පුද්ගල සියදිවි නසා ගැනීම හා ලාංකේය සමාජය.

පුද්ගල සියදිවි නසා ගැනීම හා ලාංකේය සමාජය.

සියලු සත්ත්වයෝ වේදනා විදීමට අකැමැතිය.මරණයට බියය.

ඉතින් එසේ නම් පුද්ගලයන් සිය දිවි නසා ගන්නේ ඇයි?

පුද්ගල සිය දිවි නසා ගැනීමකට හේතුව සිදුවීම් රාශියක ප්‍රතිඵලයක් මිස හුදෙක් හුදෙකලා සිද්ධියක අවසාන ප්‍රතිඵලය නොවේ. එය හීන පෞරුෂත්වයක ලක්ෂණයක් ද දිගු කාලීන සායනික විශාදයේ ප්රතිඵලයක් ද විය හැකිය.

සිග්මන්ඩ් ප්රොයිඩ් නැමැති මනෝවිද්යාඥයාට අනුව අප තුළ ආශයන් වර්ග දෙකක් වේ.එනම් ජීවන ආශය හා මරණ ආශයයි. ජීවන ආශය තුළ පුද්ගලයා ජීවිතය පිළිබඳ ධනාත්මක ආකල්ප ඇති කර ගන්නා අතර මරණ ආශය තුළ ඇත්තේ විනාශකාරී සිතුවිලිය. සිය දිවි නසා ගැනීම යනු අප තුළ බල පැවැත්වෙන මරණ ආශයේ ම එක්තරා මුහුණුවරකි.

එමිල් ඩර්කයිම් නැමැති සමාජ විද්යාඥයාට අනුව පුද්ගලයින් තමා වෙනුවෙන් පමණක් ම නොව ආගම හා සමාජයේ බහුතරයක් තෘප්තිමත් කිරීම සඳහා ද සිය දිවි නසා ගැනීමට පෙලඹෙති. කෙසේ නමුදු කිසිවෙකු හුදෙක් සිය කැමැත්තෙන් ම සිය දිවි නසා ගන්නේ නැත. පුද්ගලයෙකුට එසේ සිය දිවි තොර කර ගැනීමට හේතු,අවස්ථාවන් හා උත්තේජනයන් සපයා දෙන්නේ සමාජය විසින්මය. එමඟින් පුද්ගලයා තුළ නිධන්ගත මරණ ආශය අවදි කරවනු ලබයි.

එසේ නම් සිය දිවි නසා ගැනීම මනුෂ්ය ඝාතනයකි.එසේ සිදු වන මරණයකට වරදකරුවන් විය යුත්තේ අපමය.

ඔබ මා සමඟ කොතෙක් දුරට එකග වන්නේදැයි නොදනිමි.මා මෙහිදී උත්සාහ කරනුයේ එකී ප්‍රස්තුතය පිළිබඳව ලාංකේය සමාජය ඇසුරින් විග්‍රහයක යෙදෙන්නටය.

පොදු ප්රවාහනය, නිදහස් අධ්‍යාපනය හා වගකීම් සහගත මාධ්ය භාවිතාව යනු යම් රටක ජීවත් වන ජනතාවගේ මානසික සෞඛ්ය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන ම සාධක තුනකි.
එහෙත් දුම්රියෙන් වැටී මිනිසුන් මැරෙන, පා පුවරුවෙන් වැටී ගැබිණි මව්වරුන් මිය යන,හදිසියේ රියදුරන් වැඩ වර්ජනය කරන, තැලී පොඩි වී මගීන් නිතර යන එන,මාර්ග තදබදය,වායු දූෂණය හා ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යන රටක පොදු ප්‍රවාහනය යනු පුද්ගල මානසික අවපීඩනය හා මානසික ආතතිය ඉතා ම ඉහළ නංවන්නකි. එමෙන් ම තමන්ට කිසිසේත් ම අවශ්ය නොවන ගායන,රංගන හා නොයෙක් දුක් ගැනවිලිවලින් බස් හා දුම්රිය පිරී ගොස් ඇති අතර එමඟින් ද සෘජුව හා වක්‍රව පුද්ගල මානසික යහපැවැත්ම බිද දමනු ලබයි.

අමාලි අලකොලංග

.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *