කල්පනා අඹේපිටිය

කල්පනා අඹේපිටිය

මම කල්පනා අඹේපිටිය. දැනට සේවය කරන්නෙ ශ්‍රිමත් ජොන් කොතලවල ආරක්ශක විශ්වවිද්‍යලයේ කතිකාචර්‍යවරියක් හැටියට. ඊට අමතරව ව්‍යවසයකත්වය හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය  සඳහා උපදේශකවරියක් ලෙස දායක වෙනවා. ඒ අතරින් කාන්තා ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සංවර්ධනය විශේෂයී.

ව්‍යවසයකත්වය සම්බන්ධ ආචර්‍යය උපාධිය 2019දී මා ලබා ගත්තේ චීනයේ Huazhong University of Science and Technology විශ්වවිද්‍යලයෙන්. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මුල්‍ය කළමණාකරන විශේෂවේදී පශ්චාත් උපාධිය 2013දී  Indira Gandhi National Open University මඟිනුත් රාජ්‍ය පරිපලනය පිලිබඳ පශ්චාත් උපාධිය 2014දී කොළඹ විශ්වවිද්‍යාලයෙනුත් ලබා ගත්තා. අලෙවිකරණය පිලිබඳ ව්‍යාපාර කළමණාකරණ විශේෂවේදී උපාධීය හැදෑරුවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්, ඒ 2008දී.  පරිසරය, තිරසාර සංවර්ධනය හා ව්‍යාපාර තමයි මාගේ අධ්‍යන පර්‍යේෂණවල මුලිකම ක්ෂේත්‍රය. ඒ නිසා ව්‍යවසායකත්වය රටක තිරසාර සංවර්ධනයට දායකවිය හැකි ආකාරය මෙන්ම පරිසරය ආරක්ෂාකරගැනීමේදී හා දේශගුණීක විපර්‍යාසවලට මුහුණදීමේදී කාන්තා දායකත්වය ගැන කරන පර්‍යේෂණ විශේෂයී.

කතිකාචර්‍යවරියක් ලෙස අලෙවිකරණය, ව්‍යවසයකත්වය හා ආපදා කළමණාකරනය යන විෂයන්හී ඉගැන්වීම් කරන අතර උපාධී අපේක්ෂක සිසුසිසුවියන්ගේ වෘත්තිමය නිපුණතා සංවර්ධනය කිරිමෙහිලා විවිධ වැඩසටහන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල ක්‍රියාත්මක කරමින් ඔවුන් අනගත රැකියා වෙළඳපොළට හා අනාගත ව්‍යවසායකයින් ලෙස සුදානම් කිරීමත් මම නියැලෙන් අනෙකුත් කාර්‍යයන්.

ලෝක තරුණ හරිතවේදින්ගේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකාවක් ලෙස 2010දී ජර්මනියේ පැවති කොන්ග්‍රසයෙදී චන්දයෙන් පත්වු පලමු ශ්‍රී ලාංකීය තරුණිය වු අතර 2008 දී ලෝක හරිතවේදින්ගෙ කොන්ග්‍රසය තුලද සමාජීකත්වය ලද ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද වුනා.  ගෝලීයව අනාගතයේදී අපිට පාරිසරික, සමාජීය හා දේශපාලනමය වශයෙන් බලපාන ප්‍රශ්න හා ඒවාට සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රටවල් සුදානම්වන ආකාරය පිලිබඳ මනා අවබෝධයක් මෙම කාලය තුලදී ලබාගැනීමට හැකිවුනා. මේ සියල්ලන් අතරේදී, විවේකී වෙලාවට චිත්‍ර ඇදීමටත්, පුරාජීව විද්‍යාව සම්බන්ධ පොත පත කියවීමත් පුරාජීව චිත්‍ර කලාව හැදෑරීමත් මාගේ ප්‍රධාන විනෝදාංශ වෙනවා.   .

උපතින්ම පරිසරයට හ සතුන්ට සංවේදී කෙනෙකුවීම නිසාම ලියාරා වෙනුවෙන් මා දායක වෙන්නේත් පරිසරය හා තිරසාර සංවර්ධනය සම්බන්ධ ලිපි සමඟයී. එහිදී කාන්තා අපට කලහැකී දේවල් හා ගෝලීයව කාන්තාව දායකවන ආකාරය, දේශපාලනිකව කාන්තාව යනු කවුද හා කළින් සඳහන් කල මාතෘකා තුල දේශපාලනිකව හා ස්වාධීනව කාන්තාව නැඟිසිටිය යුත්තෙ කෙසේද යන්න පිලිබඳ ලිපි ඔබට ඉදිරියෙදි දැකගත හැකීවේවී.   තිරසාර සංවර්ධන ඉලක්ක ලඟාකරගැනීමෙදී සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යක් ලෙස විශල අභියොගයන්ට මුහුණදීමට අපට සිදුවන අතරම ඒ වෙනුවෙන් ජාතියක් ලෙස ආකල්පමය පෙරළියක් අප තුල ඇතිකරගත යුතුයී. මා ලියාරා තුලින් දායකවෙන්නේ ඒ අරමුණ වෙනුවෙනී.

ආචාර්‍යය කල්පනා අඹේපිටිය

ඊමේල් : Kalpana.ambepitiya@yahoo.com

බ්ලොග් : kalpanaambepitiya.blogspot.com

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *