හංසනි හිදැල්ලආරච්චි

හංසනි හිදැල්ලආරච්චි

දෙදහස් දහ නවය වසරේ සීතල දුරුත්තත් සමඟ කලඑළි බැස්ස ලියාරා කාන්තා විද්‍යුත් සඟරාව දිනෙන් දිනම පරිණත වූයේ ඒ සඳහා දැනුම එක් කළ රූස්ස ගස් නිසායි. මූලික විද්‍යුත් සඟරාවක් ලෙස ප්‍රවේශ ලබා ගත් ලියාරා, මේ වන විට ජංගම දුරකථන යෙදුමක සාඩම්බර උරුමකාරියක්. නොයෙක් කුසලතා ඇති මවු වරුන් යටතේ හැදී වැඩෙනා ලියාරා විද්‍යුත් සඟරාව මුද්‍රිත සඟරාවක් ලෙස ඔබ වෙත තිළිණ කිරීමට සැරසෙන මේ මොහොතේ ලියාරාහි සුන්දරත්වය සහ දැනුම පිටුපස සිටි ඒ කිරි මවුවරුන් ගැන ඔබ වෙත විස්තර ගෙන ඒමට අපි ලියාරා අගෝස්තු කලාපය වෙන් කරනවා.

ඒ අනුව ඔබ විසින් මේ මහඟු කාර්‍යය පිටුපස සිටින දැවැන්ත හස්තයන්ගේ බොහෝ තොරතුරු මේ කලාපය ඔස්සේ දැන ගනීවී සහ ඒ මගින් මේ ලිපි ඔබගේ හදවතට තවත් සමීප වේ යැයි අප විශ්වාස කරනවා.

ඉතින්, දෙන්න අවසර මේ දැනුම් සම්භාරයේ උරුමකරුවන් ඔබ වෙත හඳුන්වාදීමට.

මම හංසනි හිදැල්ලආරච්චි

ප්‍රධාන කර්ත්ෘ

කාන්තාවන්ටම වෙන්වූ සුවිශේෂී සඟරාවක් වන ලියාරා සඟරාවේ නිරමාත්ෲවරිය සහ ප්‍රධාන කර්ත්ෲ වරිය වන්නේ මමයි. මම හංසනී හිදැල්ලආරච්චි. වර්තමාන කාන්තාවන්ට ඇති පත්තර සහ සඟරා අතුරින් සිතට ගැලපෙන එකදු සඟරාවක්වත් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක මා විසින් කල්පනා කලේ එසේ වීමට හේතු සහ මෙම ගැටලුවට ඇති විසඳුම. මේ වන විට කාන්තාවන් අතර ජනප්‍රිය ව තිබූ බොහෝ සඟරා කාන්තාවන් එක්කෝ ඉවුම් පිහුම්, මැහුම් ආදියට හෝ වෙළඳ දැන්වීම් වලට පමණක් වෙන් වී තිබෙනවා. නමුත් කාන්තාවකට විශේෂයෙන් ග්ෘහණියකට අදාල දැනුම  අප්‍රමාණයි. ඒ දැනුම කාන්තාවන් වෙත ළං කිරීමේ අරමුණින් තමයි ලියාරා සඟරාව බිහි වන්නේ.

මූලික වශයෙන් සඟරාව  ආරම්භ වන්නේ මුහුණු පොතේ පල වුණු ලිපි ඒ  අදාල කර්ත්ෲ වරුන්ගෙන් ලබාගෙන පළ කිරීමෙන්. සිතෙහි මැවුණු මාත්ෘකා යටතේ අවශ්‍ය ලිපි එකතු කර ඉන්පසුව ඒවා නිසි පෙළගැස්මක් යටතේ සඟරාවක් ආකාරයට ඉදිරිපත් කිරීම ජනවාරි මස සිදු කෙරුණා. ඒ සඳහා අදාල වෙබ් පිටුව සහ පිටි පෙරලිය හැකි සේ සඟරාව නිර්මාණය වුනේ කසුන් චතුරංග ගජමන්ගේ, මගේ ආදරණීය ස්වාමිපුරුෂයා අතින්. ඔහුගේ නොමද සහය ලියාරා වෙත නිබඳවම ලැබෙනවා.

පරිශීලනයේ පහසුව තකා ලියාරා ජංගම දුරකථන යෙදුම පසු ගිය ජුලි මස 21 වන දින ජනගත කෙරුණු අතර එමගින් වඩාත් පහසුවට ලියාරා සඟරාව කියවීමේ අවස්ථාව පාඨකයාට ලැබුණු අතර තව දුරටත් පාඨක ඉල්ලීම් මත ලබන සැප්තැම්බර් මස සිට ලියාරා විද්‍යුත් සඟරාව මුද්‍රිත සඟරාවක් ලෙස කලඑළි බැසීමට නියමිතයි.

හෝමාගම ජනාධිපති විදුහල, මොරවක කණිටු විදුහල, අනුර විද්‍යාලය සහ අවසානයේ කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මා පසු කාලීනව කොළඹ විශ්ව විද්‍යාලයේ සංචාරක සහ හෝටල් කර්මාන්තය පිළිබඳව හැදෑරුවා.

මම දැනට හෝටල් සහ සංචාරක ක්ශේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වන අතර පදිංචිය කලුතර දිස්ත්‍රික්කයේයි. මම විවාහක වන අතර මගේ ස්වාමි පුරුෂයා කසුන් චතුරංග ගජමන්ගේ ව්ෘතියෙන් පරිඝණක ඉංජිනේරුවරයෙක් සහ උපදේශකයෙක් ලෙස සේවය කරනවා.

මම රැකියාව ආරම්භ කලේ විදෙස් අධ්‍යාපනය සඳහා මග පෙන්වන ෞපදේශකයෙක් ලෙස. ඉන් අනතුරුව රක්ශණ ක්ශේත්‍රයේ මුල සිට ගමන අරඹා ඒ ඒ අදාල පරීක්ෂණයන්ට මුහුණ දී ප්‍රතිරක්ෂණ විධායක නිලධාරියෙකු ලෙස සේවය කලා.

හදිසියේ සිදු වූ පෞද්ගලික සිදුවීමක් නිසා මම රස්සාවෙන් ඉවත් වූ අතර නැවත හෝටල් ක්ශේත්‍රයට පිවිසෙන්නේ නිවසට ආසන්න තරු පන්තියේ හෝටලයක සහකාර කළමණාකාරතුමාගේ ලේඛම් ලෙසට.  ඒ අවස්ථාව මට බොහෝ දේවල් වලට දොර විවර කර දුන්නා.

හෝටල් රැකියාවත් සමඟම ග්ෘහණියන්ට වැදගත් වන නමුත් කිසිදා නොලැබෙන දැනුම් සම්භාරයකට මට දොරටු විව්ෘත වුණා. ඊට අමතරව හෝටලයට අදාල සියලුම සහතික පත්‍ර, තත්ව සහතික, නොයෙක් සම්මාන සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීමත් නොකඩවා ම අතින් සිදු වුණා. ඒ ඔස්සේ විවිධ අංශවලින් කුසලතා දියුණු කරගන්න සහ නායකත්ව හැකියා වර්ධනය කරගැනීමට මෙන්ම ධනාත්මක ආකල්ප තව දුරටත් වැඩිදියුණු කරගැනීමට හැකි වුණා. සමාජ සත්කාර වලට නිතැතින්ම මගෙ වැඩි අවධානය යොමු වු අතර වසර තුනක් එක පිට ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ හොඳම සමාජ සත්කාර වැඩසටහනට මා සේවයේ නියුතු හෝටලය තේරී පත් වීමත් එක්තරා සන්ධිස්ථානයක්.

සංචාරය කිරීම මාගේ එක් විනෝදාංශයක් වන අතර පසු ගිය වසර තුන පුරාවට ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වල සංචාරය කර ඒ ඒ තැන් ගැන පුවත්පතකට වසරක් පුරාවට ලිපි සම්පාදනය කර තිබෙනවා.

ලියාරා ඔස්සේ විවිධ වූ විෂයන් පථය ඔස්සේ ලිපි රැගෙන ඒමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර පුළුල් වූ මාත්ෘකා ඔස්සේ ග්ෘහණියන්ට මෙන්ම සියලුම කාන්තාවන්ට වැදගත් වන ලිපි ගෙන ඒමටත්, හැකි සෑම අයුරින්ම කාන්තාව සවිබල ගැන්වීමත් මගේ අරමුණ වනවා.

හංසනි හිදැල්ල ආරච්චි

ප්‍රධාන කර්ත්ෲ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *