වින්දිතභාවය හා මානසික සෞඛ්‍යය

වින්දිතභාවය හා මානසික සෞඛ්‍යය

පසු ගිය කාල වකවානු පුරා ම අපි විවිධ ව්‍යසනයන්ට හා හදිසි ආපදාවන්ට මුහුණ දුන්නා. අවුරුදු 30ක් පුරාවට පැවැති යුද්ධයත් සුනාමි ව්‍යවසනයත් විටින් විට ඇති වූ දරුණු නාය යාම් හා ගංවතුර තර්ජනයන්ගෙනුත් පීඩාවට පත් වූ අප පසුගිය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්රහාරයන්ගෙන් නැවැතත් දැඩි ලෙස කම්පාවට පත් වී සිටිනවා. මෙම වයවසනයන්ගේ වින්දිතයන් බවට පත් වූවන්ට සහන සැලසීම හා සුභසාධන පහසුකම් සැපයීම මන්දගාමී වීමත් ඔවුන්ට ලබා දිය යුතු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කෙරෙහි දැඩි අවධාරණයක් යොමු වූවාද යන සැකය මෙන්ම ජාතියක් ලෙස අප පත් වී ඇති දැඩි වේදනාකාරී තත්ත්වය ද කිසිසේත්ම නොසලකා හැරිය හැක්කක් නෙමෙයි.

ඉතින් එවන් ව්‍යවසනයක ගොදුරු බවට පත් වූවන් හා අත්දැකීම්වලට මුහුණ දුන් අයට ඇති විය හැකි මානසික ගැටලුකාරී හා රෝගී තත්ත්වයන් කිහිපයක් ගැන මේ ලිපියෙන් කරුණු දැක්වෙනවා.

1.කාන්සාව -Anxiety

මෙහි මූලික ම ලක්ෂණය වන්නේ අනාගතය පිළිබදව ඇති යථාර්ථවාදී නොවන බිය හා ශෝකයයි.

යම් ව්‍යවසනයක අත්දැකීම්වලට මුහුණ දීමෙන් පසු ,අහිමි වීම් හා අනපේක්‍ෂිත මානසික බිද වැටීම් හා තුවාල වීම් හමුවේ පුද්ගලයෙකු කාන්සාවට ලක් වෙන්න පුලුවන්.

1.ආත්ම විශ්වාසය හීන වීම

2.නින්ද පිලිබඳ ගැටලු- විශේෂයෙන් ම නින්ද ආරම්භ කිරීමේ ගැටලු

මේ නිසා බොහෝ ප්‍රමාදව නින්දට යාම නිසා උදෑසන අවදි වීමට දැඩි මැලිකමක් දැක් වීම

3.නොයෙකුත් ශාරීරීක වේදනා හා මස් පිඩු තද වීම,අධික තෙහෙට්ටුව

4.මානසික නොසන්සුන්කාරී බව,අවධාණය පිළිබද ගැටලු මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙනවා.

මේ තත්ත්වය මාස 6කට වඩා පවතී නම් සාමාන්‍යකරණය වූ කාන්සා අක්රමිකතාවය -Generalized anxiety disorder (GAD) ලෙස හඳුන් වනවා.

ඖෂධ ප්‍රතිකාර, මනෝ චිකිත්සක හා මනෝ උපදේශන ප්‍රතිකාර අත්යවශ්ය වෙනවා.

2.පශ්චාත් ව්යසන ආතති අක්රමිකතාවය 

Post traumatic stress disorder (PTSD)

  ව්යවසායක අත්දැකීම් වලට මුහුණ දුන් පුද්ගලයෙකු එම සිදුවීමෙන් පසුව ද මනසින් එම සිදුවීම තුල ජීවත් වීම මෙසේ හඳුන්වනවා. 

උදා-සුනාමියට මුහුණ දුන් අයෙකු කුඩා දිය පාරකට පවා මුහුද ගොඩ ගලනවා යැයි බිය වීම.

අදාළ සිදුවීම් නැවැත නැවැත මනසින් මැවී පෙනීම,සිදුවීමට අදාළ සිහින පෙනීම හා නින්දෙන් නිතර බිය වීම, සමාන සිද්ධි හා අවස්ථාවන්ට දක් වන අධික බිය,නින්දට යාමේ හා නින්ද පවත්වා ගැනීමේ ගැටලු ආදී ලක්ෂණ විශේෂයෙන් හඳුනා ගත හැකියි.

මේ සදහා ඖෂධ ප්රතිකාර, මනෝ චිකිත්සක හා මනෝ උපදේශන ප්රතිකාර අත්යවශ්ය වෙනවා.

3.විශාදය  (depression)

ජීවීතයේ සිදු වන අනපේක්‍ෂිත අහිමි වීම් හා බිද වැටීම් හමුවේ පුද්ගලයෙකු විශාදයේ ගොදුරක් බවට පත් වෙන්න පුලුවන්.

අධික දුක ,කලකිරීම හා තමා හා ලෝකය පිළිබඳ දක්වන නිෂේධනාත්මක ආකල්ප හා ඇතැම් විට තමා පිළිබද දක්වන වරදකාරී හැගීම ද මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය හැකියි.

මෙය දරුණුතම මට්ටමේ දී (clinical depression )වලදී පුද්ගලයන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙනවා.

විශාදය මූලික අවධියේ හදුනා ගත් විට මනෝඋපදේශන හා මනෝචිකිත්සක ප්‍රතිකාර ප්‍රමාණවත් වුනත් සායනික විශාදයේදී එනම් සිය දිවි නසා ගන්නා මට්ටමේදී ඖෂධ ප්‍රතිකාර අත්යවශ්ය වෙනවා.

විශේෂයෙන් මතක තබා ගත යුත්තේ මේ අයට මනෝ උපදේශන,චිකිත්සක හා ඖෂධ ප්‍රතිකාර හා මනෝ සමාජීයිය සහයෝගය ද ඉතා වැදගත් වන බවයි. අවවාද කිරීම් හා අනුශාසනා වලින් පලක් වන්නේ නැහැ.

4.polonged grief disorder

මෙහිදී තම සමීපතමයෙකු මිය ගිය විට තමා තුළ ඇති වන වරදකාරී බව මේ තුල කැපී පෙනෙනවා.මෙම වරදකාරී බවට හේතුව එම මරණය තමාට වලක්වා ගත නොහැකි වූවා යන දරුණු මානසික පසුතැවිල්ලයි.

උදා- මම එයාට එදා ඒ ගමන යන්න නොකීවා නම් එයා ඒ බෝම්බයට අහු වෙලා මැරෙන්නේ  නෑ.ඒ මරණයට වග කියන්න ඕන මමයි.

එම සමීපතමයා නොමැතිව තමාට ජීවිතයට මුහුණ දිය නොහැකිය යන සිතුවිල්ල,අනාගතය පිළිබද කිසිදු සතුටක් හෝ සුභවාදී හැගීමක් නොමැතිකම,අනන්යතා අර්බුදය එනම් තමා පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති කම,නැවැත නැවැතත් එම මරණය වටා ම සිතුවිලි කැරකීම, චිත්තවේගික නොසන්සුන් බව ආදී ලක්ෂණ මේ තුළ කැපී පෙනෙනවා.

මනෝ උපදේශන හා මනෝචිකිත්සක ප්රතිකාර වගේ ම ඖෂධ ප්රතිකාරත් මේ සඳහා ද අත්යවශ්යයි.

ඉතින් ඔබ හෝ ඔබගේ සමීපතමයෙකු ඉහත කුමන හෝ මානසික ගැටලුකාරී හෝ රෝගී තත්ත්වයකින් පීඩා විඳිනවා නම් නොපමාව ප්‍රතිකාර හා මනෝචිකිත්සක හා මනෝ උපදේශන සේවා සඳහා යොමු වන්න.ඒ අයව දැනුවත් කරන්න.

ඔබ මේ ලොව  තනි වී නැහැ. ඒත් ඔබට උදව් අවශ්යයි.

බලාපොරොත්තුවක අවසානය යනු තවත් නැවුම් බලාපොරොත්තුවක ආරම්භයයි.

අමාලි අලකොලංග 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *