුප්‍රසිද්ධ වන්නට වූ අතර මින් ඔහුට ඩොලර් 400 ක ගෙවීමක් ද සිදුකරන ලදී. ඉන් පසුව පසුකාලීනව Planetary Romance ශානාරයේ කෘතියක් ලෙස ප්‍රචලිත A Princes of Mars කෘතිය රචනා කරන ලදී. මෙම කෘතිය 20 වන සියවස ආරම්භයේදී ලියවුනු විද්‍යා ප්‍රබන්ධ අතර සුවිශේෂී ස්ථානයක් ගත් කෘතියක් ලෙස නම් කර ඇත.

මෙහි අන්තර්ගතය වනුයේ Confederate සොල්දාදුවකු වන ජෝන් කාටර් යුද්ධය අවසන් වූ පසු ඇරිසෝනා වේ රන් රන් අකර සොයමින් හා පතල් කැණීම් කරමින් සිටින සමයේදී එහෙ සිටින බර්සොම් නම් ස්වාදෙශිකයින්ගේ ග්‍රහණයට අසුව පසුව අඟහරු ග්‍රහයා මතදී අවදි වේ. නමුදු මොහුගේ සිරුර හැඩ ගැස්වි තිබෙන්නේ පොලවේ ගුරුත්වාකර්ෂණ බලයටය. අඟහරු ලොව මත ඇති ප්‍රතිවිරුද්ධ ගුරුත්වාකර්ශනයේ වෙනස්වීම හේතු කොටගෙන මොහුට දුර පැනීමට හැකියාව ලැබේ. මොහු එහි ස්වෙදෙශිකයින් පුදුමයට පත් කරනු ලබයි.එහිදී ටාර්ස් ටාර්ක්ස් නම් මෙම ජනයාගේ උප ප්‍රධානියා සහ පාලකයා වූ රණශුරයා මොහුව අල්ලාගෙන යන අතර පසුව එහිදී ඩියා තොරිස් නම් කුමරියක හමුවන අතර ඇය සමගින් ආදරයෙන් බැඳේ.මෙහි මුල්ම පරිච්ජෙදයේදී මොහු එම ගරහලෝකය පිළිබඳව වැඩිදුර විස්තර කිරීමක් කරයි. මෙහිදී කාටර්ට සුපිරි බලයක් හිමිවන අතර සුපිරි ශක්තියකින්ද මොහු යුක්ත වේ.රණකාමි ශුරතාවයකින් යුක්ත වීම නුපුරුදු කඩිසරකමකින් යුක්ත වීම.ශාරීරික ප්‍රියතාවය යන ලක්ෂණ මෙහිදී ඔහුගේ සිදුවේ.මෙහිදී අඟහරුගේ ගුරුත්වාකර්ෂණයට මොහු හොදින් මුහුණ දේ. මෙහිදී ඔහුගේ සිවිල් යුද්ධයන් වලදී ලද අත්දැකීම් ආශ්‍රය කරගෙන විවිධාකාර පිටසක්වල ජීවින් සමහ සටන් වැද ජයග්‍රහණය ලබා ගනී,

මෙම කෘතිය වෙනත් ග්‍රහලොවක සංස්කෘතියක් පිලිබඳ කරන ලද රචනයකි.කුතුහලය ගෘන්ගාරය ,,ත්‍රාසය භීතිය නංවන අපුරුම වික්‍රමාන්විත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.

මෙය ප්‍රභාත් මිරිගල්ල කතුවරයා විසින් අඟහරු ලෝකයේ කුමාරිකාවක් ලෙස පරිවර්තනයට ලක් කරන ලද අතර ප්‍රතිභා ප්‍රකාශකයන් යටතේ ප්‍රකාශනයට පත් කරන ලදී.

නිලක්ෂි බණ්ඩාර 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *