මේඛලා උදාරි

මේඛලා උදාරි

ලියාරා සඟරාවට කවි වලින් දායකත්වය දෙන මම මේඛලා උදාරි ලියනගේ. වයස අවුරුදු 30යි. සහෝදරයන් දෙදෙනෙකු සිටින පවුලක එකම සහෝදරිය වුන මම පාසල් ගියේ පානදුර බාලිකා මහා විද්‍යාලයට. උසස් අධ්‍යාපනය සඳහා 2008 වර්ශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනු මම එයින් එලියට ආවෙ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන විශේශ උපාධිදාරිනියක් විදියට. විශ්වවිද්‍යාලයෙන් සමුගැනීමත් එක්ක පෞද්ගලික අංශයේ ගිණුම්කරණ ක්ශේත්‍රයේ රැකියා කිහිපයකම නියැලුන මම 2017 වර්ශයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ශක වරයෙකු ලෙස සේවයට බැඳුනා. මේ වන විට මම විවාහකයි. ආදරණීය සැමියා තරංග ප්‍රදීප්. අපිට වසරක සුරතල් පුතෙක් ඉන්නවා. පුංචි කාලෙ ඉඳන්ම කවි නිසඳැස් ලීවත් මගේ කවි වලට වටිනාකමක් ලැබුනෙත් කිවිඳියක් විදියට යම් පාඨක පිරිසක් හඳුනා ගත්තෙත් මුහුණුපොත නිසා.ලියාරා සඟරාවට මගේ නිර්මාණ එකතු කරන එකත් මුහුණුපොතෙන් මා ලද ත්‍යාගයක්. ආදරණීය ලියාරා සඟරාවටත් හංසනීටත් මගේ හෘදයාංගම සුබ පැතුම්..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *