සචින්තා ගුණතිලක

සචින්තා ගුණතිලක

මම සචින්තා…
සචින්තා ගුණතිලක. වයස කිව්වොත් අවුරුදු වලින්ම තිස් පහයි.. ගම කෑගල්ල.
වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්.
මගේ දෙමව්පියෝ විශ්‍රාමික ගුරුවරුන්. දැනට තාත්තා නම් අපි අතරේ නැහැ. එතකොට මම තමයි පවුලේ බාලයා.. ඔව් ඒ කියන්නේ මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා කියන එක තමයි..
විවේකයක් ලැබුන වෙලාවට මම කරන්න කැමතිම දේවල් ගොඩයි.. ඒ අතරින් එකක් තමයි මොන මොනවා හරි ලියන එක.. ඉතින් මම සයිබර් අවකාශයේ ලියන්න පටන් ගන්නවා… ඔන්න ඔය ලියමනක් තමයි මම ලියාරා එක්ක එකතු වෙන්න මග පෑදුවෙ.. ඇත්තටම ඒක අහම්බයක්..
ලියාරා සඟරාවේ මගේ අතින් අකුරු කෙරෙන්නේ අපි හැමෝටම දැනෙන සරළ දේවල්.. වැඩියෙන්ම මම කතා කෙරෙන්නේ ආදරය ගැන.. හිත රිදෙන තැන් , අපිට අපි අමතක වෙන තැන් ඔය හැමදේම අතරේ ජීවිතේ ගලාගෙන යන හැටි තමයි මම ලියාරා හරහා ඔයාලත් එක්ක කතා කරන්නේ..
මට ඕන හැමෝම මේ ජීවිතේ විඳිනවා දකින්න.. ඉතින් ලියාරා වෙතින් මම උත්සාහ කරන්නේ මගේ අකුරු හරහා ඔයාලට ජීවිතේ දැනෙන්න සළස්වන්න…
ස්තූතියි..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *