පියයුරු ව්‍යුහය සහ මව්කිරි නිපදවීම

පියයුරු ව්‍යුහය සහ මව්කිරි නිපදවීම

අද වනවිට කාන්තාවන් අතර සුලභම පිළිකාව ලෙස පියයුරු පිළිකාව මුල්තැන ගෙන ඇත.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ ලිපි පෙළක මුල් ලිපිය ලෙස මෙය ඉදිරිපත් කරමි.

පියයුරු කාන්තාවන්ගේ ඇස් වලින් පසුව පිරිමින්ගේ සිත සොරාගන්නා අවයවය ලෙස සැලකේ.පියයුරු සශ්‍රීකත්වයේ සහ මාතෘත්වයේ සංකේතයක් ලෙසත් සැලකේ…

පියයුරු,

අපේ සිරුරේ උරස් කොටසේ දෙවැනි  සහ හය වෙනි ඉළ ඇට ( පර්ශු) අතර පිහිටයි.

මේවායේ හැඩය සහ ප්‍රමාණය එක් එක් කාන්තාවන් අනුව වෙනස් වේ…

පියයුරු වල ක්‍රියාකාරිත්වය සහ වර්ධනය,

ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම,

ගර්භණීකාලය

කිරිදෙන සමය

ආර්තවහරණය යන කාල වල වෙනස්කම් වලට ලක්වේ.

පියයුරු ප්‍රධාන වශයෙන් ව්‍යුහමය ලෙස කොටස් තුනකි.

1. සම

2.අධඃචර්මීය මේද පටකය

3. පියයුරු පටකය

සම කොටස තුනී වන අතර, රෝම ස්වේද ග්‍රන්ථි ආදියෙන් සමන්විතය .

තණ පුඩුව කොටස ඉතාම සංවේදී වන අතර රෝම නොපිහිටයි.

තණ පුඩුව වටා පිහිටන ඇරියෝලාව තද වර්ණයෙන් යුක්ත වන අතර සාමාන්‍යයෙන් මිලිමීටර් 15-60 දක්වා විශ්කම්භයක් පවතී.

සමට ඇතුලතින් පිහිටන අධඃචර්මීය මේද පටකයෙන් අභ්‍යන්තර පියයුරු පටකයට ආරක්ෂාව සැපයේ.

පියයුරු වල ප්‍රධානතම කාර්‍යය කිරි නිපදවීමයි.

මුල් වතාවට කිරි නිපදවීම ප්‍රධාන වශයෙන් අදිරය දෙකකින් සිදුවේ…

එහි පළමු අදියර කාන්තාවකගේ ගර්භණී සමයේ මැද බාගයේ පමණ ඇරඹෙන අතර සුළු වශයෙන් මව්කිරි නිපදවීමක් සිදුවේ..

දෙවන අදියර, දරුවා බිහිවූ පසුම ඇරඹේ..

එය සරළව පහතින් විස්තර කලත් එය, ඉතාම සංකීර්ණ කාර්‍යයකි.

එයට දායක වන්නේ අභ්‍යන්තර පියයුරු පටකයයි.

ක්ෂීර ග්‍රන්ථි උත්තේජනය වීමෙන් [හෝර්මෝනමය බලපෑම් ආදියෙන් සිදුවන ක්‍රියාවලියකින් පසු]

ඇතුලතම ඇති ගර්ත සෛල වලින් කිරි ශ්‍රාවය වේ..

කුඩා නාල ඔස්සේ ඇරිලෝලාව හෙවත් තණ මඬල කොටසේ එකතු වේ.

දරුවා උරා බොනවිට තණ පුඩුව හරහා කිරි පිටතට පැමිණේ…

කිරි නිපදවීමට ප්‍රොලැක්ටින් නම් හෝර්මෝනය බලපාන අතර,

කිරි විසර්ජනය වීමට ඔක්සිටොසින් නම් හෝර්මෝනය බලපායි.

මව්කිරි වල සංයුතිය

*ලැක්ටෝස් ( ප්‍රධාන සීනි වර්ගය)

*කිරි මේදය.- ට්‍රයිග්ලිසරයිඩ්, කොලෙස්ටරෝල් , පොස්ෆොලිපිඩ්ස්,ස්ටීරොයිඩ හෝර්මෝන

*ප්‍රෝටීන වර්ග

*ඛණිජ වර්ග_ සෝඩියම් ,පොටෑසියම් , ක්ලෝරයිඩ් ,කැල්සියම් ,මැග්නීසියම් සහ පොස්ෆේට්..

මව්කිරි  ( human milk) වල පෝෂණ ගුණය සේම එයින් සිදුවන කාර්‍යයන් ලෙස,

1. බැක්ටීරියා වලට හානිකර නොහැකිවන අතර ප්‍රතිශක්තිය කෙරේ සෘජුවම බලපායි.

2. ප්‍රති ප්‍රදාහික ගුණ antiinflammatory

3. බිළිඳාගේ ශරීර වර්ධනය සහ අහාර ජීර්ණ පද්ධතියේ මනා වර්ධනයට.

4.ජීර්ණ ආධාරකයක් ලෙස ක්‍රියාකිරීම ආදිය සැලකිය හැක.

ජීර්ණ අපහසුතා , ලැක්ටෝස් ජීරණය නොවීම ආදී ගැටළු සහිත සුළු අවස්ථා හැරුණුකොට උපතේ සිට මාස 6 ක් යනතුරු බිළිඳාට සුදුසුම එකම ආහාරය මව්කිරි පමණයි.

මව්කිරි මඟින් දරුවාට ,මවට ඇතුළුව බොහෝ පාර්ශව වලට සැලසෙන වාසි, පියයුරු වල ගැටිති , එවා හඳුනාගැනීම …පියයුරු පිළිකා….. ඉතින් අපි ඉදිරියටත් මේ ගැන කතා කරමු….රැඳෙන්න ඉදිරි මාස වල ලිපි සමඟින්.

ලිපිය සැකසීමට තොරතුරු 

Up ToDate 2019

රොනිති සර්ධාතිලක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *