Flash cards

Flash cards


ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ flash cards ගැන.

මොනවද මේ ෆ්ලෑශ් කාඩ් කියන්නෙ. මොනවයසෙ අයටද මේවා සුදුසු.

* ෆ්ලෑශ් කාඩ් කියන්නෙ අපිට අවශ්‍ය පින්තූර, අකුරු, ඉලක්කම්, වචන, ප්‍රශ්ණ සදහන් කරල තියෙන    පොඩි කාඩ් එකක්. ඒකෙ ප්‍රමානය අපේ අවශ්‍යතාව අනුව වෙනස් කරගන්න පුලුවන්.

* මාස තුනෙන් පස්සෙ බබෙකුට කලු සුදු වර්ණ වලින් පින්තූර පෙන්නල ඒ මොකද්ද කියන එක එයාට ඇහෙන්න කියන්න පුලුවන්.

( පලතුරු , එලවලු, සත්තු, වාහන)

* මාස 6 ක් 7 වගේ බබෙක්ට ඒ පින්තූරම වර්ණවත් පෙන්වන්න. පුලුවන්

* අවුරුදු දෙකක් උන පැටියෙක්ට මේ පින්තූර පෙන්නල බිම පින්තූර කීපයක් තියල එක පින්තූරයක නමක් කියල ඒක ගෙනත් දෙන්න කියන්න පුලුවන්.

* පෙරපාසල් වයසෙ පැටියෙක්ට ඉලක්කම්, අකුරු මේ විදියට පෙන්නන්න පුලුවන්.

ඔයා කියන ඉලක්කම, අකුර , තියෙන කාඩ් එක පෙන්නන්න කියන්න පුලුවන්.

* එක වසරෙ  දෙක වසරෙ බබෙකුට නම් වචන ලියල ඒ කාඩ් එයාට පෙන්නල මේ මොකද්ද කියල අහන්නත් , ඒව බිම විහිදල තියල ඔයා කියන වචනෙ තියෙන එක ඔයාගෙ අතට දෙන්න කියන්නත් පුලුවන්.

* තවත් ටිකක් ලොකු පැටියෙක්ට නම්. ප්‍රශ්න ලියපු කාඩ් එක පෙන්නල උත්තරය කියන්න කියන්න පුලුවන්.

තව චක්කරේ , එකතු කිරීම , අඩු කිරීම වගේ දේවල් වලටත් මේ ෆ්ලෑශ් කාඩ්  පාවිච්චි කරන්න පුලුවන්.

මේක සෙල්ලමක් එයාල දන්නෙම නැතුව ඉගෙන ගන්න.

දැන් අපි හිතමු අපි  1, 2, 3, 4, 5 කියන කාඩ් ටික බිම තියල

පුතාට කියනව අම්මට 3 තියෙන් කාඩ් එක අරන් දෙන්න කියල.

මේකට ඕනෙනම් පුතා ගෙ සෙල්ලම් කාර් එකත් අරගෙ ගෙන 3 ඉලක්කම තියෙන කාඩ්  එක කාර් එකෙන් අම්ම ලගට එක්කන් එන්න පුලුවන්.

අපේ ගෙදර මල්ලිත් ඉන්න නිසා අපි කරන්නෙ. අයිය අම්ම කියන කාඩ් එක අරගෙන මල්ලිට දෙනව. මල්ලි තමා අම්මට දෙන්නෙ.

දුවෙක්ටනම් එයාගෙ බෝනික්කවත් මේ සෙල්ලමට ගන්න පුලුවන්.

මේ දේවල් කොච්චර ලිව්වත් එක එක ලමයගෙ දරා ගැනීම, අවබෝධ කර ගැනීම මතක තියාගැනීම එකිනෙකාට වෙනස්.

සමහර වෙලාවට ඔයා එයත් එක්ක වැඩක් කරන්න ගත්තගමන්ම එයාට ඇති වෙයි. එතකොට නවත්තන්න.

ඔයාලට මේව ලියන මගේ පුතා ඉස්කෝලෙ යන්න පටන් ගන්නකොට හරියට ඉංග්‍රීසි අකුරු ටික අදුරන්නෙත් නෑ. 

ඔයා දරුවට නිදහස , ආදරය දෙන්න දෙන්න එයා පාසල් වැඩ වලින් ඉදිරියට යනව.

මොනදේ කරන්නත් හොදට බඩ පිරිල තියෙන්න ඕන.

හැබැයි ඉතින් මමනම් හැම වෙලාදෙම බලනව පෝෂණය , ගුණය වැඩි දේකින් එයාලගෙ බඩ පුරවන්න.

බනානා ඕට්ස් කුකීස් 

හොදට ඉදුණු කෙසෙල්ගෙඩි 1

ඕට්ස් 100g

බටර් හෝ තෙල් මේස හැදි 2

සුල්තානා 25g

බේකින් පවුඩර් තේ හැදි 1/2

වැනිලා තේ හැදි 1

 රට ඉදි 25 g

 කිරි මේස හැදි 2

අවන් එක ඔන් කරන්න .170* උෂ්ණත්වයට

බෝල් එකක කෙසෙල්ගෙඩිය ගෑරැප්පුවකින් හොදට පොඩි කරගන්න

සුල්තානා ,රට ඉදි හැර අනික් සියලු දේ එකට හොදට අනාගන්න.

විනාඩි 10 තියන්න ඕට්ස් ටිකක් පෙගෙනකම්

සුල්තානා ,රට ඉදි එකතු කරන් ආයෙමත් අනාගන්න.

දැන් චූටි බෝල හදාගෙන අතින් පොඩ්ඩක් තලලා බේකිං ට්‍රේ එකේ තියන්න.

මේ වගේ චූටි කුකීස් 12 විතර හදන්න පුළුවන්

විනාඩි 20/25 ක් විතර බේක් කරන්න

ලා දුඹුරැ පාට වෙනකම්.

ඊට පස්සේ ඉතින් පොඩ්ඩොත් එක්ක රසට කන්න තමා තියෙන්නෙ.

හර්ෂණී රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *