හර්ෂණී කුමාරගේ

හර්ෂණී කුමාරගේ

මම හර්ෂණී කුමාරගේ ඒ මම විවාහ වෙන්න කලින් මගේ නම. මගේ සැමියා හරිම කැමතී මම එයාගෙ වාසගම පාවිච්චි කරනවට ඉතින් මම ෆේස්බුක් එකේ මගේනම වෙනස් කරා. මේ සගරාව ෆේස්බුක් එක හරහා හදුනගත්ත නිසා මම ලියන්නෙ හර්ෂණී රණසිංහ කියන නමින්.
මමගේ මුල් පවුල ගැන කියනවනම්. අම්මයි තාත්තයි මමයි. පොඩිකාලෙ මම ඉතාම සැපවත් ජීවිතයක් කතකරපු කෙනෙක්. ඒත් කවදාවත් සපත්තු කුට්ටම් දෙකක් මට තිබිල නෑ. එකක් කැඩුනම ඉතා හොද එකක් ලැබුන. මගේ ගවුම් මැහුවෙ මගේ අම්ම. මගේ අම්ම ආදරය උපරිමයෙන් මට දුන්නත් බොරු සෝබන ලෝකෙන් මාව ඈත්කරා. සරල ජීවිතයේ ලස්සන කියල දුන්න. පරිසරයට, මනුශ්‍යත්වයට ආදරය කරන්න ඉගැනුව.මගේ තාත්ත මට හැමදේ ගෙනත් දුන්න.
ඔය අතරෙ අපේ ජීවිත උඩු යටිකුරු උනා මගේ අම්මාත් තාත්තාත් වෙන්වුනා. (නීතියෙන් නොවේ)
මම ඉපදුනාට පසුව රැකියාවෙන් ඉවත් උන මගේ අම්මට කිසිම ආර්ථික ශක්තියක් තිබුනේ නෑ.

ඇය ලමානිවාස පාලිකාවක් ලෙස අලුත් ජීවිතයට මුහුන දීමට සූදානම් වනවිට. මට ඇගේ සහෝදරයන්ගේ නිවෙස්වල නතරවන සිදුවුනා. එය ඉතාම අමිහිරි අතීතයක් . ඒ 1998 මට අවුරුදු 12දී.. අම්ම පුරුදු කල සරල ජීවිතය නිසාම මා මානසිකව ඇදවැටුනේ නැති තරම්‍ ය.

ඊටපසෙ නැවත් ඇය මාව නුවර පවුද්ගලික පාස්ලක හොස්ටල් කර රැකියාව කරගෙන දෙපයින් සිටගන්නට විශාල වෙහෙසක් ගන්නට විය.
උසස්පෙල අවසාන වූ විගසම මාද රැකියාවක් කරන්නට පටන්ගත්තේද ඒනිසාමය.

එකල මා ඉතාම නිදහස් බෝඩින් ජීවිත ගතකල අතර මගේ මවගේ විශ්වාස එලෙසම රැකගත්තෙමි. පාසල් ගුරුවරියක් ලෙස රැකියාව පටන් ගැනීමට පෙරත් රැකියා කිහිපයක්ම කරත්. වරදට හිස නොනමන කෙලින් ගති පැවතුම්, කෙලින් තීරන ගැනීම වගේ දේවල් නිසාම ඒ තැන් මට ගලපගන්නට බැරි වුනා

ඒම්අයි, පෙරපාසල් ඩිප්ලෝමා අවසානයේ මගේම පෙරපාසලක් ඇරබූවේ අනුන් යටතේ වැඩ කිරීමට තිබු අකමැත්ත නිසාමයි.
නමුත් වැඩිදුර අද්‍යාඨනය වෙනුවෙන් ගත් ලැප්ටොප් එක මට ෆේස්බුක් පෙම්වතෙක් සොයාදුන් නිසා. පෙරපාසල අමතක කර විවාහය කර පින්නා ගැනීමට සිදුවිය.
දැන් අප විවාහ වී අවුරුදු 7 පසුවී දරුවන් දෙදෙනකුගේ දෙමාපියන්ද වීඇත.
මේ සගරාවට මා ඉගෙනගත් දේ වගේම මගේ පුතා නවසීලන්තයේ ඔහුගේ පන්තියේ ඉගනගනා දේත් එකතු කරමින් මම පොඩ්නට ක්‍රියාකාරකමක් ලිපිය ඔයාලට ගෙන්නෙ. මම ඉස්කෝලෙ යන කාලෙත් පත්තර වලට ලිපි ලිව්ව් ඒත් කාලයත් එක්කම ඒක මග ඇරුන. අපේ කතෘතුමිය නිසා ආයෙත් ලියන්න පටන්ගත්ත.

ඒ වගේම මගේ පුතාලට කඩකෑම දෙන්න, බර අඩුවෙනවට, වදකරල කෑම කවන්න මම ටිකක් අකමැතී. ඉතින් ඒක නිසා එයාලට ආසහිතෙන විදියට පෝෂණය උපරිමයෙන් තියෙන කෑම හදන්න මම හරිම කැමතී. ඇත්තටම එක එක කෑම හදන එක මගේ විනෝදංශය. ඉතින් එහෙම අපේ ගෙදර අය ආසාවෙන් කන කෑම ජාති තමයි මම ඔයාලට අරන් එන්නෙ.
ඕකතමයි මගේ කතාව.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *