හැඩට අඳින්න ඔබේ හැඩය දැනගන්න

හැඩට අඳින්න ඔබේ හැඩය දැනගන්න

අද අපි කතා කරන්න යන්නේ විවිධ ශරීර හැඩයන් ගැන. අපි දන්නවා අපි හැමෝගෙම ශරීරයන් එක වගේ පිහිටන්නේ නැහැ කියලා. අපි සමහර විට ඇඳුම් අඳින sizes සමාන වෙන්න පුළුවන් නමුත් ශරීර හැඩයන් වෙනස්. ඒ වගේම අපි වයසින් වැඩි වෙනකොට උණත් අපේ ශරීර වල හැඩය වෙනස් වෙනවා. අපි කලින් කතා කලානේ සමේ පාටට ගැළපෙන්න ඇඳුම් තෝරාගන්නේ කොහොමද කියලා. අපි අද බලමු ශරීරයේ නියම හැඩයට අනුව ඇඳුම් තෝරගන්නේ කොහොමද ඒ වගේම ශරීරයේ හැඩයන් අපි අඳුරන්නේ කොහොමද කියලා.

ඔබේ ශරීරයේ හැඩය හරියටම අඳුරගන්න කලින් ඔබ ඔබේ උරහිස්, පපුව, ඉණ සහ උකුල යන ස්ථාන මැන ගන්න ඕනෙ. එතකොට ඔබට යම් අවබෝධයක් ලැබෙනවා ඔබේ සිරුරේ උස් පහත් ස්ථාන මොනවාද කියලා. එම උස් පහත් ස්ථාන අනුව තමයි සිරුරේ හැඩය මොකද්ද කියලා තීරණය වෙන්නේ.

ප්‍රධාන වශයෙන් මේ විදියට වෙන් කරන්න පුළුවන් සිරුරු හැඩ 4ක් තියෙනවා.

  1. ඇපල් හැඩයේ සිරුර.
  2. පෙයාර්ස් හැඩයේ සිරුර
  3. කොටු හැඩයේ සිරුර

4. පෑ තැටිය හැඩයේ සිරුර

අපි අද කතා කරමු මෙයින් පළමු වන හැඩය ගැන

1. ඇපල් හැඩයේ සිරුර.

පළල් උරහිස් ඇති ඉණ සහ පපුව ප්‍රදේශය මහත උකුල උරහිස් වලට සාපේක්ශව පළලින් අඩු කාන්තාවන් ඇපල් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන් ලෙස හඳුන්වන්න පුළුවන්.. ඔබේ උරහිස් පළල් නම් සහ උරහිස තරමක් පහත් වූ ස්වභාවයක් ගන්නවා නම් ඔබේ සිරුරේ වැඩි බර ප්‍රමානයක් ඇත්තෙ ඉණෙන් ඉහල කොටසේයි. මේ හැඩයේ කාන්තාවන්ගේ කකුල් ශරීරයේ ඉණෙන් ඉහල කොටසට සාපේක්ශව කෙට්ටුයි.

මෙන්න මේවා තමයි ඔබට ගැලපෙන ඇඳුම්

ඔබේ සිරුරේ ඉණෙන් ඉහල කොටසට හැම විටම වැඩි අවධානයක් යොමු වන නිසා ඔබ අනිවාර්යයෙන් හොඳින් ගැලපෙන බ්‍රා එකක් ඇඳිය යුතුයි. අපි දන්නවා අපි අඳින යට ඇඳුම් වලට පුළුවන් ශරීරයට ලස්සන හැඩයක් එහෙම නැත්නම් අපි කියනවා හොඳ ස්ට්‍රක්චර් එකක් දෙන්න. ඒ නිසා අපි තෝරාගන්න යට ඇඳුම් වල ස්වභාවයත් වැදගත් වෙනවා. ඇපල් හැඩයේ සිරුරකට ඔබත් හිමිකම් කියනවා නම් ඔබ ඇඳුම් තෝරාගැනීමේ දී පපුවට පහලින් තරමක් සිහින් හැඩයක් ඇති සහ එතනින් පහල තරමක් ලූස් බ්ලවුස් තෝරාගන්න. එය ඔබේ මහත උදරය තරමක් සඟවා තබන්න උදව්වක් වේවි.
ඒ වගේම V කර සහිත ඇඳුම් වලට වැඩි අවධානයක් දෙන්න.

ඔබේ සිරුරේ හැඩය අනුව ස්වභාවයෙන්ම තරමක් විශාල පපු ප්‍රදේශයක් ඔබට හිමි නිසා ඊට අවධානයක් යොමු නොවෙන්න මේ ක්‍රමය සුදුසුයි.
ඔබට මුද්‍රිත රෙදි වලින් මහපු ඇඳුම් වඩාත් ගැළපෙනවා. අපි කියනවා printed garments කියලා. ඒ වගේම කලිසම් අඳිනවා නම් බ්ලව්ස් එක හෝ ටොප් එක හිප් එකට එහෙමත් නැත්නම් උකුල් ඇටය තෙක් දිග ඒවා ගන්නත් අමතක කරන්න එපා.තරමක් දිග සහ රැලි සහිත අත් තියෙන බ්ලව්ස් ඔබේ උදරයට ඇති අවධානය ඉවත් කරන්න උදව්වක් වෙනවා.

ඉතින් තවත් හැඩ ගැන අරගෙන ඉදිරි මාසයේ එන බලාපොරොත්තුවෙන් අදට නවතිනවා.

දිලිනි ඇලපාත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *