DIY ගෘහණියන්ගේ අත්පොත

DIY ගෘහණියන්ගේ අත්පොත

එදිනෙදා ජීවිතයේ දී ගෘහණියන්ට විවිධ අකරතැබ්බ වලටමුහුණපාන්න සිදු වෙනව. ඒ වෙලාවට ගෙදර තියෙන දෙයකින් පිළියමක් ලැබුණොත්? ඉතිං මම කියල දෙන්න යන්නෙ දත්බෙහෙත් නැත්නම් ටූත් පේස්ට් එකකින් අපිට දත් මදිනවට වඩා ගන්න පුළුවන් වාසි ගැන.

ඇලුමීනියම් කරාමය අපිරිසිදු වෙලාද?

  • අපිරිසිදු ටැප්එක පිරිසිදු කිරීමට ටූත්පේස්ට් ස්වල්පයක් ස්පොන්ජ් කැබැල්ලකට ගෙන එයින් සින් එක දේන් අතුල්ලා සෝදා දමන්න.

වාහනයේ ඉදිරිපස ලාම්පු දුර්වර්ණද?

  • වාහනයේ හෙඩ් ලයිට්ස් අවපැහැ ගැන්වී ඇත්නම් ටුත්පේස්ට් ස්වල්පයක් වියළ් රෙදි කැබැල්ලකට ගෙන එයින් වීදුරුව පිස දමන්න.

රෙදි මදින්න ගිහින් විදුලි ඉස්ත්‍රික්කය පිච්චිලා අවපැහැ ගැන්විලාද?

  • විදුලි ස්ත්‍රික්කය පිච්චී අවපැහැ ගැන්වී ඇත්නම් ටූත්පේස්ට් අලේප කර එය වියළි ස්පොන්ජ් කැබැල්ලකින් අතුල්ලා පිස දමන්න.

මාලු කපල අත් දෙක පිළී ගදද? සබන් දාලා හේදුවත් ගද යන්නැද්ද?

  • මාලු කැපූ පසු අත්ලෙන් ඉවත් නොවන පිළීගද නැත් කරගැනීමට අතට ටූත්පේස්ට් ස්වල්පයක් දමා ජලයෙන් සෝදාරින්න.

රීදී ආභරණ කළු වෙලාද?

  • රීදි ආභරණ අවපැහැ ගැන්ව ඇත්නම් ඒවා යථා තත්ත්වයට ගැනීමට ටූත්පේස්ට් දමා බුරුසුවක් ආධාරයෙන් හොදින් අතුල්ලා සොද් දමන්න.

නියපොතු ලස්සනට නීරෝගීව තියාගන්න මෙහෙම කරන්න..

  • ටූත්පේස්ට් ආධාරයෙන් නියපොතු පිරිසිදු කිරීම මගින් නියපොත් අවපැහැය දුරලා ඉකමනින් වර්ධනය කරගත හැක

(අන්තර්ජාලය ඇසුරිනි.)

©හංසි රණසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *