පැරැණි තුන පහ සාස්තරේ

පැරැණි තුන පහ සාස්තරේ

ලියාරා   පසුගිය කලාපයෙන් මම  ගෙදර හදාගන්න තුන පහ වර්ග කීපයක් ගැන  ඔබට ගෙනාවා.

ඒ වර්තමාන ඉවුම් පිහුම් රටවත් සමඟ හැඩගැහුනු කාන්තාවන්,  නිතර තුන පහ ලෙස සකසා ගන්නා තුන පහ වර්ග කීපයක් ගැනයි. 

   මට හිතුනා අපේ පැරණි ජන සමාජය තුළ බාවිත කළ මේ ඖෂධීය  ගුණ සපිරි ආහර රසකාරක මිශ්‍රණය වන තුන පහ ගැන මේ කලාපයෙන් ඔබට ගෙන එන්න .

    මම පුංචි කාලෙ මට මතකයි අම්මගෙ මහ ගෙදර හිටිය ඉවුම් පිහුම් වලට ආච්චි කෙනෙක් . මම  අදටත් උයද්දි ඒ ආච්චි කරපු දේවල් මතක් වෙනවා ..

   රෙද්ද හැට්ටෙ ඇදගෙන මිරිස් ගලත් එක්ක ඔට්ටුවෙලා අඹරන  හැටි මම බලන් හිටියා,

ගලේ අඹරන තරමට මාත් උස  ගියාම මෙහෙමයි අඹරන්නෙ කියලා  හිතුවත් ආසාවට පොල් ටිකක් හැරුනු කොට එදවස මිරිස් ගල මට ලැබුණේ නැත. 

     මට නොතේරුනත් මම  එකින් එක්ට අහනව ආච්චි ගෙන්. උන්දැට තරහ ගිහින් ගෙදර අයට හොරෙන් මට බැනල ත් තියෙනව .  ඒ ආච්චිගෙ ඇඹරුමට අනුව ඒ තුන පහ ගුලියෙ නොයෙක් වර්ගවල ආහාර රසය එන ජාති වර්ග 8 ක් විතර  තියෙනව. 

ඒවා නම්.

  • කොත්තමල්ලි
  • සූදුරු
  • මහදුරු   (මේ වර්ග 3 එකට අඹරනවා)
  • කහ කැබලි
  • අබ
  • ගම්මිරිස්
  • රතු මිරිස්  කරල්  
  • ලුණු කැට (මිරිස්  කරල් ,ලුණු කැට එකට අඹරයි)

  මේ කුළු බඩු ඖෂධීය රසකාරකයන් කිව්වොත් නිවැරැදියි.

ඒව ආහාරයට  එක්කිරීමෙන් ආහාරයට ඒ ඒ  රස කාරකයේ ආවේණික රසය නිසා ආහරයේ ඇති ගුණාත්මක බාවය සහ රසය තීව්‍ර වනවා.

මීට  අමතරව  සුවඳ කාරක ලෙස  කරදමුංගු,කරාබුනැටි ,කුරුඳු ,රම්ප,කරපිංචා  වැනි කුළු බඩුද ඇත.

එයින් කෑම රුචිය වැඩි කරවන සුවඳක් එක් කරයි.

කෙසේ වෙතත් පලාත් අනුව අපේ සමහර ආහර රටාවල පුංච් පුංචි වෙනස් කම් පවතිනව.එවිට තුනපහ ලෙස මෙයින් ඇතැම් වර්ග වෙනස් වීමට ද හැකියාව ඇත.

නවීන මුළුතැන්ගෙයි  ඇඹරුම් ගල තුනපහ ඇඹරීමට යොදා නොගනී…

එහෙත් කුළුබඩුවේ නියම ශාරය (essence ) නියමාකාරයෙන් ලබාගන්න ට නම් එය තැලී ඇඹරීමට ලක්විය යුතුයි.

 අඹරුම් යන්ත්‍රය මගින්   සිදුවන්නෙ සිහින් කැපීමකට ලක් වී කුඩු බවට පත් වීමයි.

 වර්තමාන ජීවන රටාව තුළ ගෘහණිය කාර්‍ය්බහුල වීම හේතුවෙන්  මුළුතැන් ගෙය ඇගෙන් මදක් ගිලිහෙන අතර වැඩ පහසු කිරීමේ යන්ත්‍ර වලට මේ වන විට මූලිකත්වය ලැබී තිබෙනවා.  

වැඩ පහසු කරන මෙවලම් අලුත් වෙවී ආවත් තුන පහ  මිරිස් නිවසේම කුඩු කරගන්නේ බොහොම ටික දෙනයි.

 ආහාර රාටව තුළ ශරීරයෙ දොස්  නසාලමින් ආහරයේ ඇති ගුණයන් සිරුරට අවශෝෂණය  කිරීමට උත්තේජනයක් ලබාදෙන මෙම තුන පහ ටික පුරුද්ද ට වගේ දාන්නම් වාලේ ආහාරයට එකතු කරනොගෙන, හැකි පමණ නිවසේදි ම පිරිසිදු ව සාදා ගන්නට උනන්දු වන්න.

මේ කුළු බඩු වල ඇති ඖෂධීය ගුණ ගැන ගැඹුරින්  විග්‍රහය නොකරන්නේ ඒ පිළිබඳ ආයුර්වේද දැනීම නොලැබූ නිසාවෙනි..

එහෙත් මගේ දැනුවත් වීම උදේසා අසා දැනගත් සහ සොයාගත්  කරුනු වලට අනුව නම් මේ සෑම කුළුබඩුවක් ම එකකට එකක් පරයා නොයන, සිරුරට අවශ්‍ය විටමින් ,ඛණිජලවන,ප්‍රොටින් ප්‍රතිඔක්සිකාරකයන් ,තන්තු සහ සිරුරේ ප්‍රතිශක්තිකරණය  රදවන්නට සමත් මහා ගුණ රාශියක් යුක්ත වේ. 

ඉන්දියාවේ  බහුතරයක් නිවාස වල මේ සියලුම දේ ගල් වංගෙඩියේ කොටාගෙන හෝ ඇඹරුම් ගලිකින් අඹරා සකසා ගනිති

නිසි ආහර රටාවකින් ඔබෙ නිරෝගී බව රැක ගන්නට හැකි වන අතර නිවසේ අහාර සැකසුවාට ඔබට එහි නියම ගුණාත්මක බව රැක ගන්නට නම් මේ කුළුබඩු  ඇඹරුම නිවසේදි ම සකසාගන්නට පුරුදු වන්න. 

ඔබට නිරෝගීමත් හෙට දවසක්. 

රැඳෙන්න ලියාරා සමඟ තවත් බොහෝ දේ දැනගන්න

දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *