අසින්සලා රත්නායක

අසින්සලා රත්නායක

පීත්ත පටි සහ ඉස්කුරුප්පු ඇණ වැනි එකිනෙකට නොගැලපෙන යම් දෙයක් එකට ඇති තැනක ඔබට මා සිහි වනු ඇත. ඒ මා යෙදෙන එකිනෙකට නොගැලපෙන ක්ශේත්‍රයන්හි එකතුව නිසායි.

මා වෘතියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වෙමි. ගෙතුම් ගුරුවරියක වෙමි. කාන්තා ව්‍යවසායිකාවක වෙමි. ලියාරා හි නිදහස් මාධ්‍යවේදිනියක වෙමි.
සොහොයුරන් දෙදෙනෙකු සෙවණේ තනි ගැහැණු ළමයෙකු මෙන් හැදි වැඩුණු මා තුල කුඩා කල සිටම තිබූයේ කොලු ගති ගුණය. ලස්සන බෝනික්කන් අන්දවමින්  සෙල්ලම් කල කුඩා කාලයක් මට මතක නැත. ඒ මගේ ආදරණීය සොයුරන් දෙදෙනා මා හට ගෙනවිත් දෙන සියළු බෝනික්කන්ගේ ඔළු ගලවා බෝල ගැසීම නිසා බව පසු කාලයකදී දැනගන්නට ලැබුණි. මේ නිසා මට ලැබුණු අත පයවත් සොලවාගත නොහැකි මැටි පිළිම වැනි බෝනික්කන්ට මාගෙ කිසිදු ප්‍රියතාවයක් නොවිනි. මේ නිසාම ද කොහෙදෝ බෝල ගැසීමට හා ගස් නැගීමට ගෙතුල සිරවී සිටීමට වඩා මා නිතැඟින්ම යොමු වන්නවට ඇති.  අසල නිවෙසක කුඩා නැගණියක් සමග සෙල්ලම් කිරීමේදී සෙල්ලම් ගෙවල් වල අම්මා චරිතයට වඩා වැඩට යන මුවාවෙන් වත්ත වටා බයිසිකල් පැදිය හැකි තාත්තා චරිතය සැමවිටම තෝරගතිමි. මගේ කොලු කම නිසාම අතින් අල්ලන ඕනෑම දෙයක් එක් ක්ශණයකින් අවුල් ගොඩක් බවට පත් කිරීමට සමත් වූ අමුතු කලබලයක් මා සතු වීය. මේ නිසා කුස්සියෙ වැඩ  හා මා සම්බන්ධ කර ගැනීමට මගේ මව මැලි වූවාය. මගේ ඉල්ලීමකින් බේරීමටම බැරි තැනකදී විතරක් ඇය ඉවත දමන පොල් කුඩු සහ මැටි කෝප්පයක් මගේ අතට දී මිරිකා දෙන ලෙස පවසන්නීය. විනාඩියක් ඇතුලත පොල් කුඩු සහ වැලි මිශ්‍ර වූ මඩ හොද්දක් මම ඇයට ගෙනත් දෙමි. එය මගේ නව නිර්මාණයකි. එය දකින ඇය දඩ බඩ ගා ඉවත දමන හට්ටියකට මගේ හොද්ද දමා මැටි කෝප්පය අතට ගත්තාය. හොද පොල් වෙනුවට පොල් කුඩු දීමේ ඇගේ මොළයට නිහඬවම ස්තූති වන්ත වන ඇය මගේ නව නිර්මාණය දෙස බලා මුවින් නොබැණ සිටියා වන්නට ඇත. මගේ දග වැඩ වල ඉවරයක් නොවීය. ඉඩ ඇති සෑම අවස්ථාවකම කොළ මිටියක් එකට තබා අම්මාගේ මහන මැෂිමෙන් මසා බස් ටිකට් නිර්මාණය කිරීමටත් පුටුවක් හෝ ගසක එල්ලී බස්කොන්දොස්තරවරයෙකු ලෙස රඟපාමින් ටිකට් කඩා විසි කිරීමටත් මම පුරුදු වී සිටියෙමි. මේ නිසා අම්මාගේ මෑෂින් එක ඉදිකටු කෑඩීම නූල් ගැටගැහීම වැනි නා නා විධ ලෙඩ රැසකට ගොදුරු විය.  ඉන් පසු ඇගේ මහන මැෂිම මට තහනම් කලාපයක් විය. ගෙතුම් සදහා මා යොමු වූයේත් මෙවැනි දඟ වැඩකම ප්‍රතිඵලයක් ලෙසිනි. ලියාරා සමඟ මා ගෙන එන ලිපි පෙලේ මුල්ම ලිපිය කියෙව්වානම් මේ වන විටත් මගේ ගෙතුම් දිවියේ ආරම්භය ගැන විස්තර ඔබ දන්නවා ඇත. එසේ ගෙතුම් කලාවට මුල් පොත් තැබූයේ 11 වන වියෙදීය. විවිධ දේ නිර්මාණය කිරීමේ හැකියාව උපතින්ම ලැබී තිබුණත් මගේ සිත සම්පූරණයෙන්ම සොරා ගැනීමට සමත් වූයේ ගෙතුම් කලාවයි

පරිඝණකයක් අප නිවසට මුලින්ම ගෙන ආවේ මගේ වැඩිමහල් සොයුරා විසිනි. ඔහු විසින් විවිධ මුර පද හා ඉබි යතුරු දමා තිබුණද කෙසේ හෝ මුරපදය අනුමාන කර පරිඝණකය පරිශීලනය කිරීමට මා දැක්වූයේ පුදුම ආසාවකි. එය අසීරූ කාර්යයක් නොවුණි. එවකට ඔහුගේ පෙමවතියගේ නම සහ ඉලක්කම් කිහිපයක් පමණක් යෙදීම ප්‍රමාණවත් විය. මෙය ඔහුට මහත් වදයක් වූවත් මටනම් විනෝදයක් මෙන්ම එහි ඇති සියළු දේ අතපත ගාමින් ඉගෙනීමට හමු වූ මහඟු අවස්ථාවක් විය. මගේ වැඩ නිසා පරිඝනකය ප්‍රතිචාර දැක්වීම නැවතූ අවස්ථා බොහෝමයකි. මෙවැනි අවස්ථාවක මා මුකුත්ම නොදන්නා අහින්සක චරිතයක් රඟපාන අතර විවිධ ක්‍රම යොදාගනිමින් පරිඝණකය නැවත යතා තත්වයට පත් කර ගැනීමට ඉගෙනීමට මගේ සහෝදරයන් හට ලැබුණු වටිනා අවස්ථා ගැන රහසේ ආඩම්බර වූයෙමි. මෙසේ ඇරඹි ගමන අවසන් වූයේ මා හට පරිඝණක ක්ෂේත්‍රයෙන්ම උසස් අධ්‍යාපනය හැදැරීමට ආසාව ඇති වීමෙනි. මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරිය යාමට උසස් පෙළ කරන සමයේ ආසාවක් ආති වුණද මගේ පියාගේ අනුමැතිය ලබාගත හැකි වූයේද පරිඝණක අධ්‍යාපය සදහා පමණි.

කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ මා උසස් අධ්‍යාපනය සදහා තෝරාගත්තේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයි. මා ඉතා ආසාවෙන් තෝරාගත් මේ ගමනේදී මගේ ආදරණිය සැමියාත් තවත් බොහෝ දේත් ජීවිතයට එකතු විය. මේ සමයේදී මම කෝඩ් පිස්සියකි. දකින දකින් දේ අත්හදා බැලීමත් නව තාක්ෂණික ක්‍රම සොයා යෑමත් මගේ විනෝදාංශය වූ අතර ගෙතුම් හෝ වෙනත් කිසිම දෙයක් මේ වන විට මගේ මනසේ නොතිබුණි. මේ සදහා මට වඩා ජ්‍යෙෂ්ඪ කණාඩායමකට අයත් වූ මගේ සැමියා (එවකට පෙම්වතා) මෙසේ නවතම දේ සොයා ඉගෙනීමට මටත් වඩා දක්ෂයෙක් වූ බැවින් ඔහු කරනා සියළු දේම සොයා අත්හදා බැලීමට මටත් අවශ්‍ය විය. මේ නිසාම පළමු පෙල සාමාර්ථයක් සහ ඉතා වටිනා අත්දැකීම් රාශියක් සමග මගේ උපාධිය අවසන් කිරීමට මම සමත් වීමී. මේ හරහා ලංකාවේ ඉහළ පෙළේ මෘදුකාංග ආයතනයක් සේවය කිරීමටත් මට අවස්ථාව ලැබිණි.

කාලයත් සමඟ මේ ක්ශේත්‍රයේ අවිවේකී බවත් ඒකාකාරි බවත් ඉතා ප්‍රමාද වන තෙක් සේවා ස්ථානයේ රැදී සිටීමට දෙමාපියන්ගෙන් පල වූ නොකැමැත්තත් හේතුවෙන් රැකියාවෙන් ඉවත් වීමත් ඒ වෙනුවට නිදහස් මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කිරීමටත් මා තීරණය කලෙමි. මෙය මගේ ජීවියතේ හැරවුම් ලක්ෂයක් විණි. මගේම යම් දෙයක් ගොඩනගානීමේ අවශ්‍යතාවය සහ ආසාව මගේ ප්‍රාධාන අරමුණ බවට පත් විය.  පෙර අවිවේකි බවින් නිදහස් වූ නිසාත් මානසික සහනයක් ගෙනදුන් නිසාත් නැවතත් අතැර දමා තීබූ ගෙතුම් කලාවේ යෙදීමටත් මගේ ගෙතුම් වෙනුවෙන් මුහුණු පොතේ පිටුවක් ආරම්භ කිරීමටත් මේ කාලයේදී මට හැකි වීණි. මෙහිදී මගේ ගෙතුම් දකිනා එක් යෙහෙළියක් විසින් ඇය සදහා ගෙතුමක් නිර්මාණය කිරීමට ඉල්ලීමක් ගෙන ආ අතර මෙය Crochet Lobby ලෙස නම් වූ මගේ කුඩා ව්‍යාපාරයේ ආරම්භය විය. මෙය මට ඉතා විනෝදමත් කාර්යයක් විය. පෙර තොරතුරු කාක්ෂණයේ නව මාවත් ගැන සොයා ගියාක් මෙන් ගෙතුම් කලාවේ විවිධ ප්‍රභේද සොයමින් නව අතහදා බැලීම කරමින් විවිධ රටවල් වල ගුරුවරුන් යටතේ ඉගෙනගනිමින් ගෙතුම් කලාව ගැන අධ්‍යනය කිරීම මගේ විනෝදාංශයේ කොටසක් බවට පත් විය. මේ හරහා  ගෙතුම් පිළිබද උපාධියක් කිරීමට තරම් කරුණු එක් රැස් වීමත් මේ දැනුම තවත් අය හා බෙදාගැනීමට ඇති වූ ආසාවත් නිසාම පදනම් ආයතනයක් හරහා අඩු ආදායම් පවුල් වල ගෘහණියන්ට ගෙතුම් ඉගැනවීමටත් ඉන් පසුව Crochet ගෙතුම් කලාව මුල සිට ෆේස්බුක් පිටුවේ ආරම්භයත් මේ හරහා ගලා ආ ඉල්ලීම් නිසාම අන්තරජාලය හරහා ගෙතුම් පන්තී පැවැත්වීමත් ආරම්භ කලෙමි. මේ හරහා ස්වයං රැකියා අවස්ථා  ඇති කිරීමත් ඒ සදහා අවශ්‍ය දැනුම බෙදාහරිමින් උදව් කිරීමත් මගේ මූලික පරමර්ථය විය. Crochet Lobby හරහා ජාත්‍යන්තර ආණවුම් පිළියෙල කිරීමටත් ඒ හරහා කිහිප දෙනෙකුට  අමතර ආදායම් ලබා දීමටත් මේ වන විට මට හැකියාව ලැබී ඇත. මෙතැනින් නොනැවතී තවත් ඉදිරීයට යමින් ඉහත සදහන් කළ පීත්ත පටි සහ ඉස්කුරුපපු ඇණ එකට අමුණමින් කාලයක සිට මැවූ  සිහිනයක් සෑබෑ කරගමින්  මගේ ක්ශේත්‍රයන් දෙකම එකට එක් කරමින් අත්කම් නිර්මාණ කරුවන් හට නවමු අවස්ථා ලබා දෙන The Cozy Labs වාණිජ වෙබ් අඩවිය නුදුරු අනාගතයේදී ම කලඑළි බැසීමට නියමිතයි. මගේ ගමනේ මෙතෙක් දුර පැමිණිමට මා හට මහඟු ශක්තියක් වූ මගේ ආදරණිය සැමියා ශෙහාන් ගුණරත්නත්. මගේ දෙමාපියනුත්, අයියලා දෙදෙනා හා එක් කුසේ නූපන්නත් මගේම සහෝදරියන් බදු වූ අක්කලා දෙදෙනාවත්  ආදරයෙන් මතක් කරමි.

මේ ගමනේ  අතරමගදී  ලියාරා ප්‍රධාන කතෘතුමිය ලියාරා කණඩායමට මා එකතු කරගන්නේ ගෙතුම් උපදේශිකාවක් හා ස්වයංරැකියා මඟපෙන්වන්නියක් ලෙස ලිපි ඉදිරිපත් කිරීම සදහාය.  ලියාරා මා හදුනාගන්නේ සමාජය වෙත නවතම දෙයක් ගෙන එන  දිරිය කාන්තාවන් එකතුවකගේ අපරිමිත උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. ලියාරා හා එක් වූ ඉතා කෙටි කාලය තුලදී සහෝදරියන් පිරිසක් මෙන් එකට එක් වූ දක්ෂ කතෘ මණ්ඩලයක් හා සම්බන්ධ වීමටත් ඉතා වටිනා අත්දැකීම් රාශියක් ජීවිතයට එකතු කර ගැනීමටත් හැකි විණි. මේ සදහා ප්‍රධාන කතෘ හනසනී හිදැල්ලආරච්චි මහත්මියට කෘතඤ්ඤපූර්ව වන අතර  ලියාරා හා එක් වී ඉදිරියේදී කාන්තාවන් අරභයා වටිනා වැඩසටහන් රාශියක් කිරීමටත් ලියාරා යනු කාන්තාවන් අතර නම රැන්දු නැතිවම බැරි සගරාවක් බවට පත් කිරීමත් මේ හරහා විශාල සමාජ මෙහෙවරක් කිරීමට දායක වීමත් මගේ අරමුණයි. ලියාරා ලංකාවේ සගරාවක් සදහා වූ ප්‍රථම ජංගම දුරකතන යෙදුම එළි දැකිවීමෙන් පසු දහසකුත් ඉල්ලීම් මත මේ සැප්තැමබරයේ මෘදිත සඟරාවක් ලෙස දොරට වැඩීමට නියමිතයි. ලියාරා ඉදිරි ගමන සදහා හදවතින්ම සුභ පතමි.

Please follow and like us:

1 Comment

  1. So happy for you Asin , you are indeed a very talented lady
    A wonderful teacher who is blessed with the attributes of being a very patient and kind who will go the extra mile to help a student to understand what is being taught. I have enjoyed every lesson and look forward to these lessons every week.
    You are a prolific writer and enjoyed reading this post about your self.
    I wish yiu and everyone who is involved in producing this magazine Liyara simply the best and may you all be blessed and guided in all that you do. Looking forward to reading this magazine.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *