කට දැවිල්ලට රයිස් කන්න කැමති අයට විශේෂ බතක්

කට දැවිල්ලට රයිස් කන්න කැමති අයට විශේෂ බතක්

නාසි ගොරේන්ග්   Nasi goreng

ලෝකයේ ඇති ෆ්‍රයිඩ් රයිස් අතරින් වඩාත්ම කතාබහට ලක්වූ රසවත්ම රයිස් එක “නාසි ගොරේන්ග්” රයිස් එක කියලයි ලෝකය පිළිගන්නේ.

ඉන්දුනීසියාවේදී හැදී වැඩී පසුව මැලේසියාවේදී ලොකුමහත් වී සිංගප්පූරැවේදී යොවුන් විය ගතකල මේ අසිරිමත් රයිස් එක හැම හෝටලයකම හැම තරැ පන්තියේ අවන්හලකම තෙම්පරාදු බතක් ලෙස පිළිගැන්වෙනවා.

නියම නාසි බතට ඉස්සො,දැල්ලො, කුකුල් මස්  වෙනත් මස් වර්ග එකතු කෙරෙනවා.

සාමාන්‍ය රයිස් එකට වඩා ටිකක් දැවිල්ල රයිස් එකක් වූ මේ නාසි බත උණු උණුවෙම පිළිගැන්වෙන රසවත් බතක්

ඉන්දුනීසියන් විදිහට හදනව නම් එයාලා මේකට Shrimp paste එක එකතු කරනවා.ඒත් අද ශ්‍රී ලංකන් ස්ටයිල් එකට නාසි බත හදමූ. 

♨️මුලින්ම බාස්මතී හාල් සෝදා විනාඩි 10 ක් පෙගෙන්න තියන්න.මම නම් බත් කෝප්ප එක හමාරක් විතර හැදුවේ.

♨️බාස්මතී හාල් හරියට උයන විදිහ සමහර අය දන්නෙ නැහැ.සාමාන්‍ය හාල් වලට වතුර තියන්නේ ඇගිලි එක පුරැකක් නම් බාස්මතී වලට වතුර තියන්න ඕනි ඉට අඩුවෙන්.ඇගිලි පුරැකෙන් බාගයක් විතර.

♨️වතුරට තෙල් බිංදු කීපයක් එක්කර මදගින්නේ පිසගන්න.

එවිට බත් ඇට හොදින් වෙන්වී හිටිනවා.ඇලෙන්නෙ නැහැ.

♨️ගෑස් ලිපක උයනවා නම් වතුර බත් මට්ටමට වඩා යට ගිය පසු පියන ඇර මදගින්නේ පිසගන්න.

♨️බත් ඉදුන පසු කූරැ ගා තෙත නැති පිගානක් හෝ බදුනක තුනී කරන්න.එවිට බතේ තෙත ගතියක් ඇත්නම් වියලේ.

ඉන්පසු කටු නැති චිකන් කොටු කපාගෙන, කුඩා ඉස්සන් ටිකක් සෝදාගෙන බදුනකට දමා එයට තුනපහ ටිකක් හෝ මසාලා පවුඩර් ටිකක්,මිරිස් කුඩු ටිකක්,ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු දමා කලවම් කර සීසන් වීමට තබන්න.

සුදු ලූණු ගෙඩි දෙකක්,ඉගුරැ⁣ පොඩි කැබැල්ලක් ග්රයින්ඩර් එකට දමා අඹරා ගන්න.

♨️තාච්චියට තෙල් මේස හැන්දක් පමණ දමා රත් වූ විට බටර් තේ හැන්දක් පමණ දමා අඹරාගත් ඉගුරැ සුදු ලූණූ ටික එක්කර රන්වන් පාට වනතුරැ බැදගන්න.

♨️එයට කලින් සීසන් කරගත් චිකන් සහ ඉස්සෝ දමා බැදගන්න.(ගොඩක් කරවන තුරැ බදින්නේ නැත.චිකන් ටික සුදු පැහැ වනතුරැ පමණි)

දැන් චිලී පේස්ට් තේහැදි දෙකක් පමණ එකතු කරන්න.

සැර අවශ්‍ය තරම් චිලී පේස්ට් අඩු වැඩි කරගන්න.

(චිලී පේස්ට් නැත්නම් කෑලි මිරිස් ටිකකට විනාකිරි තේ හැන්දක්,දෙහි යුෂ ටිකක් එක්කර තබාගන්න)

සෝයා සෝස් මේස හැන්දකට සීනි තේ හැන්දක් පමණ දමා දියකර මෙයට එක් කරන්න.

♨️දැන් හීනියට දිගට ගා ගත් කැරට්,ලූණු කොළ,බෝංචි,මාලු මිරිස් එක් කරන්න.

♨️රස අනුව ලුණු කුඩු එක්කරන්න.

♨️ඉක්මනින් බත් ටිකද එක් කර කලවම් කර ලිපෙන් බාන්න.

නාසි බත නිකන් උනත් කන්න පුලුවන්.තක්කාලි සෝස් ටිකක් අන්නාසි කෑල්ලක් තිබුනත් ඇති

තව මේ සමගම බිත්තර බුල්ස්අයි එකක් තියනවා

තැටියකට තෙල් හොදින් දමා බිත්තරයක් කඩා දමන්න.

තෙල් හොදින් තැටියේ තැවරැවේ නැත්තම් බුල්ස්අයි එක කැඩෙන්නේ නැතු ගලවා ගන්න බැරි වේවි.

කහ මදය සුදු මදයට කලවම් නොවෙන්න දමන්න.

ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉස බුල්ස්අයි එක සකසා ගන්න.

දැන් කෝප්පයක් ගෙන සකසා ගත් නාසිගුරාන් රයිස් පුරවා තරමක් තදකර ප්ලේට් එකක් මත කෝප්පය නවන්න.

උඩින් බුල්ස්අයි එක තබා තක්කලි සෝස් සමග පිලිගන්වන්න

චමීරා පතිනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *