විටමින් A

විටමින් A


කාන්තාවක  ලෙස සුන්දරවුත් නිරෝගිමත් වුත් ජීවිතයක් ගත කිරීමට අපි සැම සුන්දර සිහින දකින්නෙමු.  පැහැපත් සමක් දීප්තිමත් දැසක් ඇයගේ ජීවිතයට ආලෝකයක් නම් එම ආලෝකයෙ ප්‍රභවය ලෙස මා දකින්නෙ මුළුතැන්ගෙය යි. කර්‍ය්බහුලත්වය විසින් ආක්‍රමණය කර ඇති අපගේ ජීවන රටාව තුළ  ආහාර ගැන අප සැලකිලිමත් වුවද එය සමබල ආහාර වෙලක් ද? යන්න අප අපෙන් අසා ගත යුතු පැනයකි .

සමබල ආහාරයක් යන්න ඔබට අරුමයක් නොවන නියාවෙන් අපගේ මෙම කතිකාවත  එහි සුන්දර සංඝටකයක් වු විටමින වෙත ගෙන යමු.

ජලයෙ ද්‍රාවය (විටමින B C) මේදයෙ ද්‍රාවය (විටමින් K A D E) ලෙස විටමින් කාණ්ඩ දෙකකි . මෙම කලාපයේ මුලික අවධානය යොමු කිරීමට සුදානම විටමින් A පිළිබඳ යි .

විටමින් A   නිර්මාණය වන්නේ රෙටිනොල්, රෙටිනල , රෙටිනොයිඩ් අම්ල සහ කැරොටිනොයිඩ් වල එකතුවක් (beta කැරොටිනොයිඩ් බහුල ය) ලෙසිනි .

මෙම අපූර්ව සංයෝජනයෙ ක්‍රියාකාරිත්වය දෙස අපි සලකා බලමු.

*විටමින් A පෙනිම සදහා වැදගත් වන විටමිනයකි.ඇසේ පෙනිම සදහා ඉතාම වැදගත් වන දෘෂ්ටි විතානයේ පෙනිම සදහා වන ස්නායු සෛල ( cells) වල වර්ණක නිපදවීම විටමින් A සිදු කරයි .

   * ප්‍රතිශක්තිකරණය පවත්ව ගැනීමට ද විටමින් A  ලබා දෙන්නේ නොමසුරු දායකත්වය කි. විටමින් A උණතාවයෙන් (deficiency ) පෙළෙන දරුවන් හට නිතර ශ්වසන රෝග වැළදෙන්නේ මේ නිසා ය.

  *සම ,හිස කෙස් සහ ශරීරයේ ශෙලෙශ්මල පටල  නිරෝගී ව පවත්වා ගැනීම ද විටමින් A වල තවත් කාර්‍යයකි.

  *අපගේ ශරීරයෙ සිදු වන දහස් ගණන් පරිවෘත්තිය ක්‍රියාවල අතුරු  ඵල වු ංසල වලට හානිකර වු

 මුක්ත ඛණ්ඩ අක්‍රීය කරන ප්‍රතිඔක්සිහාරක අතරින් විටමින් A  ද සිටින්නේ ඉදිරියෙන් ය.

  *ශරීරයෙ සෛල බෙදීම (cell division ) සහ එවා විවිධ පටක වලට වර්ධනය කිරීමට (cell  differentiation ) විටමින් A අවශ්‍ය ය.

විටමින් A සපිරි ආහාර ප්‍රභව පිළිබඳ අපි සලකා බලමු .

සත්වමය ආහාර  වල ඇති රෙටිනොල් පහසුවෙන් අපගේ ශරීරයට අවශෝෂණය වෙයි.

උදා ;  මාළු , බිත්තර , කිරි , චීස් , පීකුදු

ශාකමය ආහාර

කහ පැහැති එළවළු , පලතුරු

  උදා ; වට්ටක්කා , බතල , කැරට්

       අඹ ,ලාවුළු , ගස්ලබු

මුරුංගා , මුකුණුවැන්න , නිවිති , සාරණ ,කංකුං ,බ්‍රොකලි

දරු උපතකදි  පළමුව මවගෙන් ස්‍රාවය වන මවුකිරි වල විටමින් A  සුලභව ඇත.

මෙ යට අමතරව සමහර ආහාර සදහා විටමින් A  එක් කර ඇත.(fortification )

   උදා ; මාගරින් , cereal

විටමින් A  ප්‍රමාණවත් පරිදි ශරීරයට නොලැබී ඇති විටක මුල්ම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ රාත්‍රී අන්ඨ්භාවය යි. සම රළු විම ,වියළි විම ,කුඩා දරුවන්ගේ වර්ධනය අඩාල විම පසුව ඇති වන තත්ත්වයන් ය.

අවුරුදු 5ට අඩු වයස් සිමාවේ දරුවන් දෙදෙනෙකු ගෙන් එක් අයෙක් විටමින් A උණතාවයෙන් පෙළෙන බව සොයා ගෙන  ඇති අතර වසරකට දරුවන් 250,000 – 500,000 මෙම හේතුව නිසා අන්ඨ්භාවය ට පත් වෙයි. කණගාටුවට කරුණ නම් මෙම දත්ත සදහා සංවර්ධන වෙමින් පවතින ආසියාතික රටක් ලෙස අපගේ හෙළදිව ද නොමසුරු දායකත්වයක් සැපයීම යි .  

විටමින් A  ප්‍රමාණවත් ලෙස නොලැබීම දි ඇසේ කදුළු ස්‍රාවය කරන ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය අඩාල විමෙන් සුවච්චය(cornea ) වියළීමට ලක් වෙයි( xerophthalmia ) මෙම තත්ත්වය රාත්‍රී අන්ඨ්භාවයේ පළමු අදියරයි. ප්‍රතිකාර සදහා යොමු නොවුනොත් දීර්ඝ කාලිනව අන්ඨ්භාවය ට වුවද පත් විය හැක.

විටමින් A  ප්‍රමාණවත් පරිදි  ලබා ගැනිමේන් ඇසේ සුද මතු වීම(cataracts) , වයස් ගත විමෙදි ඇතිවන අක්ෂි ආබාධ  ( age related macular degeneration ) වළක්වා ගත හැකි බව නූතන පරේක්ශන මගින් සොය ගෙන ඇත.

මෙම දීර්ඝ කතිකාවතේ අවසානය ට හා අතයවශය අදියරටයි අප පිවිස ඇත්තේ. එනම්  විටමින් A උණතාවය පරාජය කිරිමයි. ඒ සදහා අප කල යුත්තේ බෝහෝ සරල දෙයකි. මෙම කතිකාවත ආරම්භයෙ මා සදහන් කල පරිදි “මුළුතැන්ගෙය” අපේ ජිවිතවල ආරම්භය කර ගමු.

සමබල ස්වභාවික ආහාර වේලක් විටමින් විනාශ නොවන පරිදි නිවසේ පිළියෙළ කර ගන්නා අතර තුර අපගේ ආදරණීය යන් මේ සදහා උනන්දු කරමු. ස්වභාවික පළා වර්ග වල වටිනාකම ඉදිරි පරම්පරාවත් ලබා දෙමු.

කුඩා දරුවන් අතර විටමින් A  උණතාව වළක්වා ගැනීම සදහා එන්නත් ලබා දිම මාස 6 සිට අවුරුදු 5 දක්වා රජය මගින් ක්‍රියා කරයි .

ඔබත්  නිරෝගී වි  ඔබෙ පවුලත් නිරෝගී  කිරිමේන් රටක් නිරෝගිමත් කරමු .

ඔබත් මම ත් සුන්දර කාන්තාවන් ලෙස එකිනෙකාට ආදරය තුළින් ආලෝකය විහිදුවමු.

වෛද්‍ය කේ.ඒ. විජේසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *