චීනෙන් ලංකාවට ආ ඩම්ප්ලිංග්ස්

චීනෙන් ලංකාවට ආ ඩම්ප්ලිංග්ස්

හැමදාම ශ්‍රී ලංකන් ස්ටයිල් එකට කෑම කාලා අද වෙනස් රසයක දෙයක් රස විදිමුද.

චයිනීස් කෑමක්! 🇨🇳🈯️🈚️🈶🈷️🈺🈸

Dumplings ~ ඩම්ප්ලිංග්ස්🥟🥢🥣

හැබැයි චයිනීස් රසය දිවට ඒ විදිහටම දැනෙන්න නම් ඒ අමුද්‍රව්‍යය ඒ විදිහටම යොදාගන්න ඕනි.
ආදේශක යොදාගෙන බැහැ.

🎋ඩම්ප්ලිංග් කියන්නේ පාන් පිටි වලන් හදපු දවටනයක මැදට කැමති මස් මාලු එළවලු පිරවුමක් දාලා කවර් කර,ස්ටීම් කර හෝ උණු වතුරේ තම්බා හෝ තෙල් ස්වල්පයක් දමා බැද ගෙන ඩම්ප්ලිංග් වලටම ⁣සැකසූ සෝස් වර්ගයක් තවරා කටේ පුරවාගෙන රස කරමින් කන්න පුලුවන් දෙයක්😄

❤️මුලින්ම ඩම්ප්ලිං ෂීට් සාදාගමු☣️☣️☣️

සැකසූ ෂීට් ගන්නත් තියෙනවා.ඒත් පහසුවෙන් ගෙදර හදාගැනීමට පුලුවන්.
පාන් පිටි කෝප්පයක් බාජනයට දමා ලුණු තේ හැදි කාලක් පමණ,බේකිං පවුඩර් තේ හැදි කාලක්(අවශ්‍යම නැත)
දමා මද රස්නේ උනු වතුර ටික ටික දමා අතේ නොඇලෙන ඩෝ එකක් අනා ගන්න.
විනාඩි 5ක් පමණ අනන්න.පියනකින් වසා පැය භාගයක් පමණ තබන්න.
ඉන්පසු ඩෝ එක ගෙන දිගට රෝල් කර ලෑල්ලට පිටි ටිකක් ඉස 
දිග රෝල කොටස් වලට කපාගන්න.
මම නම් කොටස් 12 ක් විතර කැපුවා.
දැන් රෝලිං පින් එකකින් මෙම කොටස් රවුමට තුනී කරගන්න.
රවුම් පපඩම් තියෙන්නේ🌝අන්න ඒ වගේ.
පිටි ඉසිමින් සියල්ල තුනී කර පසෙකින් තබාගන්න.

❤️දැන් පිරවුම හදමු🥘

කොටු කපාගත් හෝ අඹරාගත් චිකන් ටිකකට චයිනීස් කරි පවුඩර්(සුපිරි වෙළදසරල් වල ගන්න තියෙනවා) ටිකක් ,ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් දමාගන්න.
තෙල් මේස හැන්දක් තාච්චියට දමා බේ කොළ දෙකක් 🍃දමා (මෙයත් සුපිරි වෙලද සැල් වල වියලි පැකට් විදිහට ගන්න තියෙනවා.රැ.80 වගෙ වෙන්නෙ)
චොප් කරගත් සුදුලූණු දමා චිකන් ටික දමා තරමක් බැදගන්න.
දැන් කපාගත් අමු මිරිස් කැරට් ගෝවා එක් කරන්න.
දෙහි යුෂ ටිකක් සීනි ස්වල්පයක් එක්කර ලිපෙන් බාන්න.

දැන් කලින් සකසා ගත් ඩම්ප්ලිං ෂීට් එකක් ⁣අත්ලට ගෙන වාටියට වතුර හෝ දියකරගත් පාන්පිටි තවරාගන්න.
සකසා ගත් මිශ්රණය තේ හැන්දකින් ෂීට් එක මැදට තබන්න.
ඉන්පසු වාටි වලින් රැලි තබමින් අලවා ගන්න.
විවිධ හැඩ වලට අලවා ගන්න පුලුවන්.
පොඩි අය උනුත් එකතුකරගෙන හදන්න පුලුවන්.
තුන් මුලස් ආකාරයට,රවුම් පොට්ටනියක් ආකාරයට,පැටිස් එකක හැඩයට.

දැන් ස්ටීමරයේ තබා විනාඩි 10 ක් පමණ ස්ටීම් කරගන්න.
නැත්නම් නටන උනුවතුරට දමා විනාඩි 5-10 තම්බා ගන්න.
ස්ටීම් කරගන්න එක හොදයි එතකොට වතුර උරන්නේ නැහැ

❤️දැන් ඩම්ප්ලිංග්ස් කන්න ⁣රසවත් සෝස් එකක් හදමු.
Dumpling dipping sauce🥣

සෝයා සෝස් තේ හැදි 3 ක්
විනාකිරි තේ හැන්දක්
තල තෙල් තේ හැන්දක්
සීනි තේ හැදි බාගයක්
කොටු කපපු රතු ලූණු ගෙඩි 2 ක්

සියල්ල පොඩි බදුනක කලවම් කරන්න.

දැන් ඩම්ප්ලිං වලට සෝස් එක වත්කර රස විදින්න.
මේ සෝස් එක හරිම රසයි.
මම කලින් වතාවල ඩම්ප්ලිං කෑවේ තක්කාලි සෝස් එක්ක.ඒත් ඒකට වඩා ගැලපෙනම සෝස් එක තමයි මේ ඩම්ප්ලිංග් ඩිපිං සෝස් එක.
හිත හිත ඉන්නේ නැතිව පොඩි සෝයා සෝස් බෝතලයක්, පොඩි තල තෙල් බෝතලයක් ගෙදර ඇරන් යන්න.සෝයා සෝස් එකතු කරගෙන විවිධ කෑම රසගන්වන්න පුලුවන්.

එක වතාවක් හැදුවොත් ආයෙ හදාවී.ටක් ගාලා හදාගන්නත් පුලුවන්නේ.රෙසිපි එක දිගට තිබුනට පැයක්වත් නොයා හදාගන්න පුලුවනි.මම මේ හදපු තුන්වෙනි වතාව😃👌🏻

චමීරා පතිනායක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *