දිනේෂි අමරකෝන්

දිනේෂි අමරකෝන්

දිනේෂි අමරකෝන් වන මම මේ වන විට පූර්ණ කාළීන ගෘහණියක් වුවද තත්ව අධීක්ෂිකාවක් ලෙස කළක් රැකියාවෙ නියුතු වූවෙමි.

මවක සහ බිරිඳක ගෙ වගිකීම් මෙන්ම යුතුකම් සියල්ලට මා උර දැරුවත් ,පවුල් පාලනය සහ ගොඩනැගීම හිස මතට කඩාවැටි බරක් සේ නොගෙන සරලව පුර්ණ ලෙස ඉටු කරමි.
රැකියාව සහ ගෘහපාලනය ගැනද, සමබරව ගෙන ගිය අත්දකීම් විඳ ඇත්තෙමි,

ස්වාමිපුරුෂයා උමේෂ් අමරකෝන් වන අතර ඔහු ඇඟලුම් ක්ෂෙත්‍රයේ ප්‍රසිද්ධ ආයතනයක ආසියානු කළාපය බාර කළමණාකාර වරයෙකු ලෙස රැකියාව කරයි.
පුතා යසාර අමරකෝන් වෙයි, ඉන්දියාවේ පාසලක ගණිත අංශයේන් උසස් පෙළ හදාරයි..

මේ වනවිට අප ලංකාවෙන් බැහැරව ජීවත් වන අතර පුතා ගෙ ඉගෙනීම් අහවර වූ විගස ලංකාවේ පදිංචියට පැමිණෙ බලාපොරොත්තුවෙන් සිටිමු.

මම ලියාරා සමඟ සම්බන්ධ වන ඉසව්ව ගැන සඳහන් කරන්නේ නම් ,
විවිද ඉසව් වලින් ලිපි ලිවීම සහ ඉවුම් පිහුම් ,සහ බේකිං සම්භන්ධ ලිපි ලිවීම මාගේ විනෝදංශය විය .
කේක් සම්බන්ධව දැනුම අරන් එන්නට සඟරාවෙ ප්‍රාධාන කතෘ තුමිය මා තෝරාගත්තේ මා ගැන නිරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුවය…

ඉවුම් පිහුම් බේකිං සහ අත්කම් මගේ විනෝදංශය වූ නමුත් මේ කිසිම දෙයක් මා නොදැන සිටියෙමි…

ඉවුම් පිහුම් බලන් හිඳ ඉගෙන ගන්නට හැකි නමුත් ..බේකිං වල බලන් සිටීමෙන් පමණක් ප්‍රමාණවත් දැනුමක් ලබන්නට අපහසු විය..
අසා දැනගන්න ට අය සිටියද ඒ අයගෙන් පැහැදිලි පිළිතුරක් වෙනුවට ලැබුනේ බේකිං යනු මහා අමාරු දෙයක් ලෙස හැඟෙන පිළිතුරු ය..

ගෘහණියක ලෙස කාර්‍ය්බහුල වුවත් ඉඩ ලබන සෑම විට නොයේක් ඉසව් ඔස්සෙ මා ලද අත්දැකීම් සමජයෙ දකින්නට ලැබෙන සිදුවීම් ඔස්සෙ සැකසුනු ලිපි වලින් සමාජ ජාලා සමූහයකට ලිවිම ආරම්භ කලේමි
ඒ ලෙසෙන්ම ආහාර වට්ට්ටොරු සහ බේකිං සම්භන්ධ මා උගත් දේ ආදුනකයන් වෙත නොමිලේ ලබාදෙමි.

කෙනෙකුගේ ජීවීතයට මා ලියන මොන යම් හෝ හරවත් වටිනාකමක් එක් වන්නේ නම් එය මා ලබන ලොකුම ත්‍යාගයකි….
කේක් පිළිබඳ නොමිලේ පවත්වන ප්‍රායෝගික පන්ති වලදී එකවර සුළු පිරිසකට කියාදීම
වගේම සමූහයන් වෙත සහ සඟාරාවකට
යොමු වීමෙන් එක පාර වැඩි පිරිසකට නොදන්නා කරුණු බෙදා දීමටයි .හැකි වීම සතුටට කරුණකි

ඒ වගේම කේක් සෑදීම ,සැරසීම..ගැන සාමජයේ යුවතියන්ගෙ සිතේ ඇති බිය තුරන් කර ස්වයං රැකියාවක්ට උවද මග සැකසා දීම මගෙ අරමුණයි…

සටහන දිනේෂි අමරකෝන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *