කළු මිටි මහත අයට ෆැෂන් කරන්න බැරිද…?

කළු මිටි මහත අයට ෆැෂන් කරන්න බැරිද…?

කළින් ලිපියෙන්  අපි පොඩි ආරම්භයක් ගත්තා මේ කාරණය ගැන පොඩ්ඩක් අපේ කාන්තා පාර්ශවය දැනුවත් කරන්න. අපි දන්නවා මේ වෙනකොට බොහෝ කාන්තාවන් කාර්ය්‍ය බහුල ජීවිතයක් ගතකරන්නේ කියලා. සමහරු උදේ නැගිට්ට වෙලේ ඉඳලා රෑ නින්දට යනකල්ම වැඩ. ගෘහනියන් විදිහට තමන්ට තමන් ගැනවත් ටිකක් නිදහසේ හිතන්න බැරි වෙන තරමටම වැඩ කරන්න සිදුවෙනවා. ඒ වගේම ඔබ ඔෆිස් යන කාන්තාවක් නම් ඔබට දවසකට පැවරෙන වැඩත් එක්ක ඔබ ගැන හිතන්න තියෙන වෙලාවත් අඩු ඇති. ඔබට තියෙන්න කාර්ය බහුල බව නිසාම ඔබට ගැළපෙන විලාසිතා

මොනාද කියලවත් හිත හිතා ඉන්න වෙලාවක් නැති බව අපි හොඳින්ම දන්නවා. ඔබ සමහර

විට බබාව ක්ලාස් දාලා ක්ලාස් එක ඉවර වෙනකල් ෂොපින් කරන්න යන කාන්තාවක් වෙන්න

ඇති. එහෙම නැත්නම් උදේ ඉඳලා මැරිලා මැරිලා ගන්න සැලරි එකෙන් ඔෆිස් එකේ යාළුවො

එක්ක හවසට ෂොපින් යන කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඇඳුමක් ගන්නම

යන්න ඕනේ කියලා ප්ලෑන් කරලා යන දවස් හරි අඩුයි නේ. ඒ නිසා ඔයාට ඔයාගේ ඇඟේ

හැටියට වගේම සමේ පාටටත් ගැළපෙන ඇඳුමක් තෝරාගන්න පොඩි ටිප්ස් ටිකක් දෙන්න

හිතුණා.

මුලින්ම ඔයාගේ සමේ වර්ණය (Skin Tone) මොකද්ද කියලා අඳුරගන්න.

warm, Cool සහ Neutral ලෙස මූලික skin tones තුනක් තියෙනවා.ඔයා මේ තුනෙන් මොන skin

tone එකටද අයිතිවෙන්නේ කියලා බලන්න මෙන්න මේ දේ කරලා බලන්න. ඔයාගේ අත්වල

මැණික් කටුව ළඟ යට පැත්ත බලන්න. ඕනම කෙනෙක්ට එහි නහරවල් වල පාට දැකගත

හැකියි.

ඔබේ නහරවල් කොළ-නිල් හෝ දම් පැහැයට හුරු නම් ඔබ අයත් වෙන්නේ Cool Skin Tone

කැටගරි එකට.

ඔබේ නහරවල් කොළ පැහැය පමණක් පෙන්වන්නේ නම් ඔබ අයත් වෙන්නේ Warm Skin Tone

කැටගරි එකට.

ඒ වගේම ඔබේ නහරවල් වල පැහැය කොළ – දම් පැහැයට හුරුනම් හෝ හඳුනාගැනීම අපහසු

නම් ඔබ බොහෝ දුරට Neutral Skin Tone කැටගරි එකට වැටෙන කෙනෙක් වෙන්න පුළුවන්.

අපි දැන් බලමු ඔයා තෝරාගන්න ඇඳුම් වල පාට කොහොමද ඔයාගේ සමේ පැහැය අනුව

ගළපගන්නේ කියලා.

ඔබ Cool Skin Tone එකකට හිමිකම් කියන කෙනෙක් නම් ඔබට වඩාත් ගැළපෙන්නේ නිල්, දම්

සහ කොළ පැහැති ඇඳුම්. මේ වර්ණ වර්ණ වල සියුම් වෙනස් කම් ඇති ෂේඩ්ස් වලින් යුතු ඇඳුම්

උනත් ඔබව තවත් හැඩ කරාවි.

ඔබ Warm Skin Tone එකකට හිමිකම් කියන කෙනෙක් නම් ඔබට වඩාත් ගැළපෙන්නේ රතු,කහ,

තැඹිලි සහ olive green නමින් හඳුන්වන කොළ පැහැයෙන් හෝ ඒ වර්ණ වල සියුම් වෙනස්කම්

ඇති ඒ හා සමාන පාටකින් යුතු ඇඳුම්…

ඔබ Neutral Skin Tone එකකට හිමිකම් කියන කෙනෙක් නම් ඉහත සඳහන් නොකළ, අනෙක්

ඕනෑම වර්ණයන් ගෙන් තිබෙන ඇඳුම් ඔබට ඉතා ලස්සන පෙනුමක් ලබා දේවි.

ඔයා plus sizes අඳින කෙනෙක් නම් මේ tips ඔයාට වැදගත් වේවි….

ඒක වර්ණ ඇඳුම්.

අපි කියනවා Monochromatic කියලා. ඒ කියන්නේ ඔබ තෝරාගත යුත්තේ සියුම් වෙනස්කම්

තියෙන ඒක වර්ණ ඇඳුම්. ඇත්තටම කිව්වොත් ෆැෂන් කියන්නෙත් එක්තරා විදිහක කලාවක්.

ඒක හරිම සිත්ගනාසුළුයි. ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක්ට ඇඳුම් වලින් සෙල්ලම්

දාන්න පුළුවන්, තමන්ගේ පෙනුම ටිකක් වෙනස් කරලා පෙන්වන්න. ඒ වගේම ඇඳුම් වල පාට,

හැඩය සහ ඇඳුම් වල ප්‍රින්ට් එක උනත් බලපානවා මේ කියන කාරණේට. අපි කතා කලේ

සියුම් වෙනසක් තියෙන ඒක වර්ණ ඇඳුම් ගැන.පොඩි උදාහරණයක් දෙන්නම්.

Brown කියන color එක ගත්තොත් ඒකෙ ෂේඩ්ස් කීපයක් අපිට දකින්න පුළුවන්. chocolate

brown, chestnut brown and beige වගේ ෂේඩ්ස් දකින්න පුළුවන් .ඒ වගේම අනික් හැම පාටකම ඒ

වගේ සියුම් වෙනස්කම් ඇති එකම පාටකට වැටෙන ෂේඩ්ස් කීපයක්ම දකින්න පුළුවන්. ඒ

වගේම වර්ණයක් ගත්තම ඒ වර්ණයට තියෙනවා බරක්. අපි කියනවා color value කියලා.

සරලව කිව්වොත් වර්ණයක තද හෝ ලා ගතිය. එකම වර්ණයේ තද වර්ණය, ලා වර්ණය සහ ඒ

අතර වර්ණය දකින්න පුළුවන්. එතකොට ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක්ට පුළුවන්

මේ කියන වර්ණ වලින් සෙල්ලම් දාන්න. මං අර කලින් කිව්වත් වගේ ඒ වර්ණ ගළපලා ඇඳුම්

ඇන්දම ඔයාගේ පෙනුම වෙනස් වෙලා පෙනේවි. තියෙන ශරීරයට වඩා ටිකක් කෙට්ටුවට

පේන්න ඕනේ නම් මෙහෙම ඇඳලා ට්‍රයි කරලා බලන්න.

තද සහ ලා පැහැති, එකම ගණයට වැටෙන පාටවල් දෙකක් ශරීරයෙන් වැඩි හරියක් වැහෙන

සේ අඳින්න.

උදාහරණයක් කිව්වොත්, තද කළු පාට පෑන්ට් එකකට තද නිල් පාට ටොප් එකක් ඇඳලා

බලන්න. ඔයාව හිටියට වඩා කෙට්ටුවට පෙනෙයි.

මතක තියාගන්න ඔයා තෝරාගන්න ඕනේ ඔයා කැමතිම පාට ඇඳුම් නෙවෙයි… ඔයාගේ සමට

වඩාත්ම ගැළපෙන පාටින් තියෙන ඇඳුමයි..

ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක්ට එකිනෙකට වෙනස් පාට දෙකකින් (අපි කියනවා

contrasting colors කියලා) ඇඳුම් අඳිනවාට වඩා මේ වගේ ගළපලා ඇන්දම ලස්සනක් පේනවා. ඒ

වගේම ඔබට පුළුවන් නම් දීප්තිමත් පාටකින් (Bright Colour) යුතු මාලයක් හෝ බෙල්ට් එකක්

පළඳින්න පුළුවන් නම්

ඔබව තවත් හැඩට පෙනේවි. තද නිල් පාට ටයිට් සායකට ඊට වඩා ලා නිල් පාට ටොප් එකක්

යට කරලා ඇඳලා රතු පාට බෙල්ට් එකක් දැම්මම ඔයාව හැඩට පෙනෙයිද කියලා ට්‍රයි කරලා

බලන්න.

දිලිනි ඇලපාත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *