ක්‍රොශේ කලාව මුල සිටම – දෙවැනි පාඩම

ක්‍රොශේ කලාව මුල සිටම – දෙවැනි පාඩම

පසුගිය කලාපයේ දී අප පාඩම් වල ට අවශ්‍ය වන උපකරණ පිළිබද හදුන්වා දුනි. ඉතිං ගෙත්තම් පිටුව පෙරලා බලන ඔබ මේ වන විට එම උපකරණත් සමග සූදානම් වී ඇති බවට කිසිදු සැකයක් නැත.

ගෙතුම් යනු හුදෙක්ම විනෝදාංශයක් නොවේ. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මානසික ආතතිය සදහා චිකිත්සාවක් ලෙසත් ගෙතුම් ක්‍රම භාවිතා කරයි.

පිරවුම් කිරීමෙදී දෑත් වල සිදුවන වල පුනරාවර්තී චලනයත්, වර්ණ භාවිතයත්, මෝස්තරයන් අනුගමනයේදී අවශ්‍ය වන සංයමයත් භාවනාවක දී මෙන් බොහෝ විට වියවුල් වී ඇති අප මනස එක් තැන් කිරීමට උපකාරී වේ.

ඔබ ඉතා විඩාවට පත් මොහොතක ගෙතුමක් කිරීමට පෙළඹුනහොත් එමගින් විඩාව කෙමෙන් දුරු වන හැටි ඔබට පෙනේවි. ඔබ යම් මානසික පීඩනයකින් සිටින අවස්ථාවක නම් ක්‍රම ක්‍රමයෙන් මනස සංසුන් වන බව ඔබට දැනේවි. එසේනම් අපි ගෙතුම් සදහා පළමු පියවර තබමු.

ඔබ සූදානම් කරගත් ගෙතුම් කටුවත් යාර්න් බෝලයත් ළගට ගන්න.

මුලින්ම ඔබට පහසු ආකාරයට ගෙතුම් කටුව අල්ලා ගත යුතුයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් භාවිතා වේ.

1.             පිහියක් ආකාරයට අල්ලාගැනීම

2.             පැන්සලක් ආකාරයට අල්ලාගැනීම

මෙයින් ඔබට වඩා පහසු ක්‍රමය තෝරාගන්න.

ලිස්සන ගැටය slip knot

ගෙතුමක මූලාරම්භය වන්නේ slip knot හෙවත් ලිස්සන ගැටයයි.

3.             රූපයේ ඇති ආකාරයට මුදුවක් සාදාගන්න

4.             දැන් මුදුව අතරින් ඇගිළි 2 ආධාරයෙන් A ලෙස ලකුණු කර ඇති  ස්ථානයෙන් අල්ලා ඉහළට අදින්න

5.             අනෙක් අතින් B ස්‍ථානයෙන් අල්ලාගනිමින් තොණ්ඩුව හොදින් සිර වන ලෙස අදින්න

6.             දැන් තොණ්ඩුව තුලට කටුව ඇතුල් කර කටුවේ ප්‍රමාණයට තොණ්ඩුව සෑදෙන සේ C වලින් අල්ලා අදින්න

7.             මෙහිදී තොණ්ඩුව කටුවට පහසුවෙන් එහා මෙහා යා හැකි ලෙස ලිහිල්වත් කටුවේ මහතට ගැලපෙන තරමටත් තිබිය යුතුයි

දැන් අපි ගෙතුම් කිරීමේදී නූල් අතෙහි රදවාගන්නා ආකාරය ඉගෙනගනිමු.

8.             තොණ්ඩුව සහිත ගෙතුම් කටුව හුරු අතේ රදවාගෙන අනෙක් අතේ ඇගිලි මත නූල් පට වැටෙන්නට හරින්න.

9.             දැන් 5 වන ඇගිල්ල සහ 4 වන ඇගිල්ලට මැදි වන ලෙස නූල් පට අත්ලේ ඇතුල් පැත්තේ සිට පිට පැත්තට යන ලෙස තබා සිර කරගන්න

10.         නැවත දෙවන ඇගිල්ල මතින් ඉදිරියට ගෙනෙන්න

11.         පළමු හා තෙවන ඇගිලි තුඩු අතරට හිරවන ලෙස නූල් පටේ නිදහස් කොන අල්ලාගන්න

දැන් ගෙතුමක අඩිතාලම වන දම්වැල ගොතාගනිමු

12.         11 වන පියවරේදී අල්ලාගත් ලෙසම අල්ලාගෙන රූපයේ පරිදි ගෙතුම් කටුව A මතින් තබන්න

13.         කටුව නූල යටින් යවා පටලවාගෙන තොණ්ඩුව තුළින් ඇදගන්න

14.         රූපයේ පරිදි ගැටය ඇගිලි තුඩු අතර සිර කරගත් විට තොණ්ඩුව ඉවතට ඇදීම පහසු වේ.

15.         ඔබට අවශ්‍ය දම්වැල් ගණන ලැබෙන තුරු ඉහත ආකාරයට කරන්න.

16.         ගොතාගත් දම්වැල මේ ආකාරයට දිස් වේ.

17.         මෙහි ඉලක්කම් දමා ඇති ආකාරයට දම්වැල් ගණන 12 ක් වේ

මෙලෙස දිගටම දම්වැල ගෙතීමෙන් අනවශ්‍ය ලෙස තද හෝ ලිහිල් නොවන ලෙස නියමිත ප්‍රමාණයට සහ එක සමානව ලෙස දම්වැල් ගෙතෙන ලෙස අත හොදින් හුරු වන තුරු නොනවත්වා පුරුදු වන්න.

තවත් මූලික දැනුම සමග මීළග කලාපයෙන් හමුවෙමු.

අසින්සලා රත්නායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *