අමාලි අලකොළංග

අමාලි අලකොළංග

මම අමාලි අලකොළංග..පේරාදෙණිය විශ්ව විද්යාලයේ මනෝවිද්යා විශේෂවේදී උපාධිධාරිණියක්. වෘත්තියෙන් මනෝඋපදේශිකාවක්. මම පවුලේ දෙවෙනියා…මගේ පවුලේ සියලු දෙනා ම වාගේ ගුරු සේවය,ව්‍යාපාරික කේෂ්ත්‍රය, ඉංජිනේරු කේෂ්ත්‍රය, කලමණාකරණ හා සෞඛ්‍ය කේෂ්ත්‍රය නියෝජනය කරන අය.ඒ අයට නම් ඕන වුනේ මාව ගුරුවරියෙක් කරන්න. ඒත් යමක් කමක් තේරෙන කාලේ ඉදන් ම අනෙක් අයට පෙනෙන දේ විනිවිද දකින්න තියෙන කැමැත්තයි, එක රාමුවකට කොටු වෙන්න තියෙන අකැමැත්තයි, ජීවිතය වෙනස් විදිහකට විදින්න තිබ්බ ආශාවයි තමයි මාව මේ කේෂ්ත්‍රයට යොමු කලේ. මගේ වෘත්තියට අමතරව ලේඛණයට හා සමාජ සේවයට මම දැඩි කැමැත්තක් දක්වන කෙනෙක්.ලියාරා එක්ක මම සම්බන්ධ වෙන්නේ මානසික සෞඛ්ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. මම සරලව ජීවත් වෙන කෙනෙක්.ගොඩක් ආදරය ලබන,ආදරය කරන ආදරණීය පෙම්වතියක්. පරිසර හිතකාමී සතුන්ට සහ ගහ කොලට ගොඩක් ආදරය කරන කෙනෙක්.හැම මොහොතක් ම ගොඩක් සතුටින් ජීවත් වෙන්න උත්සාහ දරන කෙනෙක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *