රොනිති සර්ධාතිලක

රොනිති සර්ධාතිලක

ලියාරා කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු සංධිස්ථානයක්.
වෘත්තියෙන් ඖෂධවේදිනියක් වන මම වින්ධ්‍යා රොනිති සර්ධාතිලක .
මා උපන් ගම කෑගල්ල වන අතර සම්පූර්ණ පාසැල් අධ්‍යාපනය කෑගලු බාලිකා විද්‍යාලයෙන් ලබාගත් අතර උසස්පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්.
පාසැල් කාලය තුල ශිෂ්‍ය නායිකාවක ලෙස ක්‍රියාකාරීව කටයුතු කල අතර පාසැල් චෙස් කණ්ඩායම, පෙරදිග සංගීත කණ්ඩායම ,පාසැල් නාට්‍ය කණ්ඩායම ආදී තවත් කණ්ඩායම් නියෝජනය කරමින් සමස්ත ලංකා ජයග්‍රහණද දිනාගෙන ඇත්තෙමි.

පාසැල , දහම් පාසැල යන තැන් වලදී තරඟ සහ උත්සව යන විවිධ අවස්ථා වලදී ලිවීම නිසා දස්කම් පාන්නට මට හැකිවිය.

රජයේ හෙද ඩිප්ලෝමධාරිනියක් වන මම , හෙද සේවය මගේ වෘත්තිය ලෙස තෝරානොගෙන,
කොළඹ විශ්ව විද්‍යාලය වෛද්‍ය පීඨය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව මඟින් පවත්වන ඖෂධවේදී ඩිප්ලෝමාව ඉහලින් සමත්වී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදිනියක ලෙස රජයේ රෝහල් සේවයේ යෙදුණෙමි .

මගේ ආදරණීය සැමියා වෛද්‍ය රොෂාන් පියරත්න, දැනට පශ්චාත් උපාධිය සම්පූර්ණ කර කායික රෝග සම්බන්ධ ජේෂ්ඨ ලේඛකාධිකාරීවරයෙක් ලෙස රාගම ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය ඒකකයේ සේවයේ යෙදේ.

මම දරුවන් දෙදෙනෙකුගේ මවක්.
දැනට රජයේ සේවයෙන් ඉවත් වී සිටින අතර පූර්ව ළමාවිය සංවර්ධනය , ළමා මනෝවිද්‍යාව සහ පූර්ව ළමාවියේ භාෂා සංවර්ධනය සම්බන්ධයෙන් හදාරමින් සිටී.
නිවසේ ගතවෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් මගේ විවේක කාළය ඵලදායි ලෙස ගෙවාදැමීම සඳහාත් වසරකට පෙර සැමියාගේද සහයෝගයෙන් මුහුණු පොතේ ආරම්භ කල මගේ සමූහය හරහා ඖෂධ සහ වෙනත් සෞඛ්‍ය තොරතුරු සම්බන්ධ ලිපි ගෙන එන්නට පටන් ගතිමි.

එහිදී දැන හඳුනාගන්නට ලැබුණු හන්සනී හිදැල්ලආරච්චි මහත්මිය නිසා ඇයගේ ලියාරා මාසික විද්‍යුත් සඟරාවට ඖෂධ සහ වෙනත් සෞඛ්‍ය තොරතුරු සම්බන්ධ ලිපි සපයන්නට මට අවස්ථාව ලැබුණු අතර එය මගේ ජීවිතයේ මා ලද සුවිශේෂී අවස්ථාවක් ලෙසයි මම සලකන්නේ.

එදා සිට මේ වනතුරු ලියාරා සම්බන්ධ සෑම වැඩසටහනකටම හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙමින් ලියාරා කතෘ මණ්ඩලය සමඟ සුහදව කටයුතු කරමින් පසුවෙමි.

මම ලියාරා ඔස්සේ ගෙන එන්නේ වෛද්‍ය පර්යේෂණ ඔස්සේ නිවැරදිවම තහවුරු කල
මුහුණු පොතේ හෝ වෙනත් කිසිම මාධ්‍යයක පළනොවූ ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ලිපි පමණි.

ලියාරා සමඟින් හංසනී හිදැල්ලආරච්චි මහත්මියටත් සුභ පැතුම් ගෙනෙමින් ,
ලියාරා හි කතෘ මණ්ඩලය සමඟ සම්බන්ධ වෙන්නට මට ලැබුණු මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව ද කෘතඥතාව පළකරමි.

රොනිති සර්ධාතිලක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *