සනාලි ප්‍රනාන්දු

සනාලි ප්‍රනාන්දු

දෙමව්පියන් විසින් වර්ශ එක දාස් නවසිය අසූ හතේ නොවැම්බර් මාසයේ මෙලොව එලි දුටු මා හට සනාලි කියලා නම් කරලා තියෙන්නෙ මගේ තාත්තා… මම එකම එක මල්ලි කෙනෙක්ට පමනක් අක්කා වුන පවුලේ වැඩිමහල් සහ පරම්පරාව එකම ගැහැනු දරුවා වන අතර වෘත්තීය වශයෙන් අංශ කිහිපයක රැකියාවේ නියැලුනත් විවාහයෙන් පසු පූර්ණ කාලීන බිරිදක් සහ එක් දරු මවක්… එයට හේතුව සැමියා කාර්‍ය බහුල රට රැකීමේ ක්‍රියාන්විතයේ නියැලෙන කෙනෙක් නිසා පවුලෙහි සියලුම වගකීම් මා සතු වන බැවිනි…

ඉතින් ලීවීමේ ගමන් මග ආරම්භ වෙන්නෙ හරිම අහම්බෙන්… නින්ද අහල පහලකවත් නැති රාත්‍රියක පුංචි කොලයක් සහ පැන්සලක් අරගෙන මගේ හිත සංවේදි කල සිදුවීමක් ගැන අකුරු කරන්න පටන් ගත්තා… ඒ වදන් පසු කාලයේ අසම්මතය නමින් ගීතයක් බවට පත්වුනේ හරීන් සහෝදරයාගේ සංගීතයෙන් සහ විශාරද කුශානි සදරේකා සහෝදරියගේ මියුරු හඩින්… ඔය අතර තුර මට අවශ්‍ය වෙනවා මේ ගීතයට හේතු පාදක වුන කතාව කොටස් වශයෙන් ලියන්න… මුලින්ම අසම්මතය නමින් මුහුනු පොතේන් මගේ ලිවීම ආරම්භ කරේ හරියටම මීට වසර තුනකට ප්‍රථම… සත්‍ය කතා තුලින් අපේ ජීවිතේට කොයි තරම් හරවත් දෙයක් එකතු කරගන්න පුලුන්ද යන වග මට ඒත්තු ගැන්නුවේ අසම්මතයේ සමාජිකයන් විසිනි… ඉන්පසු කවදාවත් මා මුන නොගැසුන සාමාජිකයන් මාව විශ්වාස කරමින් ඔවුන්ගේ අතීශය පෞද්ගලික ජීවිතේ බිදවැටීම් නැවත නැගිටීම් මාත් සමග බෙදා ගත්තේ තවත් කෙනෙක්ට ඒ හරහා ජීවිත ආදර්ශය ලබා ගත හැකී යන අදිශ්ටානයෙන්… ඉන්පසු “අසම්මතය” නමින් ආරම්භ වුන මුහුනු පොතේ පිටුව “සම්මතයෙන් එහා ” කියා නම් කරේද සමාජිකයන් විසින්මයි… පුංචි කාලේ ඉදන් මගේ තිබුන එක හීනයක් තමයි සමාජට සේවයක් කිරීම… ඉතින් කාර්‍ය බහුල බිරිදක් සහ මවක් විදිහට මගේ ඒ ආශාව මුදුන් පල ගැන්වුනේ සම්මතයෙන් එහා සමාජිකයන්ගෙන් ලැබුන මිල කොල නොහැකි සහයෝගය නිසාමයි… වසරක් පාසා අඩු ආදායිම් ලාභි දරුවන් වෙනුවෙන් පාසල් පොත් සහ උපකරන ලබා දීමට හැකියාව ලැබුනේ මගේ මේ ලිවීමෙ කලාව නිසා කිව්වොත් මම නිවැරදියි… ඊට අමතරව මානසිකව පීඩා විදින , තමන්ගේ දුක තව කෙනෙක් සමග බෙදා ගත නොහැකිව සියදිවි හානි කරගන්න පවා සිතූ බොහොමයක් පිරිසට සම්මතයෙන් එහා අපි පිහිට වුන අතර අද ඒ හැම දුකක්ම අමතක කර ජීවිතේ හිනිමන් පෙත කරා ඔවුන් ගමන් කරමින් සිටින්නෙ අහම්බෙන් මම ආරම්භ කල මේ ලිවීමේ කලාවයි… මගේ ලිවීම යනු තව කෙනෙක් හිතක් සුවපත් කරන ඖශධයක් වන අතර හුදෙක් මාවමද වරක සුවපත් කරන දිවි ඔසුවකි… ඉතින් ලියාරා යනු මගේ ලිවීමේ කලාවෙදි මට මුන ගැසුනු තවත් මංසලක්… හංසනීගෙ මගපෙන්වීමෙන් ලියාරා හී සත්‍ය කතා ලිවීම මම ආරම්භ කරන්නෙ ඉතාමත් සතුටින් සහ ආඩම්බරයෙන්…. දුක තුලින් දුක හදුනාගෙන දුක පරාජය කල දිරිය කතුන් ගැන ලියන්න මම ලියාරා තුලින් බලාපොරොත්තු වෙනවා… ඉතින් ලබන මාසයේ සිට අලුත්ම සත්‍ය කතාවක් තුලින් ලියාරා සමග ඔබ හමුවෙන්න බලාපොරොත්තු වන්නෙ හද පිරි ආදරයෙන්… ආරාධනා කරනවා එකතුවෙන්න ලියාරා සමගින්…..

මම
සනාලි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *