ප්‍රභානී තෙන්නකෝන්

ප්‍රභානී තෙන්නකෝන්

මම ප්‍රභානී තෙන්නකෝන් , මම ලේඛිකාවක් කියලා හඳුන්වනවට වඩා මම කැමති මම ලේඛන කලාව ඉගෙනගන්නියක් කියල හඳුන්වනවට. මොකද පොත් දෙකක් එලිදැක්වූ පමණින් ලේඛිකාවක්, කියන ලේබල් එක අලවගන්න මම අකමැති නිසා.

මම ඉගෙනගන්තෙ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ. උසස් පෙළට කලේ විද්‍යා විශයන්. ඒත් රැකියාව විදියට තෝරගත්තේ පරිඝණක ක්ශේත්‍රයෙන්. ඒත් ඉතාම කෙටිකාලයකින් රැකියාවට සමුදෙන මම විවාහය එක්කම විදේශ ගතවෙනවා. දැනට මම ජීවත් වෙන්නෙ ඉතාලියෙ ෆ්ලොරන්ස් නගරයේ. මගේ සැමියා චමිල අබේකෝන් , ඒ වගේම මගේ පුතා ( 8 හැවිරිදි ) සිතිජ කෙවින් අබේකෝන්.

මාව ලේඛන කලාවට පොළඹවන්නේ උපන් බිමෙන් ඈත් වීම එක්ක ඇතිවුන හුදකලාව කීවොත් මම නිවැරදියි. මොකද ඒ තනිකම , ප්‍රියයන්ගෙන් වෙන්වීම , නිර්මාණශීලීව හිතන්න ඒ හිතුවිළි අකුරු කරන්න පොළඹවනවා. ඒ අනුව මගෙ අතින් නොයෙක් දේ ලියවෙනවා. බොහෝමයක් ලියවෙන්නෙ මගෙ පුතා ගැන. ඒ ලියවුන බොහෝ රසවත් සිදුවීම් වල එකතුවක් තමයි ටිපී ගේ සමයං ලෙසින් 2018 දි පොතක් විදියට එලියට එන්නෙත්.

ඒ පොතේම දිගුවක් විදියට ටිපී ගේ සමයං නවතම කතා මාලාවකින් මම ලියාරා මාසික සඟරාව එක්ක එකතු වෙන්නේ එහි සංස්කාරකවරිය වන හංසනී මහත්මියගෙ ආරාධනය එක්ක. ලියාරා කියන්නෙ වෙනස්ම මාසික සඟරාවක් දැනුම ගබඩාවක් කීවොත් මම නිවැරදියි. ලියාරා සමඟින් ඉන්න ඔබට ටිපී ගේ සමයං රසවිඳින්න වගේම තව බොහෝ දේ දැන ඉගෙනගන්නත් පුළුවන්.

ප්‍රභානී තෙන්නකෝන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *