චේතනා ද සිල්වා

චේතනා ද සිල්වා
Description: 😁

මම චේතනා ද සිල්වා. වයස අවුරැදු තිස් දෙකයි තව මාසයකින්.මම ලංකාවේ කොළබ. නමුත් දැනට ජිවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ. මට ඉන්නවා හුරතල් දුවෙක් අවුරැදු හයක.මගෙ සැමියා වෘත්තිය ගණකාධිකාරි වරයෙක්. මං ටිකක් විතර කාර්ය බහුල චරිතයක්. රැකියාව පවුල් ජිවිතය දෙකම අතර හොදටම විඩාපත්ව හිටපු මම මනසේ නිදහස වෙනුවෙන් නිදාගන්න තියන පැය හය හතෙන් පැය තුන හතරක් වෙන් කරගෙන කතා ලියන්න පටන් ගත්තෙ අහම්බෙන්. ඉතිං ඒකට මට ලොකුම ශක්තියක් වුනෙ මගෙ මව පියා වගේම මගේ සහෝදරයත් නෑණන්ඩියත්. හැමෝම රැකියා වල නිරත කාර්යබහුල අය වුනත් මගෙ පුංචි දගමල්ල බලාගෙන මට දෙන සහයෝගය නිසාම නවකාතා ලෝකෙට මට පියවර තබන්න හැකි වුනා. පොඩි කාලේ ඉදන්ම කතා කුරැටු ගාපු මට මුහුණූ පොතේ නොසිතපු ලෙස ගමනක් යන්න හැකි වුනා.ලේඩිස් ඔන්ලි සමුහයෙන් නවකතා අකුරැ කරන්න ගත්ත මම අවුරැදු එකහමාරක වැඩි කාලයක් අතරතුර නවකතා අටක් අකුරැ කරමින් රසික සිත් පිනවනවා. ඉතිං ලියාරා මට මුණගැහුනේ ඒ අතරතුර. කාන්ාවන් වෙනුවෙන්ම ලියවෙන මේ සගරාවට මට ආරාධනාවක් ලැබුනහම කතාවක් අකුරැ කරන්න මට ලොකු සතුටක් දැනුනා. කොයිතරම් කාර්යබහුල වුනත් මම ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරගත්තේ ඇත්තටම මහත් ආශ්වාදයකින්. ලියාරා සගරාවට මම ස්තුතිය පලකරනවා මම වගේම සයිබර⁣ෙ ලියන ගොඩක් අයට මේ දුන්න අත්වැල වෙනුවෙන්.සමාජ සංන්සිද්ධීන් මුල් කරගෙන ඒ හා වටා ගෙතෙන ආදර කතා රචනා කරන මා මෙවර ලියාරා සගරාවටද එවැනිම වු වෙනස්ම අපුරැ කතාවක් රැගෙන එන්න හිතුවා.
“ලවන්යා”
විවාහ ජීවිතයක් පවත්වාගෙන යන්න විශ්වාසය අත්‍යාවශ්‍යම දෙයක්. ඉතිං එ් විශ්වාසය බිදි ගිය කල විසිරි යන ඇගෙත් ඔහුගෙත් කතාවක් මේක.
ජිවිතය අපි සිතන තරම්ම සුන්දර නැ. සමාජයේ ජිවත්විම අප හිතන තරම් ලේසිත් නැ. සමාජයට ඔන ලෙස අපි ජිවත් විය යුතු නැ කියලා හිතුවත් සමහරක් වෙලාවට සමාජය අපේ ජිවිත උඩුයටිකුරැ කරන්න පෙලබෙන්නේ අපිවත් නොදැනමයි. බැදිමක් තුල විශ්වාසය තිබිය යුතුමයි. එ් විශ්වාසය නැති තැන එ් බැදිමේ පැවැත්මක් නැති වෙනවා. එ් වගේම බැදිමක් තුල රහස් සැගවිලා තිබුනොත් එ්ක ඊට වඩා දරැණු ලෙස එ් බැදිමට යම් දිනක බලපානවා. ඉතිං මේ ආදරයට කණ කොකා වැදුනෙත් එ් විදිහටයි. සමාජය, විශ්වාසය, සැගවුන රහස් එක්ක මේ බැදිම ඔවුන්ටත් නොදැනිම දෙදරා යනවා.
ආදරය, දුක , වේදනාව, කුතුහලය පිරැණ ආදර කතාවක්. හැමදාමත් වගේ සමාජය තුලින් බිහිවු කතාවක් මේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *