හංසි රණසිංහ

හංසි රණසිංහ

මම හංසි රණසිංහ. මම වෘත්තීයෙන් ලේඛිකාවක්. මගෙ පුංචි පවුල ගැන කියනව නම් අම්මා ,තාත්තා ,අයියා සහ මම. මගෙ තාත්තා සහ අයියා ව්‍යාපාරිකයන්. ඒ වගේ ම මගෙ තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා ගෘහණියක්. මම ලියන කෙනෙක් . ගැලපීම පොඩ්ඩක් අඩුයි වගේ නේද .. ඇත්තෙන්ම මම ලියන කෙනෙක් වෙන්න මගෙ ඥාති සොයුරියක් මඟපෙන්වූවා කිව්වොත් හරි. ගෙදර ලියන නිසදැස් හංගන් ඉන්න මාව සයිබර් අවකාශයට යොමු කළේ ඇයයි. එතනින් පටන් ගත් මම අද වෙද්දි යම් දුරක් ඇවිත් තියෙනව .

මුලින්ම මම පටන් ගත්තෙ සයිබර් අවකාශයේ නිසදැස් ලිවීමෙන්  ලේඛණ කලාවට පිවිසීමෙන්.  2016 වසරෙ මගෙ ප්‍රථම කෘතිය එළිදැක්වූවා. ඔන්ලයින් රේඩියෝවක් වන තානායම්පල රේඩියෝවෙහි වැඩසටහනක් ඉදිරිපත් කිරීම , තිරකතා රචනය සහ සංස්කරණයෙන් දායක වුණා. මම කෙටිකලක් ජනයුගය පුවත්පතෙහි රතුරෝස කලාපයට තීරුලිපි වලින්  දායක වුණා. ඊට අමතරව ලංකාවෙ ප්‍රථම ඔන්ලයින් හොරර් මැගසින් එකක් ආරම්භ කළා .එහි නම ‘මෙරද – ray of light ‘ .. මෙය පොත් ඇප් හරහා කියවීමේ හැකියාව ද ඔබට ඇත.

මේ සියල්ලටම මට ශක්තියක් වුණේ මගෙ එකම සහෝදරයා. තාත්තා නීතිගරුක පුද්ගලයෙක්. ඉතිං නිදහස අඩුයි මට. ඒත් අයියා මාව පූර්ණ විශ්වාස කරන හොඳ සහයෝගයක් දෙන සහෝදරයෙක්. එයාගෙ දැක්ම තමයි කාන්තාවක් වුණත් අනුන්ගෙන් යැපෙන්න හොඳ නෑ . ජීවිතයට තමන් තනියම මුහුණ දෙන්න ඕනෙ කියන එක. එයා ටික ටික මාව ශක්තිමත් කළා. ගෙදරින් එළියට තනියම යන්න බියෙන් හිටපු මාව අද තනියම ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන තරම් ශක්තිමත් කළේ මගෙ සොහොයුරා. කාන්තාවන් දුර්වල නෑ කියන එක අද මම විශ්වාස කරන දෙයක්.

  ඉතිං කාන්තාවන්ට වෙන් වූ සඟරාවක් වන  ලියාරා සඟරාවට මම එකතුවන්නේ  වින්දනාත්මක තීරුවෙන්. මම තමයි ඔයාලට චිත්‍රපට ගේන්නෙ.තව DIY ක්‍රාෆ්ට් සහ ගෙදරදොරේදි වැඩ ලේසි කරගන්න ක්‍රම ගැනත් මම ලියනව. ඉතිං ඔයාලත් නුදුරේදී මුද්‍රණයට නියමිත ලියාරා මාසික සඟරාව සමඟ අත්වැල් බැඳගෙන අපේ ඉදිරි ගමනට දිරියක් වේවි කියල මම හිතනව. ලියන්ගෙන් ලියන්වෙත ‘ ලියාරා’ කාන්තාමය මාසික සඟරාව.
ස්තූතියි ..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *