නිසංසලා සායක්කාර

නිසංසලා සායක්කාර

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවලු. සමහර සාර්ථක ගැහැණියක් පිටුපස පිරිමියෙක් ඉන්නවලු. ඒත් සමහර සාර්ථක දුවෙක් පිටිපස අම්ම කෙනෙක් ඉන්නත් පුලුවන් මේ මට වගේ. ඔය තුනම ඉන්නත් පුලුවන් ඒත් මට වගේ.

මගේ නම නිසංසලා සායක්කාර, වයස 16යි අවුරුදු 10කට කලින්. HR එක ඇරුනම කිසිම කෙනෙක් මගෙ නම දන්නෙ නෑ. හැමෝම මට කියන්නෙ නිශි කියල. මොකද සිංහල නම් පිට රටවල් වල අයට කියද්දි පැටලෙන නිසා . මගේ පවුලෙ මමයි අක්කයි. ඉස්සර ඉදන් මමයි අක්කියි ගෙදර උයනව.ඒත් විනාඩි පහෙන් යාලු වෙනව. අපි ජීවිතේට 3,4 පාරකට වඩා තරහ වෙලා නෑ චූටිම කාලෙ හැර.

එක එක කරදර මැද්දෙ ඉගෙන ගෙන අපි දෙන්නම ජීවිතේ දිනුව. එයා හස්බන්ඩ් එක්ක ෆාමසි එකකුත් ,මම ලංකාවෙන් පිට රෙස්ටුරන්ට් එකක හෙඩ් චෙෆ් කෙනෙක් වෙනකනුත් එන්න අපිට පුලුවන් උනේ එකම එක්කෙනෙක් නිසා. ඒ අපි දෙන්න වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ අමතක කරල දුක් විදපු අපිට අම්ම තාත්තා දෙන්නම උනු අපේ අම්මා නිසා.

ඉංජිනේරු හීනෙන් මිදිල , හොටෙල් මැනේජ්මන්ට් එක ඉවර වෙලා මං වෘත්තීමය චෙෆ් කෙනෙක් උනේ කොහොමද කියල කලින් ඔයාලට කිවුවනෙ.

මම ඇවිත් මාස දෙකෙන් අම්මත් මේ රටට ආව මං ඉන්න නිසාම.ඉස්සර අම්මත් ඉගෙනගන්න හුගක් දක්ශ යි ලු. හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් නොතිබුනත් අම්ම ඕනෙ ම කෑමක් රසට පිලිවෙලට හදන්න දන්නව. අරාබි කෑම වර්ග වගේම ඕනෙම එකක්. අම්මත් ඉස්සර මං වගේමයිලු . ඒ හිතේ හයිය ලස්සනට මටත් අක්කිටත් පිහිටල තිබුනා.

ඇවිත් මාස දෙකයි නිසා මම මේ අබුඩාබිය ගැන දන්නෙත් නෑනෙ .ඒත් අම්මා ආවෙ ඩුබායි වලට නිසා අපේ රෙස්ටුරන්ට් වලින් වෙන එකක ඉන්න ලංකාවෙ එක්කෙනෙක් ට කෝල් කරල අහගෙන ඩුබායි වලට තනියම හොයාගෙන ගියා.

මේ වගේ හුගක් අභියෝග වලින් පැනල අම්මවත් මං ලගට අරගෙන ටිකෙන් ටික ජිවිතේ දිනුම් කණුව හොයාගෙන යන ගමන් තමයි ලියාරා එක්ක සම්බන්ධ උනේ.

ඒ විතරක් නෙවේ මේ අතරේ අර ඩුබායි යන්න මුලින් පාර කිවුව කෙනා ඉන්නෙ . එයා පහුගිය ජනවාරි වල මගේ ජීවිතේට සම්බන්ධ උනා. ජිවිතේ ඉස්සරහට පාරවල් අහගන්න පුලුවන් වෙයිනෙ කියල. අපි වැඩ කරන්නෙ එකම කම්පැනි එකේ තැන් දෙකක . ඩුබායි යන්න පාර කියල පස්සෙ බොරු හේතු හදාගෙන ඉද හිට මං වැඩ කරන රෙස්ටුරන්ට් එකටත් ආව ගියා ඉස්සර. අවුරුදු තුනක කාලය පුරාවටම අම්මා අක්කා වගේම එයත් ලොකූ හයියක් උනා මට. වැඩි කතා බහක් නැති නිහඩ ආදරණීය චරිතයක්. එයාගේ තාත්තා හිටියෙත් එයා එක්ක නිසා නිවාඩු දවස් වලට අපි ඇවිදින්නත් ගියා ලස්සන තැන් බලන්න.එයාගෙ අම්මට වගේම මගේ අම්මටත් සලකන කෙනෙක් උන එක මට ලොකු සැනසීමක් උනා.

එයාගෙ පවුලෙ අක්කයි මල්ලියි, එයාගෙ අම්මටත් හුගක් රසට කෑම උයන්න පුලුවන්. හුගක් තැන් වලදි අපිට සහයෝගය දුන්න වගේම දුවෙක් විදියට මාව බාරගත්ත අම්ම කෙනෙක්.
මගේ අම්මා ,අක්කි වගේම එයා බැදපු අයියත්, අයියගෙ අම්ම තාත්තත් හුගක් තැන් වලදි මට හිටියා. අපේ පුංචි පවුල ලොකු පවුලක් උනේ මෙහෙමයි. මේ තමයි මගේ පවුල.

ඉතින් මේ හැමෝගෙම සහයෝගය ආදරේ මැද, හුගක් බාධක වලින් ජය අරන් ආපු ගමනේ එදා වගේම අදත් මං වැටුනු හැම තැනකදිම අත දුන්නු මගෙ අම්මා .කවදාවත් කටින් ආදරේ කියල නෑ. හොදක් නම් ජීවිතේට අහගන්න බෑ.ඒත් ක්‍රියාවෙන් අම්මා අපිට ආදරේ පෙන්නුවා .


සමහර අවස්තා තිබුන තනියෙම අඩල හිත හදාගත්ත . මං තනිවෙලා කියල දැනුන. ඒත් සුලු මොහොතකට විතරයි . අඩල හිත හදාගෙන අලුත් කෙනෙක් වෙලා නැගිටිනවා. හැමදාම දෙයක් ජීවිතේට එකතු කරගන්නව.

මේ විෂය ඉගෙන ගෙන ඉවර කරන්න බෑ. මම පොත් අරන් තනියෙන් තවත් ඉගෙන ගන්නවා. ඔයාල එක්ක මගේ දැනුම මුල ඉදන් සරලව , එදිනෙදා ජිවිතේට යොදාගන්න විදි, ඔයාලා එක්ක ලියාරා මගින් බෙදාගන්න මම බලාපොරොත්තු වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *