අමතක වීමට පිළියමක්

අමතක වීමට පිළියමක්

මටත් මගේ පවුලේ අයටත් ඉතා විශිෂ්ටගණයේ මතක ශක්තියක් තියනවා.

ඒ මතක ශක්තිය කොයි තරම් බලගතු ද කිව්වොත් අපේ දුව ඉස්කොලේට ඇතුල් කළ මුල්ම කාලේ එයා ගෙදර දාල ගිය homework බඩු , කෑම පෙට්ටි එහෙම දෙන්න school van එක පස්සේ පන්නලා රේස් දුවලා තියනවා හැතැක්ම ගණන්

ඒවගේම සති අන්තයේ එළියට යන එන වෙලාවට ඉතාම පහසුවෙන් කර ගත හැකිව තිබූ දේ අපේ මතක ශක්තියට පින් සිද්ද වෙන්න නිතරම කල් යනවා. laundry එකට දෙන්න තියන ඇඳුම්, return කරන්න තියන library books, මාරු කරන්න අවශ්‍ය ඇඳුම් වගේ බොහෝ දේ අපට අමතක වෙලා තියනව. ගෙදර හැමෝම මදි නොකියන්න මේ ලෙඩේ තියන නිසා මොනව හරි කරන්නම සිද්ද වෙන තත්වයක් ආව.

🤔🤔🤔

අවුරුදු කීපයකට කලින් මම ඒකට හොයා ගත්ත ප්‍රතිකර්ම තමයි අද මම බෙදා ගන්නේ.

1. 
උදේට ඉස්කොලේ යන්න අවශ්‍ය දේවල් ඔක්කෝම list එකකට ගත්ත. 
(දුවටයි පුතාටයි වෙන වෙනම හදපු ඒ list වල photos මම දාල තියෙන්නේ). හවසට ඒකට අනුව බබාල සියලු දේ සූදානම් කරනවා. මට එකින් එක මතක් කරන්න අවශ්‍ය නැහැ. ( සමහර වෙලාවල ඉතිං පොඩි සද්දයක් දාන්න ඕනේ ඒක පටන් ගන්න. ඒත් list එක නිසා එයාලට guideline එකක් තියනව)

2.

ඒ වගේම පොඩ්ඩෝ අරන් එළියට ගියාම, trip එහෙම ගියාම නොසිතූ අකරතැබ්බයන්ට මුහුණ පාන්න වෙන අවස්ථා එමට ඇති වෙන නිසා ඒවට නිතරම සූදානමක් තියෙන්නත් ඕනේ.

🚗ඒ නිසා මම Car basket එකක් හැදුව පොඩ්ඩෝ අරන් අපි එළියට යද්දී අපට නිතර අවශ්‍ය වෙන සියලු දේ දාල.

🚗වතුර, biscuits, paper services, disposable toilet seat covers,toilet paper roll, wet wipes, hand sanitizer, කුඩ, bottle warmer, caps, shopping bag etc එකී මෙකී නොකී හැමදේම එක තැන.

💼මේ basket එකත් එක්ක අපි පුංචි bag එකක් ගෙනියනව චූටි පුතාට එක toy එකකුයි අනිත් දෙන්නට, පොත් colour pencils සහ කොළ ටිකකුයි. ගමනක් ගිය වෙලාවක අනවශ්‍ය රස්තියාදුවීමක් වෙලා කල් මරන්න වෙන වෙලාවක බබාල කෙඳිරිගාන්න පටන් ගන්න කලින් ඉක්මනින් මේක දෙනව. ඒක දුන්න ගමන් මෙලෝ සිහියක් නැතුව එයාල වැඩ.

3. 
🎒තව එක Car bag එකක් හැදුව අපට අවශ්‍ය ඇඳුම් set එක බැගින් තුවායකුත් එක්ක. හදිසියේ කාට හරි අසනීප වුණත් අපට මගදි හිතක් පහළ වෙලා beach එක පැත්තට ගියත් අපට මේ bag එක ඉතාම ප්‍රයෝජනවත්. ඒකේ පොඩි first aid kit එකකුත් තියනව. (Photos වල තියන රතු පාට case එක)

4. 
අවසාන වශයෙන්

ගෙදර පිටවෙන දොරට ආසන්නයේ තැනක් හැදුව ගෙදරින් එළියට යන්න තියන බඩු වලට.

සාලයේ තියන farm house / cottage style ලී බඩු වලට කිසිසේත්ම ගැලපෙන්නේ නැති ප්ලාස්ටික් බඩුවක් වුණත් මේක හරිම ලොකු හිසරදයක් මගේ ඔළුවෙන් අයින් කළා. ඒ නිසා මම තවම තියාගෙන ඉන්නව.

ඒකට ලාච්චු තුනක් තියනව.

උඩින් ලොකු වේවැල් basket එකක් තියනව. රෑට නිදා ගන්න කලින් පහුවදාට ගෙනියන බඩු සූදානම් කරද්දී අනිවාර්යයෙන් ම ඒව මෙතැන තමයි තියන්නේ.

ඒ basket එකේ තියනව Reminders වලට තැනකුත්. පොඩි white board එකක්. උදේට බබාලට සමහර දාට ගෙනියන්න තියන දේ එතන ලියනව. අමතක වීම් අවම කරන්න පුළුවන් හැම දේම කරල තියෙන්නේ ඉතිං.

ඊට අමතරව බබාල ලෙඩ එහෙම වුණාම පහුවදා උදේට ඉස්කොලේ යන්න කලින් දෙන්න තියන බෙහෙත් ටිකත් මෙතන තියල නිදා ගන්නව උදේට අමතක වෙනවට.

ඉතිං ලාච්චු තුනේ දැම්මේ මොනවද ?

පළවෙනි ලාච්චුව

Lunch boxes ඔතන්න ඕනේ cloth napkins , 
ලේන්සු, බබාල ඉස්කොලේ දාන මේස් කුට්ටම් ( එයාල සපත්තු දාන්නේ සාලේ ඉඳගෙන)හැමදේම මේකේ තමයි තියන්නේ. 
කෙටියෙන් කිව්වොත් උදේට අන්තිම මොහොතේ අවශ්‍ය වෙන හැම දේම මෙතන.

දෙවෙනි ලාච්චුව.

Raincoat, කුඩ සහ උදේට අවශ්‍ය වෙන තවත් අඩුම කුඩුම

තුන්වෙනි ලාච්චුව

වෙනත් ගෙවල් වලට return කරන්න තියන භාජන සහ ගෙදරින් එළියට යවන්න තියන සියලුම අනෙක් දේ. එතකොට ගෙදර දොරෙන් පිටවෙලා එළියට යන්න කලින් මේක ඇරල බලන්න විතරයි ඕනේ. බලපු ගමන් මතක් වෙනවනේ යනකොට අවශ්‍ය දේ.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඉතිං අවසාන වශයෙන් මතක් කරමු අමතක වීම් අවම කරන්න කළ හැකි දේ තුනක්

👍පාසල් යද්දී ගෙනියන දේ , ගමන් යද්දී ගෙනියන දේ ලැයිස්තුවක් තියා ගන්න.

👍නිතරම අවශ්‍ය වෙන දේ pack කරල සූදානම් කර තැබීම. හදිසියේ අරගෙන දුවන්න මේක හරිම පහසුයි. Car basket එක හැම දේම පහසු කරනව.

👍ගෙදරින් එළියට යවන්න අවශ්‍ය බඩු වලට තැනකුත් හදන්න. කාගෙන් හරි ඉල්ල ගත්ත දෙයක් return කරන්න අමතක වෙනවට මේ වගේ තැනක් තියනව නම් හොඳයි.

මේ ප්‍රතිකර්ම අපේ පවුලේ අමතක වීමේ රෝගය බොහෝ දුරට සුව කළා. ඔයාලත් කරල බලන්න.

කමනි සිරිවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *